Saturday, November 17, 2012

ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය ( Voice file එකත් එක්ක යාමය පුංචි පිම්මක් පනියි)

ඇහැලේපොළ කුමාරිහාමී - වොයිස් ෆයිල් එක අහන්න කැමති අයට


විශේෂ ස්තූතිය : මොරටුව විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ ඒ.එච්.විතානගේ සහ එල්.ඒ. වීරසිංහ (පිටසක්වලයා ලියන ) සොහොයුරන්ට.




මට කියන්න තියෙන්නෙ............ මෙච්චරයි.

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "

සමහර වින්‍යාස තියනවා - පුනරාවර්තනය වෙන සිද්ධි ඈඳිච්ච.කාලය කියන්නෙත් එහෙම වින්‍යාසයක්ලු.සිද්ධියක් තියනවා - කාලයත් එක්ක තවමත් පුනරාවර්තනයවෙන.අටසිය ගණන්වල මැද හරියෙදි මහ රෑ අශ්වකරත්තවලින් වැවරවුම වටේ ගිය අයටත් ඈව මුණගැහුණා.නවසිය ගණන්වල මුලදී පරණ වැගන් කාර් ඈව දැක්කේ ක්වීන්ස් හෝටලය ඉස්සරහ දුකෙන් බලාගෙන ඉද්දි.අවුරුදු විස්සකට තිහකට උඩදි ඈ හිටියෙ ගුඩ්ෂෙඩ් පැත්තෙ.මං දන්නෑ.ඊළඟට ඈ කොහේ ඉඳීද කියලා.                            සමහර වෙලාවට  ............   ඔබ ඉදිරියෙත් වෙන්න පුළුවන්.


ඒ අතීතයේ අඳෝනාව ආයෙත් මතක් කරන්න ඕන නැහැ.තාමත් ඉතුරුවෙලා තියන ඇහැළෙපොළ වලව්ව සාක්කි දේවි ; බෝගම්බර වැවේ වතුර පවා සාක්කි දේවි.ලොකු බණ්ඩාර වෙව්ලද්දි මද්දුම බණ්ඩාරගේ ආත්මයට වීරත්වය එකතුවුණු හැටි,කිරි දරුවා වංගෙඩියෙ කෙටෙද්දි ,අම්ම වෙච්චි ඇගේ ගෙලේ බර ගලක් ගැටගැහුණු හැටි, ඒ ගල්ගෙඩිය පිටින්ම ඈ බෝගම්බර වැවේ ගිලුණු හැටි ....................ඇති!


-
-
-
-
-
-


එදා හරිම කාලකණ්නි දවසක්.මුළු හවස්වරුවම බලාගෙන උන්නත් වීරෙ අයියගේ වීල් එකට කවුරුවත් ගොඩවුණේ නෑ.පහුවදාට තෙල් ගහගන්නෙ නැතුව දුවන්නෙ කොහොමද කිය කියා හිත හිතා ඉද්දි ,රැවෙලා ආවා වුණත් පේරාදෙණියට යන්න ආපු හයර් එක අතාරින්නෙ කොහොමද! වෙර යොදලා 'ස්ටාටරේ' ඇද්ද වීරෙ අයියා ඊළඟ මිනිත්තුවෙදි පේරාදෙණිය පැත්තට ඉගිළුණා.

යද්දි තනිකමක් නොදැනුනේ වීල් එකේ පිටිපස්සේ තව දෙන්නෙක් හිටපු නිසා.ඒත් ආපහු එද්දි............මොකද්දෝ අමුතු හිතුවිලි ගොඩක් වීරෙ අයියගෙ හිත ඇතුළෙ කැරකෙන්න වුණා.දවල් කාලෙට කොච්චර සද්ද බද්ද තිබුණත් රෑ දහය වෙනකොට 'ගුඩ් ෂෙඩ්' පැත්තෙ එක බලු බල්ලෙක් නැහැ.පාර අයිනේ තිබුණු කඩවල්වල ලෑලි දොරවල් පවා ඔක්කොම වහලා.වීරෙ අයියට ඇහුණේ විටෙන් විටේ රේස් වෙන වීල් එකේ සද්දෙ විතරමයි.බාගෙට පායපු හඳේ මලානික එළිය පාර දෙපැත්තෙ ගස්කොළන් උඩට වැටිල දිලිසුණා.ඉඳල හිටල තිබුණු පහන් කණුවකට පුළුවන් වුණේ පාර මැද්ද යාන්තමට එළිය කරන්න විතරයි.දොළහටත් කිට්ටු වෙලා තිබුණු නිසා මුළු නගරෙම කිසිම හැල හොල්මනක් නැහැ. ඒත් වීරෙ අයියගෙ හදවත වේගෙන් ගැහෙමින් තිබුණේ ඔහුවත් නොදන්නා හේතුවකට.


වෙනදා කොහෙ නොහිටියත් ස්ටේසම ළඟදි කෝච්චියෙන් ආපු කවුරු හරි වීල් එකට අතදාන බව වීරෙ අයියා දැනගෙන හිටියා.ඒත් එදා........ඒ පැත්තේ මිනිස් පුළුටක්වත් නැහැ.ඉස්ටේසම ළඟින් ඉස්සරහට ඇදුණු වීරෙට ඈතින් පේන්න වුණේ පරණ ඔරලෝසුකණුව.සමරපාට ගාපු කණුවේ පහළ හරිය සම්පූර්ණයෙන්ම අඳුරුයි.පාරෙ තියන වළවල් නිසා වීල් එකේ වේගෙත් පයින් යන ගානටම අඩුවෙලා තිබුණේ.හදිස්සියෙම වීරෙ අයියගෙ ඇහැ යොමුවුණේ තමනුත් ඔරලෝසුකණුවත් අතර ඇවිදගෙන යන ලස්සන නෝන කෙනෙක් දිහාවට.සුදුපාට ඔසරියට ඇඳල තිබුණේ පරණ තාලෙ බෝරිච්චි හැට්ටයක්.ඉණවටෙයි, අත්වටෙයි හැට්ටෙට අල්ලලා තිබුණු රේන්ද පටිපවා වීරෙ අයිය දැක්කා.කොණ්ඩෙ බැඳලා හිස කෙලින් තියාන ඉස්සරහට ඇවිදගෙන ගිය ඒ නෝනගෙ තිබුණේ රදළ තේජසක්.
වීල් එක ඒ හරියෙන් යන කොට වීරෙ අයියා හැරිලා ඒ දිහා බැලුවේ හිතේ හටගත්තු කුතුහලය නිසාමයි.බෙල්ලෙ බැඳල තිබුණු අගස්ති මාලෙට එළිය වැටෙද්දි එක මොහොතකට වීරෙ අයියට පෙනුණේ ඇගෙ මුහුණ.ඒ මූණ පුදුම විදිහට සිරි‍යාවන්තයි.ඒත් හැඟීම් වෙන් කරලා අඳුරගන්න අමාරු විදිහට දුකකුත් පිළිබිඹු නොවුණාම නොවෙයි.ඊළඟ මොහොතේ පයේ මිරිවැඩියක්වත් නොතිබ්බ ඈ තමන් දිහා බලලා අහසට අත දික්කරනවා වීරෙ දැක්කා.සිරියාවන්ත මූණ දුකෙන් පිරුණා.මොන මොනවදෝ කියමින් ඈ වැලපෙන හැටි වීරෙ අයියට පෙනුණා.

ආයෙත් අහසට අත්දෙක දික්කරගෙන දෙවියන්ට යදින හැටි ඇසුණා.මේ වෙද්දි ඈ කව්ද කියන එක වීරෙ අයියට දැනිලා ඉවරයි.
"ඇහැළෙපොළ කුමාරිහාමි"
වීරෙගෙ තොල් මිමිණුවා.
තමන්ටත් නොදැනි දකුණු අත්ල කැරකෙද්දි 'රේස් ' වුණු වීල් එක දුමාරය නංවමින් ඔරලෝසුකණුව පහුකරන හැටි වීරෙ බලාගෙන.මොකද්දෝ හේතුවකට වීල් එකේ පැති කණ්නාඩියෙන් පිටුපස බලපු වීරෙ අයියට ඔරලෝසුකණුව ළඟින් බෝගම්බර වැව පැත්තට හැරෙන ඈව පෙනුණා.

ඈව නොපෙනී ගිය එක සතුටක් වුණත් ඒ මූණේ තිබුණු හැඟීම් සමත් වුණේ වීරෙ අයියගෙ හිත දුකෙන් පුරවන්න.හිතේ ගැඹුරුම තැනකින් ඇතිවෙච්ච ඒ දුක්බර හැඟීම කඳුළක් නංවලා ඇස් බොඳ කළා..........


ඈ තවමත් ඇගේ දුක කියනවලු. සමහර දවසක ජෝජ් සිල්වා උයනේ ඉඳගෙන ඉන්නවලු.රිමාන්ඩ් හිරෙ ගේ පැත්තට පයින්ම යනවලු- අසාධාරණයට ලක්වෙච්ච තමන්ගෙ දුක කිය කියා.කාලාන්තරේකට සැරයක් ඈ එනවලු.මෑතකදි දකින්න නොලැබුණත් ඈ ඒවි.නිසැකවම.......... නුදුරේදීම ඈ ඒවි.

සමහර විටක ඔබ ඉදිරියට - ඇගේ දුක අසන කෙනෙකුන් ළඟට!





මට කියන්න තියෙන්නේ......

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "

41 comments:

  1. සුපිරිම වැඩක්නේ අද කරලා තියෙන්නේ. වොයිස් එක කරන ස්ටයිල් එක හරිම අගෙයි. ඇත්තටම මේ කතාව සැබැවක්ද.

    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්. "සත්‍ය කතාවක් මත පදනම් වී ඇත" . ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  2. කෝ බන් ප්ලේ වෙන්නෑනෙ...

    ReplyDelete
    Replies
    1. මචං සෙන්නා...සමහර බ්‍රව්සර්ස් වලට සපෝට් කරන්නේ නම් නෑ තමයි.ඒත් ක්‍රෝම් වලින් බැරි වුණොත් ෆයර්ෆොක්ස් වලින් පුළුවන් වෙන්න ඕන. ඔපෙරා, සෆාරි, අයි.ඊ මොනවා හරි එකකට සපෝට් කරන්න නම් ඕන.මොනවා වුණත් ඔයා හින්දම මම ඔරිජිනල් ෆයිල් එක තියන සවුන්ඩ් ක්ලව්ඩ් එකේ ලින්ක් එක දාන්නම්.


      http://soundcloud.com/amilwickz/ahalepola-kumarihami-with

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න...

      Delete
  4. අන්න මරු වැඩක්... අපේ මහත්තයව බය කරතෑකි අද.. හි හි...

    ReplyDelete
    Replies
    1. නෝනගේ හැටි පේනවා...ලොල්.අසරණ මහත්තයා. මේ පැත්තේ ආවට බොහොම ස්තූතියි හිරු අක්කේ..

      Delete
  5. බලන්න ඔනෙ අපිත් නුවරනෙ....කතාව ඒල....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මුණගැහීමේ සම්භාවිතාවක් තියනවා.බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  6. කථාව බොහොම ලස්සනට ලියලා තියෙනවා.. ඒකෙ වචන දෙකක් නෑ.... ට්‍රේලර් එකත් හොදයි...කටහඩ හොදට හසුරුවලා තියෙනවා... ඒත් පසුබිම් සංගීතය ඒ අදහස් තීව්ර කරන්න උපකාරී වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ... ඒකත් හොදට ගැලපුනානම් කිසිම අවුලක් නෑ... සුපිරියි...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි සිරා. පසුබිම් සංගීතයේ අවුලක් නම් තියනවා. මේ සවුන්ඩ් ෆයිල් ටිකත් ඉල්ල ගත්තේ යාළුවෙක්ගෙන්.හොඳ හොඳ භයානක විදිහේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඕන තරම් ජාලේ තියනවා. ඒත් එයාලා ඩොලර් තමයි ඉල්ලනවා......ඊළඟ එකවත් හොඳට කරන්න බලන්නම්.

      Delete
  7. නිර්මාණාත්මක අතින් ඉහළයි , ඇත්තෙන්ම ඉහළම නිර්මාණයක් ..ඔබේ සටහන වගේම , හඬත් , හඬ හැසිරවීමත් ...පසුබිම් සංගීතයත් ...එක්ක පුදුමාකාර රසයක් ලැබුණේ ....

    මෙවන් හොඳ නිර්මාණ කරන්නට තවත් ශක්තිය ලැබේවා ...!

    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්.මේ වගේ කමෙන්ට් මට හැමදාම ශක්තියක්.

      Delete
  8. මේ ගැන කලිනුත් ලිව්ව නේද..බැලුව වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...කලින් ගිය කතාවක්.වොයිස් ෆයිල් එක නිසා දැම්මේ.අලුත් ඒවා 2ක් තියනවා.වොයිස් කරලත් ඉවරයි.ළඟදිම දෙන්නම්. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  9. කතාව කියෙව්වා...අරක උදේට අහන්නම්..මේ රෑ ජාමේ අහලා අද පාඩම් කෙරිල්ලත් නැති වෙයි...හි හී බයට නෙමේ ඔන්න..

    ReplyDelete
    Replies
    1. අපි දන්නවා ලිහිණි අක්කා බයයි කියලා.අවුලක් නෑ....නිදහස් වෙලාවක අහන්න.බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  10. Macho pls contact me soon as possible...shafrazjinnah@gmail.com

    ReplyDelete
  11. අදත් සුපිරි ඔන්න...........
    ගුඩ් ශෙඩ් එකේ රෑ 11ට විතර මමත් තනියම ඉඳල තියෙනව කොළඹ යන්න බස් එකක් එනකම්................අපොයි දැන් නම් බයත් හිතෙනව.........

    ReplyDelete
    Replies
    1. පිශාචයා මහත්තයනම් බය වෙන්න ඕනේ නෑ ඉතිං.ඔයත් ඒ අයගේ එක්කෙනෙක්නේ.කොහොම වුණත් බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට..

      Delete
  12. මේ කථාව මමත් අහල තියෙනවා...ඇත්තටම ඔය කියපු තැන් වල ඇහැලේපොළ කුමාරිහාමි ඉන්නවා කියලා.ඒත් ඇත්තද බොරුද නම් දන්නේ නෑ..

    "ඊළඟට ඈ කොහේ ඉඳීද කියලා.සමහර වෙලාවට ............ ඔබ ඉදිරියෙත් වෙන්න පුළුවන් "

    අනේ මේක‍ට නම් මම භය වුනා...අනේ දෙවියනේ මට නම් මුණ නොගැහේවා...


    ReplyDelete
    Replies
    1. මමත් ඇත්තටම දන්නේ නැහැ.මටත් අහන්න ලැබුණු කතාවක්නේ.....බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  13. නියමයි නියමයි ........... ෆැන්ටෑස්ටික් .....
    නියම ඕඩියෝ එක ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.

      Delete
  14. මේ අළුත් පියවරින් තව තවත් හොල්මන්කතා ගෙනෙන්නට..
    පෙනේවා.. (හොල්මන් නෙමෙයි..)
    මඟ... :D
    ජයවේ..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නන්දු..

      Delete
  15. ඕඩියෝ එක ඇහුනේ නෑ... හවස ඇවිත් ආයෙම ට්‍රයි කරන්නම්.. මේ වැඩට යන කලබලේ බැළුවේ.. මේවා මග ඇරලා බෑනේ... :)

    ReplyDelete
    Replies
    1. හරි....හවසට අහන්නකෝ....දිනේෂ් අයියා වගේ අය දෙන කමෙන්ට්වල ශක්තියෙන් තමා අපි නැගී හිටින්නේ..බොහොම ස්තූතියි මේ පැත්තේ අවාට.

      Delete
  16. පස්සෙ ආනව.....බය හිටුනොට් ඒම....මේ ඩවස්වල ඩොයියන්නෑනේ...:(

    ReplyDelete
    Replies
    1. අග්නි සෑහෙන කාලෙකින් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ....හෙමින් සැරේ පස්සේ කියවන්න.මේ දවස්වල වැඩ වැඩි කියලා දන්නවා..හොඳට විභාගේ කරගන්නකෝ...

      Delete
  17. වොයිස් එක ප්ලේ වෙන්නෙ නෑ. දෝෂ්‍යක් වගේ. ඒවුණත් මේ සටහන නම් හිතට දැනුණා ඇහැලේපොල කුමාරිහාමි වගේම තව කීදෙනෙක් එදා ඒ මොහොත ගැන හූල්ලන්න ඇද්ද.

    ReplyDelete
    Replies
    1. සමහර බ්‍රව්සර්ස් වලට සපෝට් කරන්නේ නැහැනේ...ඔව්..ඒක ඇත්ත.මේක ඉතිහාසයේ කළු පැල්ලමක්නේ.බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  18. paw kumaarihaami :( araka passe ahannam..dan re welaane..hi hi...

    ReplyDelete
    Replies
    1. ok ok passe ahanna.thankz me patte awata.

      Delete
  19. හදවතට දනෙන්නම් ලියලා තියනවා..මේ වගේ විදවන තව කියක්නම් අපිට නොපෙනී ඇද්ද..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි dreams ...අනිවා...

      Delete
  20. awwww..man godak kamathi Wikz.voice clips niyamai.moko man issara gedara ayata oyage katha kiyawanawa mage kata ridenakam.this is awesome..good luck...:)

    ReplyDelete
    Replies
    1. Thakz Yohani......dan itin kata ridawa ganna ona na...:)

      Delete
  21. My first comment for your post..its amazing..keep it up

    ReplyDelete