විශේෂයි - අද කතාව චුට්ටක්වත් බය හිතෙන්නේ නැහැ.දවසේ ඕනෑම වෙලාවක කියවන්න පුළුවන් :P
කොච්චර
සුන්දර වුණත් හීනයක මුල්
හරියෙදිම ඇහැරෙන එක හොඳයි.
හේතුව ඒ.......
හීනයක්ම විතරක් වෙන නිසා.
වටෙන්ම
අන්ධකාරය ගලාගෙන එන ඉසව්වක
ආලෝකයේ හිටගෙන ඉද්දි තව ටිකකින්
තමනුත් අඳුරේ වෙලෙන බව දැනෙද්දි
යථාර්ථයත් - මායාවත්
අතරේ දෝලනය වෙන සිහිනයක
අයිතිකාරියක් වුණොත්.....?
මේ....................
ඇගේ කතාව.
අනෙක්
හැම අම්ම කෙනෙක්ම වගේ මැණිකෙත්
තමන්ගෙ පුතාට ගොඩක් ආදරය කරන්න
ඇති. ඉපදෙන්න
කලින්ම අප්පච්චි මියැදුණු
හින්දා මැණිකෙ සුරන්ජිත්ව
උස් මහත් කළේ දහදුක් විඳලා.
පුංචි කාලේ
සුරන්ජිත්ව නැළෙව්වේ එනසාල්
හේනේ පැත්තකින් ගලපු දොළ පාරේ
මුණු මුණු තාලෙ හිතෙන් අල්ලගෙන. පුංචි කාලේ ඉණ වටේට පබළු දෙකක් අල්ලපු දියලණුවක් ගැට ගැහුවත් මැණිකෙගෙ හිතේ තිබුණේ තමන්ගේ පුතා ගොවියෙක් වෙනවා දකින්න නෙමෙයි - ලොකු මහත්තයෙක් වෙනවා දකින්න.පුතා
ලොකු වෙද්දි මැණිකෙගෙ ලෝකේ
එළිය වුණේ හරියට දුම්බර බෑවුමේ,
මීදුම මැදින්
ඉර එළිය වැටෙනවා වගේ.
අම්මගෙ
ආදරේ සුරන්ජිත් නොදැන හිටියා
නෙමෙයි.පුංචි
ඉස්කෝලයක වුණත් මහන්සියෙන්
වැඩ කළ සුරන්ජිත් හැමදාම
පන්තියේ පළවෙනියා වුණේ ඒ නිසා
වෙන්න ඇති.තරුණ
වැන්දඹුවක් වුණත් කාගෙන්වත්
කතාවක් අහන්නෙ නැතුව තමන්ගෙ
පුතාව උස්මහත් කරන මැණිකා
ගැන දුම්බර මිනිස්සුන්ගෙ
අහිංසක හිත්වල තිබුණේ ලොකු
පැහැදීමක්.එනසල්
හේනත් එක්කම ඔට්ටුවෙලා අම්මා
හොයලා දෙන සල්ලිවල වටිනාකම
සුරන්ජිත් දැනගෙන හිටියා.ඒත්
......හැමදාමත්
අම්මට බරක් වෙන්න සුරන්ජිත්ගෙ
හිතේ කැමැත්තක් තිබුණේ
නැහැ.සාමාන්‍ය
පෙළ හොඳින් සමත් වුණත් වැඩිදුර
ඉගෙනීමක් ගැන හිතන්න තරම් ඒ හිත පෙළඹුණේ
නැත්තෙ ඒ සිතුවිල්ල නිසාමයි.සුරන්ජිත්
අම්මත් එක්කම හේනේ වැඩට එකතු
වුණා. කන්න
දෙක තුනක්ම හොඳ එනසාල් අස්වැන්නක්
ලැබිච්ච නිසා මැණිකෙගෙ අතමිටත්
සරුවෙලා තිබුණේ.
එදා
සෑහෙන්න සීතල දවසක්.
මුළු දුම්බර
යායම වැහිල තිබුණෙ ඝන මීදුමකින්.
උදේම හේනෙ
ඉඳන් ආපහු එන අතරතුරේ දී සුරන්ජිත්ට
දකින්න ලැබුණේ මංජුලාව. ඉස්කෝලෙ යන දවස්වල තමන්ට
වඩා පහළ පන්තියක ඉගෙන ගත්
මංජුලා ගැන සුරන්ජිත්ගේ හිතේ
තිබුණේ අනිත් ගැහැණු ළමයි
ගැන තියන හැඟීමමයි.ඒත්............එදා
මීදුම මැදින් පල්ලම බැහැගෙන
ආ මංජුලාව දැක්ක සුරන්ජිත්
ටිකක් චංචල වුණා. තමන්ව
පහු කරලා යන මොහොතේ හීනියට
කළ ඉඟි කිරීම සුරන්ජිත්ගෙ
හිත කළඹන්න ඇති. ආපහු
හැරිලා මංජුලා දිහා ආයෙත්
වතාවක් සුරන්ජිත් බැලුවා.
සුදු ගවුමත්
ඇඳන්, ගොතපු කොණ්ඩ කරල් දෙක
පද්ද පද්දා ආස හිතෙන විදිහට
අඩිය තිය තියා ගිය මංජුලා,
සුරන්ජිත්ගේ
හිතේ පැළපදියම් වුණේ ඒ
මොහොතෙදිමයි .දවස්
කිහිපයක්ම මංජුලා පාසල් යන
වෙලාවට හේනේ ඉඳන් එන්න සුරන්ජිත්ට
හැකිවුණා. උදේ
පාන්දරම පීල්ලෙන් නාගෙන කොට්ටය යට තියලා තිවුණු
අලුත් සරමයි කමිසයයි ඇඳගෙන
එන සුරන්ජිත්ගේ හිනාව තමන්ගේ
කරගන්න මංජුලා පවා සිහින මවන්න
ඇති. කාලය
ගෙවිලා යද්දි මංජුලා සුරන්ජිත්
එක්ක පාන්දර බොල් පින්නේ තෙමි
තෙමී කතා කර කර ඉන්න එක ගමේ
අයට අමුත්තක් වුණේ නැහැ.
මංජුලා
සුරන්ජිත්ගෙන් හැමදාම සමුගත්තෙ
පාසල පටන් ගන්න ඔන්න මෙන්න
කියා තියෙද්දි.සමහර
දවස්වල හැන්දෑවට කටු මැටි
බිත්තියේ එල්ලලා තිබිච්ච
කණ්නාඩිය දිහා බලාගෙන උරුවම්
බාන ගමන් කොණ්ඩේ පීරන සුරන්ජිත්ව
දැක්ක මැණිකෙට ඒ තරුණ හිතේ
හැඟීම තේරුම් ගන්න අමාරු වුණේ
නැහැ.ඒත්
මංජුලාගේ සංකර ගති ගැන මැණිකෙගේ
හිතේ තිබුණේ අප්‍රසාදයක්.
වතාවක් දෙකක්
පැහැදිලි කර දෙන්න උත්සාහ
කළත් සුරන්ජිත් හිටියේ ආදරයෙන්
අන්ධවෙලා. තමන්ගේ
අම්මට මුළු හිතින්ම ආදරය කළ
සුරන්ජිත්ගේ හිත මංජුලා වෙනස්
කරලා තිබුණා. ඒත්
මැණිකෙට කරන්න දෙයක් තිබුණේ
නැහැ - තමන්ගෙ
දරුවා උස්මහත් කරන්න වෙහෙසුණු
දවස් ගැන හිත හිතා පිල් කඩ උඩට
වෙලා කඳුළු හලනවා හැර.
" මං
හෙට යනවා. මට
කෑම්ප් එකට එන්න කියලා තියනවා"
එදා
රෑ හදිස්සියෙම තමන්ගෙ රෙදි
පෙරෙදි අසුරන ගමන් සුරන්ජිත්
කිව්ව කතාවෙන් මැණිකෙ ගැස්සිලා
ගියා. මංජුලාගෙ
කීමට තමන්ගෙ පුතා හමුදාවට
අයදුම් කළ බව මැණිකෙ දැනගත්තෙ
ඒ වෙලාවෙදි. කොච්චර
ඈත වුණත් උතුරේ යුධ රස්නෙ
දුම්බරටත් දැනිලා තිබුණා.
රට රකින්න
වුණත් තමන්ගේ එකම පුතා හමුදාවට
යන එකට මැණිකෙ තදින්ම විරුද්ධ
වුණා. ඇස්වලින්
කඳුළු කඩා හැලෙද්දි මැණිකෙ
බැණ වැදුණේ මංජුලාට.
"ඔය
සක්කර වට්ටම තමයි මගෙ කොල්ලගෙ
හිත වෙනස් කරලා තියෙන්නේ.අනේ
පුතේ උඹ මට කොච්චර ආදරෙන්
හිටියද........?"
මැණිකෙගෙ
ඉකි ගැහීම පැල්කොටයෙන් පිටවෙලා
රහසේම දුම්බර අඳුරට වැදුණා.ඒත්
සුරන්ජිත්ගෙ හිත වෙනස් කරන්න
ඒ දේවල් සෑහුණේ නැහැ.
'අම්ම
කිව්වට හැමදාම හේන් කොට කොටා
ඉඳලා බැහැනේ.අපටත්
යන කල දසාවක් තියෙන්න එපායෑ.ඔයා
හමුදාවට ගිහින් ජීප් එකෙන්
ආපහු ගමට එද්දි මටනේ ආඩම්බර'
මංජුලාගේ
ආදරණීය වදන්වල දෝංකාරය
සුරන්ජිත්ට ආයෙ ආයෙත් ඇහෙන්න
වුණා.ඒත්
ඒ වචනවල හැබෑ ආදරයක් නැති බව
ඔහුට තේරුණේ නැහැ.
" මම
ආයෙත් ගමට ආවහම මංජුලාව මෙහෙට
කැන්දගෙන එනවා"
සුරන්ජිත්
ස්ථිර හඬකින් එහෙම කියද්දි
මැණිකේගෙ පපුව තව තවත් ඇවිලෙන්න
වුණා. ඇගේ
ඉකිය මහ හැඬුමකට පෙරළුණේ ඒ
වෙලාවෙදි.
"අනෙ
මයෙ පුතේ.උඹට
අමතකද උඹෙ අප්පච්චිත් නැති
කොට මම උඹව උස් මහත් කළ හැටි.
හේන පාළුවෙලා
දෙන්න කිරි පොදක් තනේ නැති
වෙද්දි උඹට කිරි හෙව්වෙ උඩව්වෙ
වැස්සියන්ගෙ ගොම ඇදලා.එහෙව්
උඹ කොහෙවත් ඉන්න මායාකාරියකගෙ
දැපනෙ වැටිලා ඔය යන්න හදන්නෙ
මරු කටට.පොඩ්ඩක්
අහපන්.උඹ
නැති වුණොත් මං මේ ලෝකේ
තනිවෙනවා.කොහොමත්
ඔය සක්කර වට්ටම මේ ගෙදරට ගේන්න
මම උඹට ඉඩ දෙන්නෙ නෑ......නෑමයි"
මැණිකෙ
පොළොවේ හැපි හැපී කිව්වත්
සුරන්ජිත්ගේ හිත වෙනස් වුණේ
නැහැ.
"හහ්"
සුරන්ජිත්
මැණිකෙ දිහා බැලුවෙ ඔලොක්කොවට
වගේ. පහුවදා
උදේ පාන්දරම ගෙදරින් පිටවෙලා
යන තමන්ගෙ ආදරණීය පුතා දිහා
මැණිකෙ බලාගෙන හිටියා.හැමදාම
තමන්ට වැඳලා ආශීර්වාද අරගෙන
ඉස්කෝලේ ගිය සුරන්ජිත් තමන්
දිහා නොබලාම යන හැටි දුටු
මැණිකෙගෙ හිතේ ඇති වුණේ ලොකු
කැක්කුමක්.
කාලය
ඔහේ ගෙවිලා ගියා. වෙනදා
වගේම එනසාල් හේනට හඳ පායන හැටි
මැණිකෙ බලා හිටියා.ඒත්
සුරන්ජිත් නැති අඩුව මුළු
පපුව පුරාම කරක් ගහද්දි ඇස්වලින්
බේරෙන ආදරණීය කඳුළු කැට නවත්ත
ගන්න නම් පුළුවන් වුණේ නැහැ.එදා
හැන්දෑවේ පහළ බෑවුමේ මීදුම
අස්සෙන් බස්සෙක් හඬද්දි
මැණිකෙගෙ හිත වෙලුණේ ලොකු
බයකින්. මොකක්
නමුත් අසුබ දෙයක් වෙලා තියන
බව ඒ හිතට දැනුණා. පාන්දරජාමේ
පණිවුඩය අරන් ආවේ හමුදාවේ
මහත්තුරු දෙන්නෙක්. තවත්
ටික වෙලාවකින් මැණිකෙගෙ විලාපය
මුළු දුම්බර බෑවුමම වෙලා
ගනිද්දි අහල පහල හැමෝමවගේ
පුංචි පැල්කොටයට රැස් වුණා.මැණිකෙ
ඇඬුවේ මංජුලාට සාප කර කර.දවල්
වෙද්දි සුරන්ජිත් ආවා -
වාර්නිෂ්
ගාපු ලී පෙට්ටියක හැංගිලා.
සීල් කළ
මිනීපෙට්ටියේ මොනවා තියෙනවාද
කියලවත් නොදැන ,මැණිකේ
පෙට්ටිය උඩින් වනලා තිබුණු
සිංහ කොඩිය කඳුළුවලින්ම තෙත්
කරන්න වුණා.මෙහෙයුමෙන්
පස්සෙ සුරන්ජිත්ගේ ශරීරයේ
ගත යුත්තක් ඉතිරිවෙලා නොතිබුණ
නිසා ඔහේ අමුණපු කෑලි වලින්
හමපු කුවිලයක් පැල්පත පුරා
සැරි සැරුවා. දවසකට
පස්සේ දුඹුරු පාට වාර්නිෂ්
මිනී පෙට්ටිය කඳු මුදුනට වෙන්න
කපපු වළක සැඟවුණත් මංජුලා ඒ
පැත්තටවත් ආවේ නැහැ.
සුරන්ජිත්
ගමේ නොහිටි කාල වකවානුවේදී
මංජුලාගේ අලුත් මිත්‍රයා
වුණේ සුරන්ජිත්ගෙම යාළුවෙක්.
මාස දෙක තුනක්
තිස්සේ සුරන්ජිත් එවපු
සල්ලිවලින් මංජුලා විනෝද
වුණේ තමන්ගෙ අලුත් මිත්‍රයත්
එක්ක.
තමන්ගේ
එකම පුතා පස් යට තනිකරලා ඇවිත්
දවස් තුනකට පස්සේ රෑ යාමයක
මැණිකේ දැක්කේ අමුතුම හීනයක්.හමුදා
ඇඳුමෙන් සැරසුණු සුරන්ජිත්
හිටියේ කඳු මුදුණේ තමන් වළ දාපු
වළ ගාව.මැණිකෙ
තනිකරම සුදු සරියකින් සැරසිලා
තමන්ගේ පුතා දිහා බලා ගෙන
හිටියා. වටෙන්ම
මීදුම ගලා ගෙන එද්දි හෙමින්
හෙමින් අඩිය තියලා ළං වුණු
සුරන්ජිත් මැණිකෙ ඉස්සරහා
වැඳ වැටුණා. ඒ
බැල්මේ තිබුණේ සමාව ඉල්ලන
ස්වරූපයක්.
" මට
සමාවෙන්න අම්මේ"
දණ
ගහගෙන හිටිය තැනින් නැගිටුණු
සුරන්ජිත් මැණිකෙට කිව්වා.
"මයෙ
පුතේ........"
මැණිකෙ
එහෙම කියන ගමන් තමන්ගේ පුතා
වැළඳ ගන්න උත්සාහ කළත් අතට
අසුවුණේ හිස් අවකාශය විතරයි.
" එදා
අකීකරු කමට අම්මගේ හිත රිදවලා
ගෙදරින් ගිය නිසා මට තවමත්
මේ ආත්මයෙන් නිදහස් වෙන්න බෑ
අම්මේ. අම්මා
හැමදාම මා වෙනුවෙන් පින්
දෙන්න. හාමුදුරු
කෙනෙක්ට දානයක් දීලා මට පින්
අනුමෝදනා කරන්න කියන්න.
ඒ එක්කම පුංචි
කාලෙදි අම්මා මගේ ඉණේ බැන්ද
මේ දිය ලණුව පන්සලේ බොධියේ අත්තක
ගැට ගහන්න.එතකොට
මට මේ ආත්මයෙන් නිදහස් වෙලා
සුගතියට යන්න පුළුවන් "
මැණිකෙ
බලාන ඉද්දිම තමන්ගේ ඉණේ රැඳිලා
තිබූ නූල ගලවපු සුරන්ජිත්
පැත්තකින් තිබුණු මිනීවළේ
පස් කන්ද මත තැන්පත් කළා.
මැණිකේ
ඇහැරුණේ ඒ වෙලාවෙදි.
හීනයකින්
වුණත් සුරන්ජිත් කියපු ඒ දේ
මැණිකෙගේ හිතේ සටහන් වුණා.
දවස් දෙක
තුනක්ම එකම විදිහට ඒ හීනය
පෙනෙන්න වුණාම මැණිකේ තීරණය
කළේ තමන්ගේ පුතා වළ දැමූ තැනට
යන්න. උදේම
සුදු සාරියකින් සැරසුණු මැණිකේ
හෙමින් හෙමින් කඳු මුදුනට
ගියා.මීදුම
මැද්දෙන් වුණත් මිනී වළේ පස්
කන්ද දැකපු මැණිකෙට හැඬුම්
එන්න වුණා.
පස්
මත හිටවපු පොල් මල තිබුණේ පරණ
පාටකට පත්වෙමින්. මැණිකේ
දණ ගහගෙන පස් කණ්ඩියට ඔළුව
තියා ගත්තා.තවත්
ටික වෙලාවකින් ඔළුව උස්සද්දි දැක්කේ ඉණ නූලක්.
කළු සුදු
පබළු දෙකක් රැඳුණු ඉණ නුල
සුරන්ජිත්ගේ බව මැණිකෙ අඳුර
ගත්තේ සැකයක්
නැතුවමයි.ඒත්..........ඒත්.........සුරන්ජිත්ගේ ඉණ වටේ තිබුණු දිය ලණුව එතෙන්ට ආවේ කොහොමද?
මැණිකෙ
වික්ෂිප්ත වුණා.ඇය
හිටියේ මායාකාරී හීනයකුත්
යථාර්ථයත් අතරේ අතරමං වෙලා.
කොහොම
නමුත් හීනයෙන් සුරන්ජිත් කී
විදිහටම දාන මාන දී පින්
අනුමෝදනා කරන්න මැණිකේ අමතක
කළේ නෑ. එක
හැන්දෑවක පන්සලට ගිය මැණිකේ
සොහොනේ පස් කන්ද මතින් අහුල
ගත් දිය ලණුව බෝ අත්තක ගැට ගැහුවේ
ලොකු වේදනාවක් හිතෙන් අයින්
කරගන්න ගමන්. ඒත්
ඊට පස්සේ කිසි දවසක සුරන්ජිත්
මැණිකෙට හීනෙන් පෙනෙන්න වුණේ
නෑ.
ඔහු
සුගතියට යන්න ඇති - අනුමෝදනා
කළ පිනෙන් - අම්මගෙ ආදරයෙන්.
ප.ලි : ප.ලි : නාමයන් පමණක් මනඃකල්පිතය.

හ්ම්ම්... හිතට දැණුන කතාවක්... ඔහොම දේවල් මම දන්න සමාජයෙත් වෙලා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට
Deleteඈහ්......
ReplyDeleteමාර කතාවක් නේ.....
හි හි හි හි....හ්ම්...
Deleteමට ආපු ගමන් බුවඃ හඃ හා කියල හිනා ගියා..මුල ටික නිකන් මටම කියල වගේනේ :)
ReplyDeleteහ්ම්ම්.....ඉහලින් කිව්වා වගේම හිතට ගොඩක් දැනුනා කතාව..
ජය!
ඔව්....ඔයාටත් එක්ක තමයි කිව්වෙ.තව අග්නියි දිනේෂ් අයියයි දෙන්නත් බයයිනේ....
Deleteහැමදාමත් වගේ හිතට දැනෙන්න ලියලා
ReplyDeleteබොහොම ස්තූතියි මීගොඩ...
Deleteහ්ම්ම්ම්ම් ! සංවේදී කතාවක්...
ReplyDeleteබොහොම ස්තූතියි ලිහිණි.
Deleteමං හිතුව බයවෙන කතාවක්ද කියල........!!!
ReplyDeleteහැමදාම බය කරලා බෑනේ.බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.
Deletehithata danena kathawak kiyala thama kiyanna tiyenne.
ReplyDeleteබොහොම ස්තූතියි අවතාර්.ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteමාරම සංවේදියි මචං.මට මැවිලා පෙනුන අම්ම පුතාගේ සොහොන ලග ඉන්න දර්ශනය.
ReplyDeleteබොහොම ස්තූතියි මචං.මටත් ඕන වුණේ ඒ සිතුවිල්ල මවන්න තමයි.
Deleteලස්සනයි... ලියලා තියන විදිහ.. ඇත්ත කතාවක් වගේ නේද ?
ReplyDeleteමේ පාට වෙනස් කොරන ක්‍රමේ තාම අහුවුන්නැද්ද.. ? පිස්සු හැදෙනවා අප්පා...
ඔව්....ඇත්ත කතාවක්ලු සෙන්නා.තාම හම්බවුණේ නෑනේ සෙන්නා.බලපන්කෝ..
Deleteඅම්මට සිරි ඇත්ත කතාවක්ද?
ReplyDeleteඅඩේ පට්ටෙට ලියලා තියෙනවා.අන්තිම ටික කියවද්දී හිරිවටුනා,ඒත් බය හිතුනේ නෑ
ඔව් මඩේ.....ඇත්ත කතාවක්ලු.තෑන්ක්ස්.
Deleteකෙල්ලො නිසා අම්මලට දුක් දෙන්න හොද නෑ අප්පා...
ReplyDeleteඅනිවා තරී..සීයට සීයක් එකඟයි.
Deleteසංවේදී කතාවක් අමිල ...
ReplyDeleteබොහොම ස්තූතියි ශානක.
Deleteඅනේ අනේ අමියො.....හප්.....බය වෙනව කීල තිං වීලුවත ගන්නෙපා හලිඩ...පවුනෙ හලේ.....හහ්...
ReplyDeleteකතාව ගැනනම් වෙනද වගේම කියන්න කිසිම දෙයක්නෑ...“සුපිරී..“ කියල කියන්නම්...ඊට එහා දෙයක් කියන්න ගියොත් පෝස්ට් එක අපරාදෙ....
බොහොම ස්තූතියි අග්නි....නෑ නෑ විහිළුවට ගත්තෙ නෑ.
ReplyDelete@A.Wickz
ReplyDeleteගොඩක් ස්තූතියි කොල්ලෝ මම ලිහිණි අක්කගෙන් අහලා තිබුන ගැටලුවකට ගොඩක් විස්තර ඇතුව පිළිතුරු දීලා තිබුණට... මමත් කල්පනා කලේ BIT ම කරන්නම් කියලා... BIT කරන්න කලින් මට FIT කරලා ඉන්න වෙනවා... ඒ ලෙවල් නැති නිසා... BIT ගැන මම එයාලගේ වෙබ් සයිට් එකෙන් නම් තොරතුරු දැනගත්තා... ඒකෙ රෙජිස්ටර් වුණාට පස්සේ අපිට ඉන්ටනෙට් හරහා ඉගෙනගන්න පුලුවන් කියලා තියෙනවා... කොහොමද බං ඒ වැඩේ කෙරෙන්නේ... අර නෝඩ් මධ්‍යස්ථාන වල වගේද? ඔයාගේ ඊමේල් එකක් නැති නිසා මගේ ප්‍රශ්ණ අහන්න වෙන්නේ මෙතන තමා... කරදරයක් නැත්නම් මගේ ඊමේල් එකට රිප්ලයි කරන්න... එතකොට මෙතන කැත වෙන එක අඩු වෙනවනේ මචෝ... [ sameerarukshans@gmail.com ] සුභ දවසක් එහෙනම්... මොනවා හරි දැනගන්න තිබුණොත් මම අහන්නම්කෝ...
ම්ම්ම්... සමහර වෙලාවට මේ වගේ සිද්ධීන් වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න අමාරුයි නේ.. තවත් සාර්ථක අද්භූත කතාවක්..
ReplyDelete