Friday, October 19, 2012

එක දවසක්.............මම....


"අම්මේ මම තාමත් ඔයාගේ චූටි පුතා ද?" 
ඉස්සර හැන්දෑවට
කළුවරට බයේ මම අඬනකොට
'උඩ ගිය බබා ' කතන්දර පොත අරං
ඇඳ විට්ටමට හේත්තු වෙලා
මට නින්ද එනකං
කියවපු හැටි මතකයි තවම මට..............
දැන් නම් හැමතැනම කළුවරයි තමයි
ඒත් මම අඬන්නේ නෑ.....

"ඇඬුවට අම්මට ඇහෙන්නෙ නෑනේ අම්මේ"

සීතල වැඩි දවසක
කෑ ගහලා මම අඬනකොට
අර මල් තියන රතු පාට චීත්තෙ
වැලෙන් අරගෙන
මට පෙරවලා - දෑතින්ම බදා
ඔයා සීතලෙන් වෙව්ල වෙව්ලා
හිටිය හැටි මතකයි තවම මට........
මේ වැලිතලාවම සීතලයි තමයි
ඒත් මට දැනෙන්නෑ..........

"මගේ අත් දෙකටයි කකුල් දෙකටයි මේස් දාලනේ එයාලා "

අප්පච්චිට කියන්න
මට ආයෙ සීනි බෝල එපා කියලා
කාලයක් ගතවුණත්
තාම මට බඩගිනි වුණේ නෑනේ
අම්මගෙන් අන්තිමට බිව්ව
කුක්කු වල රස
තාමත් දිව අග තියනවා වාගෙයි
හොඳ බබාලා මැරුණාම
දෙයියෝ ඇවිත් එක්ක යනවා කිව්වත්
තාමත් මම සුදු වැලියටනේ අම්මේ - හරිම පාළුයි

"මට තනියම කෝම්පිට්ටුවක් වත් හදන්න බෑ මේ වැලිවල - අම්මත් එනවද?
 
 
 ප.ලි : 'උඩ ගිය බබා' කියන්නේ මම ජීවිතේ කියෙව්ව පළවෙනි කතන්දර පොත:D:D

47 comments:

  1. අද හොල්මන් නෑ.....?????

    ReplyDelete
    Replies
    1. හැමදාම හොල්මන් දීලා බෑනේ හිරු අක්කේ.අද පොඩි වෙනසක් කළා.ඒත් 'මරණය' විෂය වෙලා තියනවා.

      Delete
  2. හරි සංවේදියි බන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා.උඹ තුඩැල්ලේ ඉන්න බව දැන ගත්තු එක ලොකු දෙයක්.මම ඉන්නෙත් ගම්පහ.

      Delete
    2. මෙන්න උඹලෑ ගමේ පොරක් එහෙනම්..සිරා පොරක්. දන්නැත්නම් ගිහින් අඳුන ගනින්. දන්නවනම් නොසලකා හැරපන්..

      http://siragekamare.blogspot.com/

      Delete
    3. දන්නේ නම් නෑ.එථ් අඳුර ගන්න කැමතියි.ඔන්න මම ඒ පැත්තේ ගියා:D:D

      Delete
    4. ස්තූතියි සෙන්නා පාර පෙන්නලා කාමරේ පැත්තට එව්වට...

      සංවේදී ලියවිල්ලක්... මගෙ හිතට අමුත්තක් දැනුනා මේ පද පෙළ කියවලා... ජය !

      Delete
    5. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට සිරා.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  3. අනේ.... හිතට මොකද්දෝ උනා වගේ... අර චීත්තෙන් පොරවාපු කොටස කියවද්දී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිහිණි අක්කේ.දිගටම මේ පැත්තේ එන්නකෝ..:D:D

      Delete
  4. ඇත්තටම..හරිම සංවේදියි..! හිත මෙව්ව වෙලා ගියා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වී පොකුරේ....සෑහෙන දෙනෙක්ට හිත 'මෙව්වා' වෙලා වගේ පේන්නේ.

      Delete
  5. හ්ම් හ්ම් ගොඩක් සංවේදියි ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් අයියේ...

      Delete
  6. ගොඩක් හිතට දැනුන පද වැලක් හරි අපූරුවට අමුණලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ...signet...ආයෙමත් වතාවක් මේ පැත්තේ එන්නකෝ.

      Delete
  7. Replies
    1. හ්ම්...........ඒත් මොනවා කරන්නද? ජීවිතේ හැටි තමයි.

      Delete
  8. හිතට දැනුනා හොදටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවක.ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
  9. ettatama mkakda una bn hdatama liyala tyanawa maxa bn.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Dilshan...ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
  10. හ්ම්ම්... හිතට දැනෙන්නම ලියලා තියෙනවා... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අලුත් මල්ලී..... මේ පැත්තේ ආවාට ස්තූතියි...ආයෙමත් එන්නකෝ.

      Delete
  11. ම්ම්ම් දුක හිතුනා ගොඩක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...........බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.සාදරයෙන් පිළිගන්නවා.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  12. ඔන්න මම 100 වෙනියා.. ඔබ අස්වැන්නට ඇවිති ගිහින් තිබුනා.. ඒ අඩි සළකුනු ඔස්සේ තමයි මේ ආවේ.

    කුඩා දරුවාගේ මරණය ගැන ඉන් එහා ගිය සිතුවිල්ලක්. ටිකක් සංවේදි හැඟීම් ප්‍රකාශනයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාව යාමයට සාදරයෙන් පිළිගන්නවා.බොහොම ස්තූතියි!!

      Delete
  13. දැනෙන සිතුවිල්ලක් මල්ලි...අපුරුවට වින්දා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනිති අක්කේ..

      Delete
  14. අඩේ අමිල මං යාමයට කැමති ඒක හරි වෙනස් තැනක් නිසා ලියන නිසදැස් වලත් මොකද්දෝ මන්දා අමුතු හැගීම් ගොඩාක් එකතු කරලා රසට ලියලා තියෙනවා.අනික මරණය වැඩිය කතානොවෙන එකක් නිසා ඒ ගැන ලිව්වම තව දැනෙනවා වැඩි.මං යාමයේ වැඩිපුරම ආස හැබැයි හොල්මන් කතා වලට :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මඩේ....ඔය වගේ කමෙන්ට් වලින් තමයි යාමය තවමත් ලියැවෙන්නේ.ලබන සතිය දිහාට අලුත් කතාවක් ගේන්නම්කෝ.

      Delete
  15. hithata danena de gana udin liyawila thiyanawa
    Papuwatama danenawa

    ReplyDelete
  16. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.ආයෙත් ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  17. අනේ වෙනදට ආවම යන්නෙ බයට කඳුළු පුරවගෙන..අද දුකට කඳුළු පුරවගෙන. හුගාක් දුක හිතුනා මේක කියවද්දි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිමා..අයෙමත් සැරයක් ඇවිත් යන්න එන්න.

      Delete
  18. මාරම විදිහට හිතට දැනුනා සහෝ!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු හිමාවී.

      Delete
  19. දුක හිතෙන කවියක්.... :(((

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිසුපා අක්කා.

      Delete
  20. එක රෝස පොහොට්ටුව...
    දෙක මේ කවිය....

    අනේ මන්ද අයියෝ.....අන්ත අසරණ නන්නත්තාරවෙලා ගියා............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අග්නි...ඔයාට රෝස පොහොට්ටුවේ කතාව තාම මතකයි නේ?.

      Delete
  21. Replies
    1. බොහොම ස්තූතියි සහෝ...

      Delete
  22. හරිම ලස්සනයි අදහස..ඇත්ත අත්දැකීමක් වෙන්න ඇති නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇත්ත අත්දැකීමක් වුණා නම් මේක ලියවේද කියලා සැකයි....

      Delete
  23. ane harima Shook...man dan na mona kiyannada kiyala....anyway man isselama kiyawapu potha Hodha Tikiri... :D

    ReplyDelete