Saturday, August 11, 2012

බළල් අවතාරය

මර්කොෆ් චිත්‍රශිල්පියෙක්. ජීවත් වුණේ ශාන්ත ලෝරන්ස්වල දෙවැනි පටුමගේ කෙලවර පිහිටි මන්දිරයක.අවිවාහකයෙකු වුණත් ටියුඩර් රාජ සමයේ ගොඩනැගුණු අලංකාර මන්දිරයේ, මර්කොෆ් ගතකළේ හුදකලා ජීවිතයක් නම් නෙමෙයි. තනි නොතනියට හිටියේ ' බොස්කෝ' - හුරතල් බළල් පැටියා.කැන්වස් රෙද්ද මත පින්සල් පහරවල් දඟකරද්දි මර්කොෆ් ළඟට වෙලා  හිටියෙ බොස්කෝ.

එදා ලාවට වැස්ස වැටෙද්දි , හුළඟත් එක්ක පියාඹලා ආව හිරිකඩෙන් බේරෙන්න පහන් කණුව යට ගුලිවෙලා හිටිය බළල් පැටවා දැක්කහම මර්කොෆ්ගේ හිත උණු වුණා.ලොකු ලස්සනක් නොතිබුණත් තනිකරම කළු පාට බළල් පැටියගෙ අමුතු අහිංසකකම මර්කොෆ්ට නොදැනුණා නෙමෙයි.ආදරයෙන් දිගු කළ අත්ලට ගොඩවුණු බළල් පැටියා මර්කොෆ්ගේ පපුවේ උණුහුම පැතුවා.කාත් කවුරුවත් තමන් සමග නොසිටි පාළු මන්දිරයේ දී මර්කොෆ්ට බොස්කෝ හොඳම මිතුරා වෙන්න වැඩිකාලයක් ගියේ නැහැ.ඒ හිතවත්කම නිසාම වෙන්නැති මර්කොෆ්ගේ අතින් ඇඳුණු බොස්කෝගේ සිතුවමට ගිල්වික්වල ප්‍රදර්ශනයෙදි වටිනා සම්මානයක් හිමිවුණේ. මර්කොෆ් කවදාවත් මුදල් බලාගෙන චිත්‍ර ඇන්දේ නැහැ.ඔහුට ඕන තරම් පරම්පරාවෙන් ලැබුණු දේපළ තිබුණා.මාස දෙක තුනකට කලින් මර්කොෆ්ගේ එකම නැගණිය - ඇලීසියා  මොරොක්කෝවෙදි දියේ ගිලිලා මියගිය නිසා මන්දිරයෙ වගේම වතුපිටිවලත් තනි අයිතිය හිමිවුණේ මර්කොෆ්ට.

ඒත් හැමදේම වෙනස්වෙන්න එච්චර කාලයක් ගියේ නැහැ.


දෙවැනි පටුමග දිගේ වේගයෙන් ආපු කැබ් රථයක් ගේට්ටුව ගාව නැවතුණා. දොර ඇරගෙන එළියට බැස්සෙ අලීෆ්. ඒ ඇලීසියා මැදපෙරදිග දි හිතුවක්කාරෙට බැඳගත්තු මුස්ලිම් ඉලන්දාරියා. දොර ඇරගෙන මන්දිරයට ඇතුල්වුණු අලීෆ් ,පුටුවක් උඩ නිදාගෙන හිටි බොස්කෝ විසික්කළේ බෙල්ලෙන් අල්ලලා දෙතුන් වරක්ම හොලවලා.චිත්‍රය කෙරේ මුළු අවධානය යොදාගෙන හිටි මර්කොෆ් ආපසු හැරුණේ බොස්කෝගේ වේදනාත්මක කෑගැසීම ඇහිලා.අලීෆ් පුටුවේ ඉඳගෙන හිටියා.ඒ මූණේ තිබුණේ රෞද්‍ර බවක්.

_
_
_
_
_

අලීෆ් ගියාට පස්සේ මර්කොෆ්ගේ අතැඟිලි වෙව්ලන්න පටන්ගෙන තිබුණා. ඒ බව පෙන්නුවේ කැන්වස් රෙද්ද මත ඇඳුණු ඉරි ඒ කෑලි.පින්සල වතුර භාජනේට ඔබපු මර්කොෆ් පුටුවක් උඩට වැටුණේ ලොකු පශ්චාත්තාපයකින්.තමන් අලීෆ්ට කතා කළා වැරදියැයි මර්කොෆ්ට දැනුණා.අලීෆ් තමන් හිතනවට වඩා දරුණු මනුෂ්‍යයෙක් බව මර්කොෆ් වටහාගත්තා.

" මේ දෙපොළ මට ලියලා නුදුන්නොත් උඹටත් වෙන්නෙ උඹේ නංගිට වෙච්ච දේම තමයි"

මර්කොෆ්ට අයෙ අයෙත් ඇහෙන්න වුණේ අලීෆ් තමන්ගෙ කමිස කොලරයෙන් අල්ලගෙන මහ හඬින් ගුගුරපු දේ.අස්වාභාවික වුණත් තමන්ගේ නැගණියගේ මරණය අලීෆ්ගේ වැඩක් බව මර්කොෆ් කවදාවත් හිතුවේ නැහැ. මන්දිරය - දේපොළ නිසා නැගණියගේ වගේම තමන්ගේ ජීවිතයත් නැතිවෙන්න යන බව මර්කොෆ්ට නොදැනුණා නෙමෙයි.

බොස්කෝ මර්කොෆ්ගේ පාදයේ ඇවිත් දැවතුණේ මේ වෙලාවෙදි.අලීෆ් විසින් විසිකර අසල වූ උල් දාරයක වැදීමෙන් බොස්කෝගේ හිස තුවාල වී තිබුණා. මර්කොෆ්ගේ බය තවත් වැඩි කලේ ඒ තුවාලයෙන් එළියට ආ රතු රුධිරය.
බොස්කෝව තුරුළු කරගෙන අවන්හලට ගිය මර්කොෆ් , අවන්හල් හිමිකරු 'මහත ජිම්'ට සිද්ධවුණු හැමදේම කිව්වේ උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒත් මර්කොෆ් සනසවන එක හැරෙන්න ජිම්ට කළ හැකි වෙන උදව්වක් තිබුණේ නැහැ.සැහෙන්න වෙලාවක් ජිම් උත්සාහකළේ මර්කොෆ්ගේ හිත හදන්න.මර්කොෆ් අවන්හලෙන් පිටවුණේ රෑ එකොළහත් පහුවුණාට පස්සේ. බොස්කෝව පපුවට තුරුළුකරගත් මර්කොෆ් අන්ධකාරෙම හිරිපොද වැස්සෙ තෙමි තෙමි දෙවැනි පටුමග දිහාට ඇවිද යන හැටි ජිම් බලාහිටියෙ දුකෙන්.


ඒත් ඒ දුක දෙගුණ තෙගුණ වුණේ පහුවදා උදේම අවන්හලට පියාඹගෙන ආව ආරංචියකින්.ඇඳගෙන හිටි ඒප්‍රනය පිටින්ම ජිම් දෙවැනි හරස්වීදියට දුවගෙන ගියා. ඒත් ඒ වෙද්දි වෙන්න ඕන හැම දේම වෙලා.මර්කොෆ්ගේ සිරුර පාර මැද වැටිල තිබුණා.මහත ටයර් එකකට යට වුණු නිසාදෝ කොහෙද බොස්කෝගේ ඇඹරුණු ශරීරය තිබුණේ ආදරණීය ස්වාමියාගේ පපුවටම ඇලිලා.




එක කාලකන්ණි හැන්දෑවක මළහිරු බැහැගෙන යද්දි මර්කොෆ්  ළඟින්ම බොස්කෝත් සුසානයේ පස්කන්දකට යටවුණා.

කැබ් රථයක ටයර් සලකුණු නිසා බොහෝ දෙනෙක්ගේ ඇඟිලි දිගුවුණේ අලීෆ් දිහාවට.ඒත් සිද්ධිය දුටු කවුරුවත්ම නොසිටි නිසා අලීෆ් චෝදනාවලින් නිදහස් වුණා විතරක් නෙමෙයි දෙවැනි හරස් වීදියේ පදිංචියටත් ආවා.මන්දිරයට ආව අලුත් අමුත්තගෙ හැසිරීම අන්තිම නරක වුණත් පදිංචිකාරයන් කවුරුවත්ම අලීෆ්ට විරුද්ධව කිස්ත් නොකළේ, ඔහුගේ දරුණු බව දැන සිටි නිසා.මුහුණ පුරා රැවුලක් වවාගත් අලීෆ් සාම්ප්‍රදායික මුස්ලිම් හිස්වැස්මත් ලාගෙන කැබ් රථයෙන් වීදිය දිගේ එහාට මෙහාට වේගයෙන් යන හැටි දෙවැනි හරස් වීදියේ පදිංචිකාරයෝ බලාන හිටියා.

ඒත් කැබ් රථයට වැඩිදවසක් වීදියේ දිගේ දුහුලි විසුරුවන්න අවකාශය ලැබුණේ නැහැ. එක රාත්‍රියක ..........වීදිය කෙළවරට ආසන්න හරියකින් ඇහුණේ මහා හඬක්.ඒ වනවිටත් ඉදිරිපස පහන් දැල්වෙමින් තිබුණු අලීෆ්ගේ කැබ් රථය පාරෙන් පිටතට පැන මාර්ගයේ පැත්තක තිබුණු විශාල ගසක වැදී තිබුණා.අලී අනතුරට පත්වෙලා සිටියේ මර්කොෆ් හා බොස්කෝ ජීවිතවලින් සමුගත් තැනමයි.ඉදිරිපස වීදුරුව කඩාගෙන ආ අලීෆ්ගේ තරබාරු සිරුර වැටී තිබුණේ කැබ් රථයේ ඇඹරී ගිය බොනට්ටුව මත.ඇස් ඇරී තිබුණු මුහුණේ තිබුණේ මහත් බියකට පත්වෙච්ච ලකුණු .අනතුර වූ තැනට ආ කවුරුව්ත් අලීෆ්ගේ නිසල සිරුර ඉවතට ගන්න උත්සුක වුණේ නැහැ. ඒ ඔවුන් විශ්මයට පත්කර තිබුණු නිසා - ලේ තැවරුණු අඩි සටහන් රැසක් බොනට්ටුව මත විසිරිලා තිබුණා - බළල් අඩි !!!

අලීෆ්ගේ මළ සිරුරේ මුහුණ පුරා විසිරුණු සිහින් නිය පහරවල් හිත්වල ඉතුරු කළේ තවත් අභිරහසක්.ඒත් අලීෆ්ගේ සාම්ප්‍රදායික හිස්වැස්ම ලේ තැවරී ,මර්කොෆ් වළලා දැමූ තැන වූ පස් කන්ද මත තිබී හමුවීමෙන් ඒ හිත්වලට ලැබුණේ ප්‍රත්‍යක්ෂ නොවූ ගුප්ත විසඳුමක්.

මර්කොෆ්ගේ මිනීවළට නුදුරින් වූ  කුඩා වළෙහි තවදුරටත් බළල් කුණක් නොමැති වීම ශාන්ත ලොරන්හි හිත්වල වූ ගුප්ත විසඳුම තීව්‍ර කළේ අසාධාරණයට ජීවයක් නැතිබව කොඳුරමින්.


" තවමන් දෙවැනි හරස් වීදියේ පහන් කණුවක් යට , මද වැසි වැටෙන දිනවල කාල වර්ණ බළල් රුවක් අඳොනා නගන්නේලු"


ප.ලි :
1). මේ කතාව දුන්නේ ලංකාවේ හොල්මන් අප්පිරියා වුණු අයට. කතාව මට කිව්වේ නැ.යු ඉන්න 'අජා'.

2). මේක මම කාලෙකට කලින් ලියලා තිබුණු එකක්.මම ඇත්තටම පබ්ලිෂ් කරන්න හිටියේ මේ දවස්වල නැගලා යන 'මහනුවර බාලිකා පාසලේ හොල්මන් ' කේස් එක. ඒ ගැන විස්තර හොයලා පෝස්ට් එකක් ලිව්වත් ......සමහර සිද්ධි පරස්පර ස්භාවයක් ගන්න නිසා ආයෙත් හොයලා බලන්න හිතුවා. ඒ වගේම කාටවත් හිත් රිදවීම් නොවෙන විදිහට ඒ සිද්ධිය ගලප ගන්නත් අමාරුයි.ඔයාලා කැමතිනම් විතරක් ඒ කතාව පස්සේ පබ්ලිෂ් කරන්නම්.

35 comments:

  1. "බොනට්ටුවේ බලල් අඩි.... ;)"


    කතාව මරු බන්..

    ReplyDelete
    Replies
    1. thankz සාතන් අයියේ...බළල්ලුන්ටත් කාලා ගෙදර ඉන්න බැරුව බොනට් හොය හොයා ඇවිදිනවනේ..

      Delete
  2. බය හිතෙනවා..රෑ වෙලා කියවනවා.....

    ReplyDelete
    Replies
    1. අද බය හිතෙන්නේ නෑ.හරි හරි රෑවෙලාම කියවන්නකෝ :D

      Delete
  3. හැඟීම්බරයි. හොල්මනක් ගැන කිව්වත්, වචනයක් පාසා හිතට දුකක් දැනෙන විදිහටයි ලියල තියෙන්නෙ, බයක් නෙමෙයි.
    ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාධව.ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  4. අපූරුයි,මම කැමතිම,වෙනස්ම බ්ලොග් එකක් මේක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු...කවදද පළවෙනි ඇල්බම් එක එළියට දාන්නේ?

      Delete
  5. ලස්සනයි. නියම දුක හිතෙන කතාවක්. හොල්මං කතාවකට වඩා රසයක් තියනවා. දිගටම කරගෙන යන්න! සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි gaya.... ආයෙත් එන්න.බය වෙන්න ලැහැස්තිවෙලා එන්න........;)

      Delete
  6. බාලිකා පාසල් සිද්ධිය ගැන විවිධ කෝණ වලින් අසා තිබෙනවා, ඔබේ අදහසුත් දැන ගන්න කැමතියි, හැකි නම් පල කරන්න

    ReplyDelete
    Replies
    1. ok......කියනවනම් ඉතින් දාන්නම්.ඒකේ තියන ගැටළුවගයක් ලිහා ගන්න ඕන.ඊට පස්සේ නොවැරදීම කියවන්න ලැබෙයි.

      :D:D:D

      Delete
  7. මේකනම් ගැබැයි ටික බය නැතුව කියෙවුව්වා... කියවපු වෙලාව හොදයි වගේ අදනම්..

    ඇත්තටම මේ බ්ලොග් එක වෙනසක්.. හැම තැනම මේවා නෑනේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.දිනේෂ් අයියා හැමදාම මහ රැ වෙලාවටනේ යාමයට ගොඩ වදින්නේ.අද ටිකක් මිරිස් අඩු කරලා හොද්ද හැදුවේ.ආයෙත් එන්න හොඳේ..

      මම ඉතිං හොල්මන් category කෙනෙක්නේ...:D:D

      Delete
  8. පූසා එල හොල්මං පූසා..
    එල කතාව..
    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. hehehehehehe................තරීට පූසව හොඳට අල්ලලා ගිහින් වගේ

      Delete
  9. ම්ම් ම්ම්

    නුවර සිද්ධිය ගැන ඔයා දාන්න පරක්කු ඇයි කියලයි මම මේ කල්පනා කර කර හිටියෙ.මොකද ඉතින් ඔයා ඒවගේ දෙයක් අතාරින්නෙ නෑනේ....^_^

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතාවක් අතාරින්නේ කොහොමද? ඒත් ඒකේ පොඩි අවුල් වගයක් තියනව.accident එකෙන් නැතිවුණු ළමයාගේ වම් කකුළ තමයි අයින් කරලා තියෙන්නේ.ඒත් අර සුප්‍රසිද්ධ photo එකේ නැත්තේ දකුණු පාදය.ඔය වගේ දේවල් ගැන ආයෙත් හිතන්න ඕන...

      Delete
  10. ලස්සන කතාවක්... උඹේ ලිවිල්ල අපූරුයි.. ඇත්තමයි..

    යෝජනාවක් : මතෘකාව දාද්දි එක එල්ලෙ නොදා ටිකක් වක්‍රාකාරයෙන් දැම්ම නම් කතාවේ කුතු හලය රැදෙනවා.. මම මුලු කතාවම කියෙව්වෙ බලලෙක් හොල්මන් කරන සිදුවීමක් අපේක්ශාවෙන්.. අන්තිමට වුනෙත් ඒක.. එතකොට කුතුහලය අවම වෙනවා... කුතුහලය ඉතුරු කරලා එක පාරටම බළල් අඩි !!! කිවානම් කොහොමද ? යෝජනාවක් පමණී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා..ඔව් ..ඒක හොඳ අදහසක්.මම මගේ මුලින් පෝස්ට්ව්ල වක්‍රාකාර විදිහට මාතෘකා දැම්මේ.ඒත් මට හිතුණා එතකොට news feed එකේ දකින අයට මෙවා හොල්මන් කතා බව අඳුරගන්න අමාරුයි කියලා. ඒකයි හැම වෙලාවෙම මාතෘකාවට 'අවතාර' හරි 'හොල්මන' හරි කියලා කෑල්ලක් එක් කළේ.ඒත් ඉතිං ඔයාලා කියනවනම් මම ආයෙත් පරණ විදිහට දාන්නම්.මම දෙන්න ඕන ඔයාලා කැමති දේවල්නේ....:D:D

      Delete
  11. මේක නම් නියම බ්ලොග් එකක්.දිගටම පස්සෙන් එනවා ඔන්න.
    මම හරි ආසයි මේ වගේ කතා වලට.මේවා කියවල රෑට නින්ද යන්නේ නැති එක ඉතින් වෙනම කතාවක්. ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රමුදි...හැබැයි ඉතිං නින්ද නොයන එකට නැළවිලි කවි කියන්නනම් මම නෑලු...:D:D

      Delete
  12. මං නම් හොල්මන් කතා වලට හරිම මනාපයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිසූපා අක්කේ.....ඇයි ඔයා මට මනාප නැද්ද? :P:P

      Delete
  13. භය හිතුනත් අමතක නොකර මේ පැත්තට එන්නේ ලියල තියන දේ හිතට භය දැනෙන්නම ලියල තියන නිසා.
    මාරයි මේ යාමයනම්.කියලම වැඩක් නෑ.

    WickZ නියමයි.දිගටම මේ වගේ දේවල් ලියන්න.අපි අසාවෙන් බලනවා.

    ReplyDelete
  14. භය හිතුනත් අමතක නොකර මේ පැත්තට එන්නේ ලියල තියන දේ හිතට භය දැනෙන්නම ලියල තියන නිසා.
    මාරයි මේ යාමයනම්.කියලම වැඩක් නෑ.

    WickZ නියමයි.දිගටම මේ වගේ දේවල් ලියන්න.අපි අසාවෙන් බලනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිමා! දිගටම එන්න.මම බය කරන්නම්.

      Delete
  15. අපූරුවට ලියල කතාව මල්ලි...

    ReplyDelete
  16. බොහොම ස්තූතියි දිනිති අක්කේ....:D:D

    ReplyDelete
  17. //තවමන් දෙවැනි හරස් වීදියේ පහන් කණුවක් යට , මද වැසි වැටෙන දිනවල කාල වර්ණ බළල් රුවක් අඳොනා නගන්නේලු"//
    ජරාම සීන් එකක් බලල්ලු අඬන එකනම්.....!

    ReplyDelete
  18. ලොල්............මටත් එහෙම තමයි.අපේ ගෙදර ඩබල නම් නොඅඬන ගාණට හදලා තියෙන්නෙ..

    ReplyDelete
  19. artist ගැන දුකයි.. ලස්සනයි කතාව නම්...

    ReplyDelete
  20. man dan na hariyatama Kandy Case eka nam bt heta Rajina paththareth article ekak thinawa...bt godak clear na kisideyak...

    ReplyDelete
    Replies
    1. mama ada dakka lak bima paththare oya 'rajina paththare' tiyana article eka gana add ekak dala tiyanawa.mama eka ganna kiyala hithuwe.mamath aragenama balannamko.:)

      Delete