ආදරවන්තයන්ගේ
පටුමග දිගේ පිපුණු ක්‍රිසැන්තිමම්
මල්වල සුවඳ තවමත්.....මහවැලියේ
නිසල ජල තලය මතින්, හඳ පෑයූ
දවසට හමනවා ඇති - අකාලයේ
මළ ආදරවන්තයන්ගේ, නොමළ
ආදරය කොඳුරමින්.
මේ.........පේරාදෙණියේ
තවත් එක් කතාවක්......
නෑ............මම
ලැහැස්තිවෙන්නේ 'හිල්ඩා
ඔබේසේකර' නේවාසිකාගාරයේ
සැරිසරන සුප්‍රසිද්ධ හිල්ඩා
කුමාරි ගැන කියන්නවත්,
'අක්බාර්'
එකේ ජනෙල්
පඩි උඩ නැගලා ඉන්න මිටි මනුස්සයා
ගැන කියන්නවත්, 'මාර්කස්
ප්‍රනාන්දු' එකට
යනපාරේ රෑ යාමයට පෙනෙන විකාර
ගැන කියන්නවත් නෙමෙයි.මේක
වෙනස් කතාවක්.
පවුලෙ
එකම දරුවා විදිහට රත්නපුර
දිස්ත්‍රික්කයේ සුන්දර පළාතක
හැදුණු වැඩුණු නිසාම බීටා
ගොඩක් වෙලාවට කැමති වුණේ තනියම
ඉන්න.සමහර
දවස්වල හැන්දෑවට නේවාසිකව
හිටිය 'සංඝමිත්තා'
එකේ පළවෙනි
තට්ටුවට වෙලා ඈතින් පෙනෙන
හන්තාන දිහා බලා ඉන්නත් ඇය පුරුදු වෙලා හිටියා.ඒ
වෙලාවට තනිකම කියන දේ
ආත්මය වසාගත්තත්, ඒ
හැඟීමට බීටා ආදරය කළා.සමහර
විට මේ සිදුවීමට මුහුණ දෙන්න
හේතුව වෙන්න ඇත්තෙත් 'තනිකමට'
ඇය කළ ආදරය.
එදා
යාන්තමට පොද වැටුණු දවසක්.හන්තාන
කඳු වැටියේ මීදුමෙන් වැසුණු
බෑවුමේ ඉඳන් ගලාගෙන ආපු දිය කදුරු වලින් පාර තෙත්වෙලා තිබුණා. මල් කුඩෙත් ඉහළගෙන පුංචි පුංචි දිය කඩිති උඩින් පැන පැන ආ බීටා ඇතුළු වුණේ සංඝමිත්තා
නේවාසිකාගාරයට. ඒ
වෙද්දිත් දේශනයට සහභාගිවෙලා
තමන්ට කලින් පැමිණි අය හැන්දෑවේ
'කලා මණ්ඩපයේ' පෙන්නන්න නියමිත චිත්‍රපටය
බලන්න සූදානම් වෙන හැටි ඈ
දැක්කා.දිය
බේරෙන්න කුඩේ දිග හැරලා
පැත්තකින් තියලා අතේ තිබුණු යතුරෙන් හෙමින් සැරේ විවෘත
කළේ තමන්ගේ කාමරයේ ද්වාරය.
උඩු කොටස
එහා මෙහා යාන්තමින් පෙනෙන
මල් වීදුරුවකින් හැඩවුණු ලී
දොර 'කීස්'
ගාමින්
ඇරෙද්දි බීටගේ හිතේ ඇති වුණේ
චකිතයක්. ඒත්
තමන් වගේම ,වම්
පැත්තේ කාමරයේ හිටි මංගලිකා
හා නලිනි කියන මිතුරියනුත්
චිත්‍රපටය බලන්න නොගිහින්
නතර වෙන බව දැනගත් බීටගේ සිතේ
සහනයක් ඇති වුණා. තවත්
ටික වෙලාවකින් මුළු නේවාසිකාගාරයම
ගිලිලා තිබුණේ හිත කළඹන
නිහඬතාවයකින්.තුන් දෙනෙක් ඇරෙන්න නේවාසිකාගාරයේ අනෙක් හැමෝම හිටියේ කලා මණ්ඩප ශාලාවේ සුන්දර වෘතාන්තයක් රසවිඳිමින් .
ඇඳ
උඩ වාඩි වෙලා පොතක් බලමින්
හිටි බීටාට ඇහුණේ එළියේ ඇද හැලෙන පොද වැස්සේ
හඬ විතරයි.කොරිඩෝවේ
දල්වලා තිබුණු විදුලි පහනක
එළිය ඝනකම් ලී දොරේ මල් වීදුරුව
අස්සෙන් කාමරය
ඇතුළට යාන්තමින් පෙරිලා ඇවිත් ඇතුළේ තිබුණු අඩ අඳුර
නැති කළා.මිතුරියන්ගෙ
කාමරය දිහාවෙන් සද්දයක්
නොනැගුණේ ඒ අය නිදාගෙන හිටිය
නිසා වෙන්නැති. වටෙන්ම
අඳුර ගලමින් තිබුණා.
බීටා පිට
පැත්තෙ ජනේලය වහලා දැම්මෙත්
හිරිකඩ හුළඟක් කාමරේ ඇතුළට
එන්න දඟලපු නිසා.
තවත්
පැයක් විතර ගත වෙන්න ඇති.
බීටාට
ඇහුණේ අඩි සද්දයක්.
ඒක.............ඔව්
ඒක අමුතුයි. චිත්‍රපටය
බලලා ආපහු නේවාසිකාගාරයට එන
ළමයෙක්ගෙ වෙන්නැති කියලා
මුලින් හිතුණත් චිත්‍රපටය
ඉවර වෙන්න තව ගොඩක් වෙලා වෙලා ගතවෙන්න ඕන බව
බීටාට මතක් වුණා.ඒ
උස් අඩි පාවහන් වලින් නැගුණු
ආවේණික හඬ අවිඥානකව බීටගේ
ආත්මයට කැන්දගෙන ආවේ භීතියක්.
හෙමින්
සැරේ තමන්ගේ කාමරය ඉස්සරහින් කොරිඩෝව දිගේ
දෙපාරක්ම ඇදුණු අඩි ශබ්දයට
බීටා කන්දීගෙන හිටියා.තුන්
වෙනි වතාවටත්
අඩි ශබ්දය ඇහෙද්දි බීටාට
ඉබේම බැලුණේ ද්වාරයේ උඩු කොටසේ සවි කරපු මල් වීදුරුව දිහා.දකුණේ
ඉඳන් වමට ඇදුණු ඡායාවක් එකපාරටම වැඩිකළේ
බීටාගේ හිතේ පැසවමින් තිබුණු
චකිතය.ඒ
හඬේ තිබුණු අද්භූත බව පොද
වැස්සක වුණත් නළලේ මතු
කළේ සිහින් දාඩිය බින්දු
කිහිපයක්.ආයෙමත්
සැරයක් වමේ ඉඳන් දකුණට ඇදෙන
අඩි ශබ්දයේ හඬ ඇහුණු බීටා,
තමන්ගේ කකුල් දෙකත් ඇඳ උඩට
අරගෙන ගුලිවුණේ මුළු ඇඟම
ගැහෙද්දි.ඒත්.................ඊළඟ මොහොතේ අඩි
ශබ්දය නතර වුණා.හරියටම
දොරට ඉස්සරහින්!
මල්
වීදුරුව හරහා අපැහැදිලි විදිහට පෙනුණේ තමන්ගේ කාමරය
දිහා බලාන ඉන්න රූපයක්.ඊළඟට ඇහුණේ වේගයෙන් හති හලන හඬක්. තත්පරයක්වත්
ගත නොවෙන්න ඇති. දොරේ උඩු කොටසේ කැටයම් කළ මල් වීදුරුව මතට
ක්ෂණිකව පතිත වුණේ අතක්.ඒ
අත්ලේ තිබුණු රේඛාවන් පවා යාන්තමින් හෝ නොපෙනුණා නොවේ.ඒ
එක්කම හෙමින් සැරේ කරකැවුණු
දොරේ අගුල තව දුරටත් බීටාව නිහඬව තබන්න සමත් වුණේ නැහැ.
ඇඳෙන්
බිමට පැන්න ඇය කාමරයෙන්
පිටවීමේ එකම මග වුණු ඒ දොරෙන්ම
කොරිඩෝවට පැන්නේ මුළු 'සංඝමිත්තා'
ශාලාවටම
ඇහෙන්න කෑ ගසමින්.ඒත්
...........තමන්ගේ
කාමරයේ දොර ඉදිරියේ සිටගෙන
හිටි රූපය දුටු බීටා මදකට
ගොළුවුණා. ඇය
දුටුවේ සුදු මංගල ඇඳුමක් ඇඳි
යුවතියක් කොරිඩෝවේ සිට ගෙන
වුන් හැටි.ඒත් යුවතිය කෙරෙන් පළවුණේ අසාමාන්‍ය
අස්වාභාවික ගතියක්.සුදු
මැලි පාට මුහුණේ ලියැවිලා
තිබුණේ මුළුමනින්ම දැවෙන
අසරණ කමක්.හරියට
.........තමන්ගේ දුක්බර කතාව කියන්න,
තමන් වගේම තනිවුණු කෙනෙක්
හොයනවා වැනි හැඟීමක්.සුදුමැලි
මුහුණේ ඇස් යට කළු වෙලා තිබුණා
- මළමිනියක
වාගේ.ඒත්
ඇහි පිල්ලම් එක මොහොතකටවත්
සැලුණේ නැහැ.කොරිඩෝව
දිගේ කොච්චර විදුලි පහන්
දැල්විලා තිබුණත් බීටා දැක්කේ
තමන්ගේ සෙවණල්ල විතරයි.හිරිකඩ
මුහු වෙච්ච සුළඟට සෙළවුණේ
තමන්ගෙ කෙහෙරැල්ල විතරයි.යුවතියගෙ හෙවණැල්ල අතුරුදහන් වෙලා තිබුණා.ඈ එක මොහොතකටවත් සැලුණේ නැහැ - තමන් දිහා බලාගෙන හිටියා මිසක්. ඇගේ
සුදුපාට ගවුමේ යට කොටසින්
එළියට ආපු උස් අඩි පාවහන් යුවල
බීටා දැක්කා.ඒ
පාද වැහිලා තිබුණේ සුදුපාට
මේස් වලින්-හරියට මිනියක කකුල් දෙකක් වගේ.එක
අතක දිගු ඇඟිලි ද්වාරයේ රවුම්
අගුල වටේට එතිලා තිබුණා.තමන්
ඉදිරියේ ඇහිපිය නොසොල්වා බලා
හිඳින යුවතිය ප්‍රාණකාරියක්
නොවන බව සිතා ගන්න බීටාට
අමාරුවුණේ නැහැ.ඇය
කෑ ගහගෙන දිව්වේ යාබද කාමරය
දිහාවට.
කෑ ගැහීම ඇහිලා දොර ඇරගෙන
කොරිඩෝවට ආ මංගලිකාගේ ඇඟේ බීටා එල්ලෙද්දිත් ආගන්තුක යුවතිය
ඔවුන් දිහා බලා හිටියා.ඇය
දිහා වරක් බැලූ මංගලිකා ඊළඟට
බැලුවේ තමන්ගේ ඇඟට තුරුළුවුණු මිතුරිය දිහා.ඒ
එක්කම කාමරයෙන් එළියට ආ නලිනිට
දකින්න ලැබුණේ නම් සම්පූර්ණයෙන්ම
හිස් වෙච්ච කොරිඩෝව විතරයි.අද්භූත
යුවතිය යන්න ගිහින්.ඈ...............ඇහිපිය
හෙලන ක්ෂණයෙන් යන්නම ගිහින්
තිබුණා.
ඉක්මනටම
කාමරයට වැදිලා දොර වහගත්තු
මිතුරියන් ආයෙමත් දොර විවෘත
කළේ චිත්‍රපටය බලන්න ගිහින්
හිටි අනෙක් මිතුරියන් ඇවිත්
කතාකළාටත් පසුවයි.බීටා
තමන්ගේ අත්දැකීම විස්තර කරද්දි
හැමෝම කලබල වුණා. අඩි
ශබ්දය යාබද කාමරයේ වුන්
දෙදෙනාටත් ඇසී තිබුණු නිසා
බීටාගේ අත්දැකීම හිතලුවක්
නොවෙන බව තේරුම් ගන්න අපහසු
වුණේ නැහැ.මංගලිකා
කොරිඩෝවේදී දුටු සිදුවීම
නිසා එය තවත් සනාථ වුණා.
ඒත් ප්‍රාරම්භය දැනගෙන
හිටියේ එකම එක ජේෂ්ඨ ශිෂ්‍යාවක්
විතරයි.
".............මම
මෙහාට එන්න කලින් අවුරුද්දෙදි
මොකද්දෝ ආදර පළහිලව්වක් නිසා
ඔය ළමයා සිය දිවි නසාගත්තේ
බීටා හිටිය කාමරේ එල්ලිලාලු......"
ඇය එහෙම කියද්දි නේවාසිකාගාර ශිෂ්‍යාවන්ගේ ඇඟේ හිරිගඩු පිපුණේ හන්තාන පැත්තේ ඉඳන් හමාගෙන ආපු හිරිකඩ තැවරුණු වැහි හුළඟ වැදිලා නම් නෙමෙයි.........මළගිය ශිෂ්‍යාවක විසින් නේවාසිකාගාරය පුරා විසිර වූ අද්භූත මරණීය හැඟීමක් නිසා.
ප . ලි : 1).මේ කතාව මට කිව්වේ Hani's life බ්ලොග් එක ලියන මගේ ආදරණීය මිතුරිය යොහානි. ඒ ගැන යොහානිටත් එයාගේ අම්මටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.
2).මම කාලෙකට කලින් ලියපු එක ලිපියක් එක්ක මේ කතාව ටිකක් ගැළපෙනවා වගේ. හොස්ටල්.දන්න කෙනෙක් ඉන්නවනම් සම්බන්ධතාවය සනාථ කරන්න.
3).මගේ සහෝදරයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් නිසා කාලයක් මටත් ඒ සරසවියට ඇතුළු වීමේ ආශාවක් තිබුණා.results වැඩිවුණහමත් බෑනේ.මම අද මෙහේ.නැත්තම් ආතල් එකේ හොල්මනක් එක්ක රටකජු ගොට්ටක් හප හපා ඉන්න තිබුණා :P
2).මම කාලෙකට කලින් ලියපු එක ලිපියක් එක්ක මේ කතාව ටිකක් ගැළපෙනවා වගේ. හොස්ටල්.දන්න කෙනෙක් ඉන්නවනම් සම්බන්ධතාවය සනාථ කරන්න.
3).මගේ සහෝදරයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් නිසා කාලයක් මටත් ඒ සරසවියට ඇතුළු වීමේ ආශාවක් තිබුණා.results වැඩිවුණහමත් බෑනේ.මම අද මෙහේ.නැත්තම් ආතල් එකේ හොල්මනක් එක්ක රටකජු ගොට්ටක් හප හපා ඉන්න තිබුණා :P


wow...you made it Wikz.... niyamai...echcharai kiyanna thiyenne...:)eka athththatama niyamai.. matath baya hithenna liyala thiyenawa..
ReplyDeleteThankz Yo...all the details gave you.Hence,glory goes to you.Lets make an another story when you are free.Thankz again!
Deleteyou are welcome Wikz.... :) If I find something new I'll let you know....
Deleteහැමදාමත් වගේ.. භය දැනෙන්න ලියල තියනවා
ReplyDeleteබොහොම ස්තූතියි මී බබා!
Deleteඔයාගේ බ්ලොග් එකේ link එක මට හොයා ගන්න බැහැනේ.help එකක් දෙන්න.
හම්මෝ....යන්න ආසාවෙන් ඉන්නෙ....දැන්නම් බෑ බෑ වගේ......:‘(
ReplyDeleteබෑ කියලා බෑ.යන්න යන්න.ගිහින් වැඩ කරලා හොඳට pass වෙන්න.හොල්මන් බලන් ඉන්නවලු ඔයා එනකන්.
Deleteමං මේක කියවන්න කලින් බැලුව ෆිල්ම් එකත් ටිකක් horre එකක් වගේ.මේකත් කියෙව්වම හොද ගාන.දැන් සැපට නිදාගන්න පුළුවන් :)
ReplyDeleteමට කියන්න තියෙන්නේ "සුබ රාත්‍රියක් " කියලා තමයි.ඔන්න කවුරු හරි නිදාගෙන ඉන්න ඔයාගෙ බෙල්ල සීතල අතකින් අත ගෑවොත්......අපි නැහැ හොඳේ..
Deleteඅවුලක් නැතුව එදා සැපට නින්ද ගියා ;)
Deleteහැමදාමත් වගේ අති විශිෂ්ඨයි....
ReplyDeleteබොහොම ස්තූතියි ශානක.දිගටම එන්න.
Deleteසිරාවට ඇයි පේරා කැම්පස් එකේ ඔච්චරටම හොල්මං??????
ReplyDeleteඒක තමයි තරී. අපේ ඒවයේ ඉන්නේ පණ තියන හොල්මන්නේ..
Deleteඇත්තටම කියවන හිතක බය දැනෙන්න ලියලා තියෙනවා..!
ReplyDeleteසාර්ථකයි සහෝ.
බොහොම ස්තූතියි නන්දු.ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteඅදත් උපරිමයි මචං..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් අයියේ..
Deleteනියමයි..රෑට මේ කතා මතක් නූනොත් හොඳයි..:)
ReplyDeleteබොහොම ස්තූතියි හිරු හිමාවී.නෑ නෑ...ඔයාගෙ බෙල්ලත් අද රෑට සීතල අතකින් අතගාවි.
Deleteඑල ඈ...
ReplyDeleteThankz ඈ...
Delete:D koma unath campus yanawanam yanna one Peradeniyata... ekatath pera pin one man hithanne...:)lassanama then walin ekak...
ReplyDeletepera pin nahane.lol.mamath thama eka paatai gihin tiyenne.oyalage amma lucky..:D
DeleteOu eka aththa..... :D tikak baya unath man nam keepa wathawak gihin tiyanawa....bt holman dakke na
Deleteඅදමයි මේ පැත්තට ආවේ ,හොදටම ලියලා තියෙනවා උපරිමයි ...
ReplyDeleteබොහොම ස්තූතියි රොබින්.ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteඅදමයි මේ පැත්තට ආවේ.....
ReplyDeleteඅන්තිම වාක්‍ය දැක්කම මට කියන්න ආපු එක අමතක උනා...
හොල්මන් එක්ක රටකජු කන්න හිතන එකෙක් මේ දැක්කමයි.. හි හි.....
ගොඩක් හොස්ටල් වල ඔය වෙග් කතා තියෙනවා.... මට මතකයි අනුලා එකේ ඉස්සර හොස්ටල් එකක් තිබුනලු.. එකේ හොල්මන් කියලා මං යන කාලේ බිල්ඩින් එක වහලා තිබුනේ.. පස්සේ පුස්තකාලේ එතනට දැම්මා.. මම අවුරුදු දෙකක් හිටියෙම ඕකේ.. හැබැයි හොල්මන් ගතියක් තිබුණා.. හොල්මන් නම් හිටියේ නෑ....
බය හිතෙන්න කතාව ලියලා තියෙනවා....
මේ සයිට් එකත් හොල්මන් වගේනේ අප්පා... කලුම කලුයි.. හි හි...
Deleteඅර කිව්වත් වගේ කළු වැඩි හන්දද මන්දා කියවද්දී ඇස් රිදෙන්න ගන්නවා. පාට පොඩ්ඩක් වෙනස් කලා නම් අපූරුයි...
Deleteනම " යාමය " හන්දද කළු පාට ?
කතාව නම් ලස්සනට ලියලා තියෙනවා
හිරු අක්කා : බොහොම ස්තූතියි.රටකජු ....හෙහෙ...මම අනුලා එකේ කතාවත් හොයලා බලන්නම්කෝ එහෙනම්.ඔව් ඔව්...කළුපාට හොල්මන් හින්දා තමයි.
Deleteලිහිණි: මම මේ interface එක වෙනස් කරන්න ගොඩක් උත්සාහ කළා. මොකද්දෝ අවුලක් තියනවා. කළු පාට දාලා තියෙන්නේ බය වැඩි කරන්න.ඒත් ඔයාලා බය නෑනේ.
බය හිතෙන්න...ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ
බොහොම ස්තූතියි රෙහානි.ආයෙත් ඇවිත් යන්න එන්න.
Delete"මෙහේ" කිව්වේ මෝරා ද?
ReplyDeleteහපෝ පේරාදෙණියේ තියෙන්නෙම හොල්මන් කතා නේ. අපේ තාත්තත් එහෙ ආදී සිසුවෙක්. ඒත් මට තාම එක පාරක්වත් යන්න බැරි උනා :(
ඔව් සයුරි...මෝරා තමයි.අප්පච්චි එහේ ආදි ශිෂ්‍යයෙක්නම් තව තව හොල්මන් කතා දන්නවා ඇති.
Deleteඈ..... එතකොට මෝරාද?
ReplyDeleteඑල එල
ඔව් මෝරා තමයි.බොහොම ස්තූතියි.ආයෙත් එන්න හොඳේ..
Deleteඅප්පට මිත්තා එකෙත් හොලම්න් තියනවද?
ReplyDeleteතියනවලුනේ......
Deleteම්ම්ම්.... හොල්මන් වලට අපිට කරදර කරන්න පුළුවන්ද?? බය කරනවා ඇරෙන්න? ශාරිරික කරදර?
ReplyDeleteඒක රඳා පවතින්නේ ඒ ආත්මීය කොටස්වල තියන ශක්තිය මත.පදාර්ථමය ස්භාවයක් හෝ වෙනත් පදාර්ථමය නොවන ශක්ති විශේෂයක් බරපතල ලෙස නැති ආත්මීය කොටස් බොහොම දුර්වල බව කියන්න පුළුවන්.ඒ වගේම අනිත් පැත්තටත් එහෙමයි.
Deleteඑතකොට එහෙම එක මිය ගිය ආත්මයක් ශක්තිමත් වෙන්නත් තව ආත්මයක් දුර්වල වෙන්නෙත් කොහොමද??
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅමිල, හොල්මන් ගැන මගේ ම අත්දැකීම් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.. ඒ දේවල් ඇත්ත කියලා හුඟ දෙනා නොපිළිගන්න නිසා මම ලියන්න කැමති නෑ.. :)
ReplyDeleteපිළිගන්න ප්‍රමාණයකුත් - අඩු ගාණේ ඒ ගැන හිතල බලන කට්ටියකුත් ඇති නේද? ආයෙත් වතාවක් හිතලා බලන්න...........ඔයා ලියාවි.
ReplyDeleteහොල්මන් වගේ මට නම්....මම නම් පිළිගන්නවද නැද්ද කියල මටත් ෂුවර් නැහැ....
ReplyDeleteමටත් එහෙම තමයි අක්කේ
ReplyDelete