ඉස්සර හැන්දෑවට
කළු පාලමේ ඇන්ද උඩ
එක ළඟින් ඉඳගෙන
පහළින් ලෙලෙන
ජල තලයේ මැවෙන
බල බලා අපේ රූ දෙස
ඉඟි කළා මතකද..............?
'ඒකි බොරුකාරියක්'
කියල කිව්වහම
රවල මා දෙස බලා - උඹ
විසිකළා කළු ගලක් ගං දියට
බොඳකළා මිතුරු රූ
එක ළඟින් හිඳ කෝලම් කෙරූ...............
අපල කාලය ළංවී
චපල ආදරය අහිමිව
සිහින බොඳවී අඳුරු වූ විට
ඇයි සිතුවෙ හාදු දෙන්නට
වියළි සිල්පරයකට - නුඹ...........
මගේ රුව විතරක් අද
මැව්වත් පහළ ගං දිය
මියැදුණු මිතුරු මතක සිහි කර
තවමත් මම මෙතන
කළු පාලමේ ඇන්ද උඩ
ඉස්සර වගේම...........
ඡායා රූපය : නිලූෂාන් රුසිරු (අන්තර්ජාලයෙන්)

ම්ම්ම්.. කවියෙත් තියෙනවා අමුතු ගුප්ත බවක්.. අනේ මන්දා..ඒ මේ යාමය බ්ලොග් එකේ මේ කවිය කියවන නිසාද දන්නැ.. :)
ReplyDeleteලස්සන කවියක් සහෝ..
ගුප්ත බවක්!! හෙ හෙ.බොහොම ස්තූතියි රතු හැට්ටකාරී...
Deleteයාමයේ මේ කවියක් කියවපු පළවෙනි වතාව.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteයාමයේ නිසදැසක් දැම්මේ සෑහෙන කාලෙකට පස්සේ.බොහොම ස්තූතියි දිනේෂ් අයියේ...
Deleteලස්සනයි යාලු..
ReplyDelete(මම හරිද,බ්ලොග් ඔක්කොම ඕපන් කළා හ්ම්ම්,,දැන් ඔයාගේ බ්ලොග් එකත් පේනවා..හොල්මන් කතානේ ඉතින්..බයේ බයේ දෙපාරක්ම කියවන්න ගන්න ගිහින් පස්සේ කියවනවා කියල අන්තිමට පාන්දර උනාම බැලුවා.හච්චෝ..හොල්මන් කතාවක් නෙවේ....හී හී :)
ජයෙන් ජය!
බොහොම ස්තූතියි හිරු හිමාවී.....යාමයට ඔච්චරම බය මොකද?හි හි....හැමදාම බය කරලා බෑනේ.ඒක නිසා බය හිතෙන්නෙ නැති එකක් දැම්මා.
Deleteමගේ රුව විතරක් අද
ReplyDeleteමැව්වත් පහළ ගං දිය
මියැදුණු මිතුරු මතක සිහි කර
තවමත් මම මෙතන
කළු පාලමේ ඇන්ද උඩ
ඉස්සර වගේම...........
"හොල්මන් වෙයි තනියම ඉඳල..!" :D
අනිවා රෙහානි.පිටිපස්සෙන් ඇවිත් කරට අත දාලා ඉස්සර ෆිට් එකට ළඟින් වාඩි වුණාම තමයි හොල්මන් වෙන්නේ...
Deleteමම මේ යාමයේ කවියක් කියවපු පලවෙනි වතාව..ඇත්තමයි අලුත් පොස්ට් 1ක් දාලා තියනවා දැක්කම මම ආවේ හොල්මන් කතාවක් කියවල හොල්මන් වෙලා යන්න..හෆ්ෆෝයි ලස්සන කවියක්නේ.
ReplyDeleteලස්සනම ලස්සනයි කවිය Wickz...
දැන් බලපුවහම හැමෝම යාමයට එන්නේ හොල්මන් මන්දිරයකට එනවා කියලා හිතාගෙනනේ.හි හි හි.....ඔව් හිම කුමාරි...කාලෙකින් තමයි නිසදැසක් ලිව්වේ.බොහොම ස්තූතියි කමෙන්ටුවට.අයෙත් අප්පච්චිව තරහ කරගන්න එපා හොඳද?
Deleteඅපූරුයි... නියමයි... ලස්සණයි... තව කියන්න ගොඩයි... කියන්න වෙලාව මදියි...
ReplyDeleteඅලුත් මල්ලි සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.බොහොම ස්තූතියි.නිදහස් වෙලාවක ආයෙත් එන්නකෝ...
ReplyDeleteඔයාගෙ කතා වගේම තමා ඔයා ලියන කවිත්......මාර විදියට දැනෙනව....නිකන් ඒ කවිය හුස්මගන්නව වගේ....මාත් එක්කම....
ReplyDeleteබොහොම ස්තූතියි අග්නි.ආයෙත් දකින්න ලැබීම සතුටක්.
Deleteඋඹත් කවි ලියන්ඩ ගත්තද ඒ පාර ?
ReplyDeleteමොනවා කරන්නද සෙන්නා.මේ දවස්වල වැලේ වැල් නෑ බං.
Deleteඒ කිව්වෙ ? මක්කැයි වෙලා තියෙන්නෙ ?
Deleteඅලුත් කතාවක් හොයාගන්න නෑ බං.මම ඔක්කොම හොල්මන් කවර් කරලද මන්දා.
Deleteකවිය සිරා
ReplyDeleteකළු පාලම නිසාද මන්ද ඒකෙ අමුතු ගතියක් තියෙන්නේ,මං කියන්නේ අත්භූත ගතියක් තියෙන්න :)
යාමයේ කවියක් කිව්වේ මාත් පලවෙනි පාර
බොහොම ස්තූතියි මඩේ...ඔය පින්තූරේ තියන පාලමේ නමත් කළුපාලම ම තමයි.අපේ පැත්තේ තියෙන්නේ.ඔය හරියේ ඇත්තටම අමුතු අමුතු දේවල් වෙනවලු. "ලු" හරිද? මම දන්නෙ නැහැ.
Deleteඑල එල මචෝ
ReplyDeleteබොහොම ස්තූතියි නරු............
Deleteඋඹේ බ්ලොග් එක ඕපන් කලත්...ගුප්ත බවක් තියෙනවා...!
ReplyDeleteඒත් කවි පෙල ලස්සනයි..!
මරු ඈ...
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඑල....
ReplyDeleteබොහොම ස්තූතියි!
DeleteHmmmmmmmm tikak wenas deayk neda....koma unath lassanai Wikz....
ReplyDeletethankz yo!
Deleteගති!!!
ReplyDeletethankz machan
Deleteනියමයි අමිල!!
ReplyDelete