Sunday, December 2, 2012

දහතුන් වෙනි සැතපුම් කණුව (මළවුන්ගේ අඳෝනා 2 - voice file එකත් එක්ක)


නිදාගෙන ඉන්න මළවුන් කූද්දන්න නම් යාමයට උවමනාවක් නැහැ. ඒත්.......... මුළු ලෝකයටම හොරෙන් ජීවිතය අඩි හතරක් පොළොව යට වළලා, මළවුන් බවට පත් කළවුන්ගේ වේදනාත්මක අඳෝනාවන් ඔබ ඉදිරියේ දිග හරින්නට නම් යාමයේ කිසිදු පැකිළීමක් නැහැ.
මේතාක් යාමයෙන් ඔබ වෙත ගෙන ආවේ ප්‍රාරම්භයක් වගේම විඥානගත නොවූ අවසානයන් සහිත සිදුවීම් පෙළක්. එක දෙයක් කියන්න ඕන - නිශ්චිත අවසානයක් නැති සිදුවීම් ..........මේ ලෝකයේ ඕන තරම්. මේ......එවැනි සිද්ධියක්.

දහතුන්වෙනි සැතපුම් කණුව ගැන කියද්දී කෝන්වැව, කට්ටඹුවාව, නෙත්තිපොළගම විතරක් නෙමෙයි.....මහව මංසන්ධියට යනකම් මිනිස්සුන්ගේ ශරීරවල හිරිගඩු පිපෙන්නේ බඩ ඉරිඟු හේනක් හරහා හමා එන සීතල සුළඟ වැදිල නම් නෙමෙයි. ඒ.....තවමත් නොවිසඳුණු මරණයක ඇතුළාන්තයේ ගොරහැඩි සත්‍ය පපුවලට තට්ටු කරලා යුක්තිය ඉල්ලන හින්දා.

මේ ..........ප්‍රදීප්ගේ කතාව.


හොඳ හිරිමල් වයස; එතකොට ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්‍රීවිලර් හයර් කළ එක. කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්‍රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.
' අප හමුවීම වෙන්වීම දෝ ආදරේ.......මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ....'
ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.

අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක හීනයක විතරයි. ඇය - කුමාරි.ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.

සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ.වතාවක් දෙකක් අජිත් ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....

එදා මාසේ පෝය දවසක්. රේල් පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි.ඒ උඩුබුරලීම් වලට සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.හන්දියෙන් තමන්ගේ රිය හරව ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල් මැදින් - කට්ට කරුවලේම.

අපි දන්නේ නැහැ........ඊළඟට මොනවිදිහේ දෙයක් වුණාද කියලා.ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ මිනිය හම්බුණා.ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ තිබිලා.දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ නැහැ.රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා තිබුණා.ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය. ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න දේවල් ගොඩක් තියෙන්නැති - 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......

ප්‍රදීප්ගේ තුන්සක රියේ පිටිපස්සේ තිබුණු කවිපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....

මාස දෙක තුනකට පස්සේ දවසක රෑ ජාමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින්  පැන පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න හිතාගෙන. ඒත් .....රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන් ඇහුණේ පුරුදු කට හඬක්.

"මාමේ..."

රත්නායක හැරිලා බැලුවා.

"මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."

එක අතක් අහිමි ප්‍රදීප්ගේ රූපය එහම කියද්දි , හේනෙදී කන්න ගෙදරින් ඔතලා දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන් කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.ඊට පස්සේ ප්‍රදීප්ව මුණ ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.ප්‍රදීප් ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි.මේ විදිහට දෙතුන් දෙනෙක්ටම පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක නැවැත්තුවා.

ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින් ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු. කාලය ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ එනකම්......................හැමදාමත් ඉඳීවී.......


සත්‍ය කතාවක් මත පදනම් වී ඇත.

ප.ලි: පහතින් තියන පින්තූර වලින් පෙනෙන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගය සහ ආසන්නයේ ඇති ඉරිඟු හේනක්.(මම පහුගිය ටිකේ ඔය පැත්තේ රවුමක් ගියානේ)


සචින්ද්‍ර වීරසූරිය සහ අනුජ විතානගේ සොහොයුරන් කට හඬ දායකත්වය සැපයූ කතාවක් මීළඟ සතියේ යාමය තුළින්.....



33 comments:

  1. ඌට වෙච්ච අසාධාරණයට යුක්තිය ඉෂ්ඨ කරන්න කාටවත්ම මතක් වෙන්නැද්ද බන් ? එතකම් ඔය හොල්මන ඔතන තියෙයි..

    මට උබේ හඬ පටිනම් කවදාවත් අහන්ඩ බෑ.. මොකද මංදා.. මම ඇන්ටි ගෝස්ට් සොෆ්ට් වෙයාර් මුකුත් දාලත් නෑ..

    ReplyDelete
    Replies
    1. මේක සමහර බ්‍රව්සර්ස් වලට සපෝට් කරන්නේ නෑලු මචං. මම ඒකට මොකක් හරි පිළියමක් දාන්නම්කෝ.කොහොමත් හඬ පටියේ තියෙන්නෙත් ඔය කතාවම තමයි.වෙනසකට තියෙන්නේ බල්ලෙක් දෙන්නෙක් උඩු බුරන ඉෆෙක්ට්ස් ටිකක් දාලා බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් යන එක විතරයි.මොනව වුණත් උඹ මේ පැත්තේ එන එක මට ලොකු ශක්තියක්!!!

      Delete
  2. මූ හැමදාම මේවා කොහෙන් හොයනවද මන්දා..... මගේ කොඳු නාරටියත් හීතල උනා....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.......'මූ' රස්තියාදු ගහනවා වැඩියිනේ.ඒ නිසා එක එක ජාතියේ කතා හම්බවෙනවා.

      Delete
  3. හැමදාමත් වගේ නියමයි ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානක!

      Delete
  4. මේ කතාවත් හඩ ඔස්සේම දුන්නනම් කට්ට්යට රෙ--වා. මේ හොල්මන් ගැන මේ සයිබරයේ මං වෙන මොනවත් කතා කරන්නේ නැ.
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. හඬ පටිය උඩින් දීලා තියනවා......හෙ හෙ.....බොහොම ස්තූතියි මචං. ආයෙත් ඇවිත් යන්න වරෙන්..

      Delete
  5. හපොයි .........!පව් ප්‍රදීප් !මට හම්බුනානම් මන් විස්තරේ හෙමිහිට අහගන්නවා ,
    :D

    ReplyDelete
    Replies
    1. පව් නං තමයි.....ඒත් ඔයා කතාව අහන්න නවතියිද කියල නම් සැකයි....ලොල්.

      Delete
  6. අනේ ඇත්තට...රෑ යාමේ මේවා කියවලා ඊට පස්සේ බාත් රූම් එකට යන්නෙත් බයේ ගැහි ගැහි....

    ReplyDelete
    Replies
    1. අපෝ.........ලිහිණි අක්කේ බාත් රූම් යන කතා නම් කියන්න එපා.හික්ස්....

      Delete
  7. තමන්ට උන අසාධාරණයට යුක්තිය ඉටු වෙනකන් වැලපෙන ආත්මයක්..

    අදත් විස්තරය නියමෙට ලියලා මලයා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනෙෂ් අය්යේ...fb එකේ share කළ එකටත් බොහොම ස්තූතියි!

      Delete
  8. අදත් නිර්මාණය නම් ඉහළයි , ඒත් එදා කුමාරිහාමිගේ කතාවේ පසුබිම් හඩ මුසු කිරීම මෙවරට වඩා නිර්මාණශීලීයි කියල හිතෙනවා ...ඊළඟ පියවර මෙයටත් වඩා ඉහළට යන බව විශ්වාසයි .
    කෙසේ වෙතත් ඇති සිමිත සම්පත් උදව්වෙන් මෙවන් නිර්මාණ කරනා අපේ තරුණයන්ට තවත් ඉහළ නිර්මාණ කරන්නට අත දෙන්නට බලධාරින්ට හැකියාවක් ලැබෙනවා නම් , රටට හොඳ නිර්මාණ බිහිකරන “සුවිශේෂී නිර්මාණකරුවෙක්“ බිහිවෙන්නට හැකි බව කියන්නට මෙයම උදාහරණයක් ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් අයියේ...මේ වගේ ප්‍රතිචාර හැමදාම මට ශක්තියක්.

      ඔව්...කලින් සතියේ එකට වඩා ගුණාත්මක බවින් අඩු බව මටත් දැනුණා. ඊළඟ සතියේ වැරදි අඩු වොයිස් ෆයිල් එකක් දෙන්නම්.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  9. කොහෙන් හොයාගන්නද මන්ද මෙව්වා... නියමයි බන්...

    ReplyDelete
    Replies
    1. ඔය එහෙ මෙහෙ යද්දි ලැබෙන දේවල් තමයි.බොහොම ස්තූතියි සාතන් අයියේ:D

      Delete
  10. අද්භූත කතා තියෙන අඩවියක් වගේ මොකද මම මිට කලන් දවසෙත් කියෙව්වේ මේවගේ එකක්. කොහොම වුනත් ඒකතා සජීවි චිත්ත රෑප අදිනවා.

    සාක්ෂි නැති මිනීමැරුමක්.

    ReplyDelete
    Replies
    1. ඔව්...යාමය සම්පූර්ණයෙන්ම අද්භූත සිද්ධින් අන්තර්ගත බ්ලොග් අඩවියක්..බොහොම ස්තූතියි මගේ බ්ලොග් අඩවිය කියවනවට.

      Delete
  11. ඔබ ලියන්න පාදක කරගෙන තියෙන අද්භූත කථා මාතෘකාවට මම නම් ඉතාමත් ප්‍රියයි... හොල්මන් කථා කියවන්න මට පුංචි කාලෙ ඉදන්ම ලොකු දොලක් තියෙනවා... මේ පැත්තෙන්ම ඉදිරියට ලියමු.... දිගටම තව තව ඒවා කියවන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...දිගටම මේ පැත්තේ එන්නකො එහෙනම්...

      Delete
  12. කෝ මචෝ මම දාපු කොමෙන්ටුව ?

    ReplyDelete
    Replies
    1. මම comments අයින් කරන්නේ නම් නැහැ.සමහර විට අඩවියේ යම් දෝෂයක් ඇතිවෙන්න ඇති.ආයෙත් උත්සාහ කරන්න බලන්න.

      Delete
  13. මේ වගේ කතා දාලා ගෙවල් වලින් අපිට බන්නවන්නේ ඇයි අනේ..:) විහිළුවක් හරිද..මමනම් හෙන ආසයි මෙහෙම ඒවාට..එත් පව්.

    ReplyDelete
    Replies
    1. ඇයි ගෙදරින් බනින්නේ...?කොහොම වුණත් මේ පැත්තේ ආවට බොහොම ස්තූතියි.

      Delete
  14. hmmmm mata kiiyanna deyak na.man hamadamath asawen kiyawana blog ekak...good wok Wikz....

    ReplyDelete
  15. GOOD Wrk Bro , Intrzting !! iyamai Digatama Liyahan good luck !!!

    ReplyDelete
  16. ඇත්තටම ප්‍රදීප් පව් ඒත් මේ වගේ අසාධාරණ ලෙස අහිමි වන ජීවිත වලට වග කියන්නේ කව්ද? අපි ආසාවෙන් මේවා කියෙව්වට මේ වගේ අසාධාරණ වලට කියවන අපිට මුහුණ දෙන්න වුනොත් ඇත්තටම ඒ ගැන මොනවද හිතෙන්නේ......?

    ReplyDelete