Saturday, December 22, 2012

නොමළ පෙම්වතුන් ( Voice file එකත් සමගින් )









ජීවිතය කියන්නේ විරල හීනයක්. හුදු මනුෂ්‍ය කොට්ඨාසයක පුරුකක් ලෙස ඉපිද තමන් දකින ඒ විරල හීනයෙන් බලෙන් පිබිදෙන්න උත්සාහ කරනවා නම්..........ඒකට සමාවක් නැහැ. ජීවිතය ඔහේ සැඟවිලා යාවී. ....වේදනාවෙන් ඉකි ගසාවී......අහිමි වෙච්ච හීනය සිහිපත් කරමින්.......හැමදාමත්!


ඒ ගුප්ත තැන්න එදා වෙනදාටත් වඩා නිහඬව තියෙන්නැති. ලා හිරු එළිය පවා විටක, මීදුම් තීරය විසින් සඟවාගෙන, එක මොහොතකට මුළු තැන්න පුරා ජීවිත නිෂ්ක්‍රීය කරන්නැති. තැන්නට ඇතුල්වීමේ දොරටුව ළඟදි  එකට වෙලුණු ඔවුන්ගේ අතැඟිලි ලෝකාන්තයේ පීඨිකාව මත දී වුණත් ලිහී ගියේ නැහැ. ඒ වෙනුවට ඒ දෑත් තව තවත් තදින් වෙලුණේ ඊළඟ මොහොත ගැන හිත පුරා හමාගිය කුණාටු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න හිතා ගෙන වෙන්නැති. සත්තයි..........උන්ගේ ආත්ම ගැහෙමින් තියෙන්නැති.


දවසක ඔබ ගිහින් ඇත්නම් , ඔබට මතක ඇති හෝර්ටන් තැන්නේ එක සුන්දර ඉසව්වක පිහිටි ලෝකාන්තය අභියස ඒ පීඨිකාව. ඔබත් ඒ වේදිකාව මත සිටගෙන මීදුමෙන් වැහුණු ගැඹුරු ප්‍රපාතය දිහා බලාන ඉන්න ඇති. ඔව්.......ඔවුන් දෙදෙනාත් ඒ විදිහටම හිටියා - වෙලාව එනතුරු.

මහනුවර පැත්තේ පුංචි ගම්මානයක ආදරණීයයන් දෙදෙනෙක් විදිහට බැඳුණත් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධා තිබුණා. තර්ජන, බලකිරීම්, නොයෙකුත් වේදනාත්මක සිදුවීම් මැද තමන්ට කිසිදාක එක් වෙන්න ඉඩ නොලැබෙන බව දැනුණු නිසාමදෝ ඔවුන් එළඹුණේ ඒ අවාසනාවන්ත තීරණයට. දුක හදවත් වල පුරවාගෙන, ආදරය මරණයේ සදාකාලික බැම්ම්මෙන් හිර කරගෙන ඔවුන් තීරණය කර තිබුණේ ඒ හීතල මීදුම අතරේ හැමදාටම අතුරුදහන් වෙන්න.


ආයෙමත් වතාවක් පීඨිකාව මත වුන් අයට ඇහුණේ හොර්ටන් තැන්න හරහා ඇදී ගිය මාරුතයේ අඳෝනාව. ඒත් බෑවුමේ පහළ මීදුම අත වනන්න වුණේ ඔවුන් දෙදෙනාට විතරයි.

හදවත්වල ගැස්ම එන්න එන්නම වැඩිවුණා. එකට බැඳුණු අතැඟිලි තව තවත් තදින් වෙලුණේ මරණයටවත් වෙන් කරන්න බැරි විදිහට. නෙත් පුරා තවරගත් ආදරයෙන් අවසන් වතාවටත් එකිනෙකා දිහා බලාගත් ඔවුන්, ඊළඟ මොහොතේ පීඨිකාව මතින් ප්‍රපාතයේ මීදුම අතරේ අතුරුදහන් වුණා. ප්‍රපාතය මුදුණේ වුන් අය නෙත් විවර කර මුව අයා සිටින විට ඔවුන් දෙදෙනා තත්පර ගණනකට ශරීරය පුරා තැවරුණු හීතල හුළඟින් පෙනහළු පුරවා ගන්න ඇති - අවසන් වතාවට.

භෞතික ලෝකය නිහඬ වුණා - ඒ ඔවුන්ගේ ආත්මයන්ට නිදහසේ සැරිසරන්න අවකාශ සලසමින්.


දින කිහිපයකට පස්සේ ඔවුන්ගේ සිරුරු ලෝකාන්තය පහළ වනාන්තරයෙන් සොයන්න දරන්න වුණේ අපමණ වෙහෙසක්. ඒ සඳහාම විශේෂයෙන් සැකසුණු කණ්ඩායමට විවිධ දුෂ්කර ඉසව් තරණය කරන්න සිදුවෙලා තිබුණා.



සියදිවි නසාගත්තවුන්ගේ සිරුරු සොයමින් ඇවිදින විට කණ්ඩායමට මුහුණ දීමට සිදුවුණේ කිසිදාක නොලද අත්දැකීමකට.

මුලින්ම වනාන්තරයේ අඩ අන්ධකාරය තුළින් ගලා ආවේ සිනා හඬක්. ඒ සිනහව නිසැකවම ඇගේ. ඒ හඬ ඔස්සේ ඇදුණු කණ්ඩායමට දකින්න ලැබුණේ රූස්ස ගසක් පාමුල හිඳ සිටින යුවළක්. යුවතිය හිටියේ ඔහුගේ උරහිසට හිස තබාගෙන. ඔවුන් සිටියේ........අතාත්වික ලෝකයක තාත්වික ආදරයක් ලබමින්.ඒ අස්වාභාවික මුහුණුවල ලියැවිලා තිබුණේ ආදරය විතරමයි. ඔවුන් දෙදෙනා මෙලොව නොලද පෙම් සුවයක් නිදහසේ විඳිමින් සිටියා - මළවුන්ගේ ලෝකය තුළදී.




අතීරණයෙන් වුවත් කණ්ඩායම ඔවුන්ට ආසන්න වන විට ඒ රූපකායන් අතුරුදහන් වී තිබුණා. ඒ වෙනුවට දකින්න ලැබුණේ ගස පාමුල තැන්පත් වෙලා තිබුණු ඔහුගේ බිඳුණු සිරුර. ඇගේ ශරීරය තිබුණේ රූස්ස ගසේ ඉහළ අතු අතරේ සිරවෙලා. ඔවුන් යන්න ගිහින් තිබුණා - හැමදාටම.


හෝර්ටන් තැන්න තවමත් මීදුමෙන් වැහෙනවා. අඳුරු අහුමුළුවල වුණත් ලස්සනට මල් පිපෙනවා. බේකස් ඇල්ල නිහඬවම ගලා බැස්සත් ඔවුන් දෙදෙනා යන්න ගිහින්.

ඒත් තවමත් සමහර දවසක හිරිකඩ වැහි හුළඟ එක්ක මුසුවෙලා ඇගේ කිකිණි සිනා හඬ පහළ ගම්මානයට ඇහෙනවලු - ඔවුන් දෙදෙදා තවමත් පෙම් කරන ඒ පාළු ඉසව්වේ සිට.......








39 comments:

  1. අද නම් ටිකක් තදට වැදුනා කොල්ලෝ.. වෙලාව හින්දා වෙන්නැති.. අනිත් එක අද අපේ මහත්තයත් මෙතනට වෙලා මේක ඇහුවා...... ( මියුසික් එක මුද හරියේ ෂේප්.. ඒත් මැදට වෙද්දි ප්‍රීතිමත් වැඩියි වගේ...)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු අක්කේ.අදත් එක වෙලා.ඔව්.......ගැළපෙන back ground music files හොයන්න හරි අමාරුයි.ඊළඟ වතාවෙදිවත් බලමු.එයාලා ඩොලර් ඉල්ලනවනේ හොඳ files වලට.

      Delete
  2. මාරයි මචන් ... මේ පාර පොස්ටුවට ගොඩක් කල් ගත්තා.
    ආයේ කියනවා හැමදාමත් වගේ නියමයි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානක.ඔව්...මේ දවස්වල ලියන්න වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.

      Delete
  3. ඔය ලෝකාන්තෙන් පනින උන් පනින්නෙ නෑ ඔය මිනී හොයාගන්න අසළ ගම්වාසීන් විදින්න ඕනෙ වද වේදනා දන්නවා නම්... පහළ ගම් වල පානීය ජල අවශ්‍යතා සපුරාලන මූලාශ්‍ර‍ තියෙන නිසා සිරුරු කොටස් බෑවුම් සහිත භූමිය තුල කෙසේ හෝ සොයාගන්න ඕනෙ... එවා හොයාගන්නවට වඩා අමාරුයි උඩට අරන් එන එක... ගස් අතු වල වැදි වැදී වැටෙන නිසා කෑලි කෑලි වලට කැඩුනු සිරුරක්ලු අන්තිමට ඉතුරු වෙන්නෙ...

    ලියවිල්ල සුපිරියි....

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත කතාවක් සිරා. මුන්ට පනින්න වෙන තැනක් නැතුවද මන්දා මේ වගේ තැනකින් පනින්නේ. ඒකේ කට්ට පහළ වතුවල ජනතාවටම තමා

      Delete
    2. ඔව් මචං.මමත් ඒ කතාව අහලා තියනවා. මිනී අරගෙන එන්නම වෙනම කණ්ඩායමක් ඉන්නව.සැලකිය යුතු මුදලකුත් ඒකටම ගෙවන්න ඕනලු. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  4. මුල ටික නම් සුපිරි අය්යා...එත් මැද්දට එන්න එන්න ෆුල් හැප් මූඩ් එකක් දෙනවනෙ මියුසික් එකෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි,මමත් එකඟයි .හොඳ back ground file එකක් හොයා ගන්න අමාරුයි.දෙක තුනක්ම කරලා බලලා තමයි ඕකත් දැම්මේ.ඒකත් අවුල් වගේ.කොහොම වුණත් මේ පැත්තේ ආවාට බොහොම ස්තූතියි!

      Delete
  5. මරණයෙනුත් වෙන් කරන්න බැරි උන ආදරය.. ඔවුන් අද නිදහසේ සතුටින් ඇති..

    උපරිමයි මලයා.. මේවා ලියන්න කල් වේලා යන බව දන්නවා.. ඒත් අපි තව එකක් ඉක්මනින් එනකම් බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව්......දිනේෂ් අයියා විතරක් වෙනස් විදිහට හිතලා.එයාලට අනුකම්පා කරලා. ඒක තමයි අයියේ.වෙලාව ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි. ඊළඟ එක පුළුවන් ඉක්මනට දාන්නම්...

      Delete
  6. නියමයි මචන් මාත් ලගදි ඉදන් කියවන්න ගත්තේ වෙනදා වගේම කථාව හොදයි !!
    ඊලග එකත් කියවන්න ආසවෙන් බලගෙන ඉන්නවා එල මචන් !! Well DONE BRO !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොහාන්.සාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා.ආයෙමත් එන්නකෝ....:D

      Delete
  7. සුපිරියි .... අපුරු නිර්මානයක් ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සචිත්...

      Delete
  8. අපූර්වම ලියැවිල්ලක්....ඉතාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්...හැමදාම ඔබේ වචන මාව දිරිමත් කරනවා. ආයෙමත් එන්න.

      Delete
  9. අද නම් බය හිතුනේ නෑ ..දුක හිතුණා ..පව් අනේ ..ආදරේ වෙනුවෙන් ජීවිතේ පුජකරලා :(

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි එහෙම අහන්නත්..ඔයාලා හැමදාම බයවෙන කට්ටියනේ...හි හි හි.

      Delete
  10. මිනී හොයන්න යන්න ඕන...බලන්ගොඩින්ලු. නන්පේරියල් වතුයායෙ ඉහල කොටසට තමා වැටෙනවා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් වී......මැරෙන්න ඔයිට වඩා හොඳ methods කොච්චර තියනවද? බොහොම ස්තූතියි ආවට...

      Delete
  11. එක් වෙන්න බැරි ආදරයේ අවසානය මරණය කියන දේ නෙවෙයි කියන දේ ආදරවන්තයන්ට තේරුම් ගන්න බැරිනම් එතන තියෙන්නේ මුලාවක්. ආදරය දිනාගන්න ගොඩාක් ක්‍රම තියෙනවා.. ඒත් මරණය ඒකට විසදුමක් විදිහට මම නං කීයටවත් අනුමත කරන්නේ නෑ..
    ඔය වගේ සිදුවීම් ගැන නං මමත් අහල තියෙනවා.. නන්පෙරියල් පැත්තෙ උඩ හරියෙද මේ කියන සිද්ධිය උනේ???

    ReplyDelete
    Replies
    1. එකඟයි....එක එක්කෙනාගේ මානසික තත්වයන් තමයි.ඔව්....නන්පේරියල් වත්තේ උඩ කොටසේ වෙනම සීමාවකටලු වැටෙන්නේ.බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  12. අදත් නිර්මාණය අනර්ගයි ...විශේෂයෙන්ම ඔබේ හඬ , පද භාවිතය ඉහළයි ....ත්‍රාසය කියන රසය නියම විදියට දැනෙන ඕඩියෝවක් ..ඔබේ හැකියාවන් තව තවත් දියුණු වේවායි පතමි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්.හැමදාම ඔබේ කමෙන්ට් එක මට ගෙන දෙන්නේ ශක්තියක්..

      Delete
  13. මෝඩයො දෙන්නෙක්...

    ලිව්ල්ල එල ඈ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාතන් අයියේ....

      Delete
  14. නියමයි නියමයි.... සිරාවට audio එක හදලා තියෙනවා.. නිවේදන කුසලතාවය තියෙනවා වගේ පෙන්නුම් කරනවා. :p :p

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළුවේ...නිවේදන කුසලතාවය? හි හි ..මම කවදාවත් කවුරුවත් ඉදිරියේ සින්දුවක්වත් කියපු නැති කෙනෙක්.

      Delete
  15. //හෝර්ටන් තැන්න තවමත් මීදුමෙන් වැහෙනවා. අඳුරු අහුමුළුවල වුණත් ලස්සනට මල් පිපෙනවා. බේකස් ඇල්ල නිහඬවම ගලා බැස්සත් ඔවුන් දෙදෙනා යන්න ගිහින්.

    ඒත් තවමත් සමහර දවසක හිරිකඩ වැහි හුළඟ එක්ක මුසුවෙලා ඇගේ කිකිණි සිනා හඬ පහළ ගම්මානයට ඇහෙනවලු - ඔවුන් දෙදෙදා තවමත් පෙම් කරන ඒ පාළු ඉසව්වේ සිට.......//

    ඒ ටික බොහොම ලස්සනට ලියලා තියෙනවා.
    දක්ෂ ලේඛකයෙක්නේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි rain girl...මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  16. ලඟදි 11 වසරේ පොඩි එවුන් දෙන්නෙක් ගෙදරින් කේස් දැම්ම කියල කෝච්චියට පැන්න කතාව අහන්න ඇතිනේ........

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අහන්න නම් ලැබුණේ නෑ....මේ වගේම පලහිලව්වක්ද?

      Delete
  17. කලින් කමෙන්ට් එකට සොලි වෙන්ඩෝ.............පහුගිය පෝස්ට් ටික සේරම එකට බලන ගමන් හිටියේ.........:/

    අනේ මටත් එහෙම වෙන්ඩ තිබ්බනම්.....ඒත් පින නෑනේ.....:‘(

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවරවෙලා අග්නි ආයෙත් ඇවිත්..දැන් ඉතින් අමතක වුණු දේවල් ආයෙමත් මතක් කරගමු නේද?


      ඔය පිස්සු කතා විතරක් කියන්න එපා. සන්තෝසයෙන් ඉන්න හලෝ....

      Delete
  18. ම්... නිමය ලිවිල්ලක්... මරු....

    ReplyDelete
  19. අදත් නියමයි ගොඩාක් කලකින් කියවන්න ආවේ....

    ReplyDelete