සුදු පාට සමර
ගාපු වළාකුළු බැම්මේ යට හරියට වෙන්න බැඳිලා තිබුණේ කොළපාට සෙවළ වගයක්. කාලෙකින් අතුගාපු නැති
නිසාද කොහෙද වැලිතලාවේ හැම තැනම බෝ කොළ විසිරිලා තිබුණා. ඒ කහපාට වෙච්ච බෝ කොළ
එහාට මෙහාට රෝල් වෙවී තිබුණෙ ඉඳ හිට හමන්න වුණු හුළඟක් නිසා. ආවාස ගෙයි ඇතුළෙන්
ඇහුණු කෙඳිරි ගෑම මේධංකර පොඩි හාමුදුරුවන්ගෙ හිත කීරි ගස්සන්න වුණා. ඉස්සරහ පඩිය
උඩ වාර්නිෂ් ගෑව ලී කණුවට හේත්තුවෙලා ඈත බලා ගෙන ඉන්න හාමුදුරුවන්ට පේන්න වුණේ ඇටඹ
ගහයි ගොඩපර ගහයි අතරේ ඇදලා තිබුණු ලණුවේ
හුළඟට ඔහේ වැනි වැනී එල්ලි එල්ලි තිබුණු සිවුර. ඒක ආවාසගෙයි ඇතුළේ කෙඳිරි ගාමින්
හිටි ලොකු හාමුදුරුවන්ගෙ. බුදු ගේ පැත්තෙ එකම දායකයෙක් වත් පේන්න හිටියෙ නැහැ.
චීනට්තච්චි වලින් හැඩකරලා හදපු පහන් වැට තිබුණේ පාළු වෙලා. කාලෙකින් පහනක්
දැල්වෙලා තියෙන්න නැතිව ඇති. මුළු පන්සලම පොඩි හාමුදුරුවන්ගේ හිතේ ඇති කළේ මූසල
හැඟීමක්.හැන්දෑයාමේ තිබුණු නිහඬකම මැකුව ලොකු හාමුදුරුවන්ගේ කෙඳිරිය, ඒ මුස්පේන්තු
ගතිය වැඩි කළා.
එන්න එන්නම
වැඩිවෙන කෙඳිරිය අහගෙන ඉන්න බැරිම තැන තමයි පොඩි හාමුදුරුවෝ ආයෙත් ආවාසේ ගේ ඇතුළට
වැඩියේ. ඒ වෙද්දිත් උපසම්පදාවට දින ගණන් කර කර හිටිය සුමේධ හාමුදුරුවෝ ලොකු
හාමුදුරුවන්ගෙ පපුව අත ගාන හැටි මේධංකර හාමුදුරුවෝ දැක්කා. නහයට දැනුණේ සිද්ධාර්ථ
තෙල් ගඳක්. පොඩි හාමුදුරුවෝ ලී උළුවස්සෙන් එපිට ආයෙත් බැලුවේ, වැලි මළුව දිගේ වෙද
මහත්තයා කැඳවගෙන එන්න ගිය බණ්ඩා දැන් දැන් ඒවියි හිතමින්. ඒත්.............බණ්ඩගෙ
ඡායාවක්වත් දකින්න බැරි වුණා.
ලොකු
හාමුදුරුවෝ වේගෙන් හුස්ම ගන්න වුණා. කෙඳිරියත් එන්න එන්නම උත්සන්න වුණා. සුමේධ
හාමුදුරුවෝ බෝතලෙන් අන්තිම තෙල් බින්දු දෙකත් අත්ලට හලාගෙන පිරිමදින්න වුණේ
වේගයෙන් උස් පහත් වෙමින් තිබුණු ලොකු හාමුදුරුවන්ගෙ පපුව.
ඒත් මිනිත්තු
දෙක තුනකට වඩා ගියේ නැහැ. දෙපාරක් විතර ඉහළට එසවුණු පපුව නිසල වුණා. සුමේධ
හාමුදුරුවන්ගේ මූණේ හැඟීම් වෙනස් වෙනහැටි පොඩි හාමුදුරුවන්ට පෙනුණා. ඒ මූණෙන්
කියවුණු දේවල් වටහා ගන්න මේධංකර හාමුදුරුවන්ට අපහසු වුණේ නැහැ.
ඒ වෙද්දි ලොකු
හාමුදුරුවන්ගෙ අන්තිම හුස්ම පොදත් වාතලයට එකතු වෙලා ඉවරයි. වචනයක්වත් කතා නොකර උන්
තැනින් නැගිටුණු සුමේධ හාමුදුරුවෝ ඊළඟට ගියේ ආවාස ගෙයින් එළියට. වැලේ වනලා තිබුණු
සිවුරත් අරන් ආපසු වැඩිය හාමුදුරුවෝ......අපවත් වුණු ලොකු හාමුදුරුවන්ගෙ දෙපතුළේ
ඉඳන් පපුව දක්වාම සිවුරෙන් වහන හැටි පොඩි හාමුදුරුවෝ බලාගෙන.
ඊළඟට ඇඳ
දෙපැත්තෙන් පත්තු වුණේ පොල්තෙල් පහන් දෙකක්.පන්සල කළුවරේ ගිලෙමින් තිබුණා.
ඇබිත්තිය වුණු බණ්ඩා ආයෙත් එද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. දුර ගමනක් ගිහින්
තිබුණු නිසා වෙද මහත්තයව අල්ල ගන්න බණ්ඩට බැරි වෙලා තිබුණා.
"මමයි,බණ්ඩයි ග්‍රාම සේවක
රාළ හාමිට මේ දේ කියලා වැඩ ටික එකලාසයක් කරගෙන එන්නං. පොඩි හාමුදුරුවන්ට පුළුවන් නේද............අපි
එනකං ලොකු හාමුදුරුවො ගාව ඉන්න? හැබැයි
කොහෙවත් යන්න එපා"
අඳනයට උඩින්
සිවුරක් පටලව ගත්තු සුමේධ හාමුදුරුවන් කී දේට බෑ කියන්න තරම් හයියක් පොඩි හාමුදුරුවන්ට
තිබුණේ නෑ. හුළු අත්තක් පත්තු කරගත්තු බණ්ඩත් එක්ක අඳුරේම ගම පැත්තට වඩින සුමේධ
හාමුදුරුවන් දිහා දුකෙන් බලා ගෙන හිටියේ ඒ නිසයි.පාළු පන්සල් ආවාසගෙයි දොරට
හේත්තුවුණු පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ගේ දේහය දිහා බලාගෙන ඉන්න වුණා. ඒ අස්සේ පොඩි
හාමුදුරුවන්ට මතක් වෙන්න වුණේ අවුරුදු දෙක තුනක් ඇතුළත පන්සල වෙනස් වුණු
හැටි.ඉස්සර හැමදාම හවසට පහන් වැට එළිය වුණේ ගමේ අය හැන්දෑවට පන්සල් ආ නිසයි.මල්
සුවඳ ඉතිරුණා. හැම තැනින්ම පෙනුණේ පින්වන්ත මුහුණු. වෙසක් පෝය දවසට තිබුණු සල්පිල
පොඩි හාමුදුරුවන්ගේ හිතේ ඇති කළේ ලොකු සතුටක්.ඒත් ......... ඒ හැම දේම වෙනස්වුණේ
ලොකු හාමුදුරුවෝ එක හැන්දෑවක පිට පන්සලකින් අරගෙන වැඩිය පුස්කොළ පොත් නිසා.දිනපතා
දායක දායිකාවන් මුණ ගැහිලා කතා බහ කළ ලොකු හාමුදුරුවෝ එදායින් පස්සේ දවස
තිස්සෙම ඉන්න වුණේ ආවාස ගෙයි තිබිච්ච
අඳුරු කාමරේ. ඒ කාමරේ දොර අස්සෙන් නිරන්තරයෙන් එළියට ආවේ ලොකු
හාමුදුරුවන්ගෙ මැතිරිල්ලත් එක්ක එක්කහු වුණු කට්ට කුමංජල් සුවඳක්.ටික ටික පන්සල
වෙනස් වුණා. කල එළි ගතිය හේබා ගියා වගේ වුණා. දායක දායිකාවන්ගේ පැමිණීම අඩුවෙද්දි
ගමේ තැන් තැන්වල පන්සල ගැන කසු කුසුවක් ඇතිවුණා. උදේ වැලි මළුව අමදිද්දි පොඩි
හාමුදුරුවන්ට දෝත පුරා අහුළ ගන්න ලැබුණේ කණ සල්ලි. සමහර දවස්වල අප්‍රසන්න ගඳක්
පන්සල පුරාම හමන හැටි පොඩි හාමුදුරුවන්ට දැනුණා. ඒත් ලොකු හාමුදුරුවන්ගේ මූණේ
තිබුණේ කපටි හිනාවක්. ලොකු හාමුදුරුවෝ යක්කු බැඳ ගෙන වැඩ ගන්න බව මුලින්ම පොඩි
හාමුදුරුවන්ට කීවේ බණ්ඩා. ඒ වෙලාවේ බණ්ඩගේ ඇස් බයෙන් ලොකු වෙලා තිබුණු හැටි මේධංකර
හාමුදුරුවන්ට මතක් වුණා.
"පොඩි
හාමුදුරුවනේ.........සමහර හැන්දෑවල පන්සලට
ඇතුල්වෙන තැන අමුතු මනුස්සයෙක් කැරකෙනවා මං දැකලා තියනවා.ඔළුවේ එක කෙස්
ගහක්වත් නෑ.පෙරලිච්ච කැතම කැත තොල් දෙකක් තමයි තියෙන්නේ.....සෙවල බැඳිච්ච පඩිය උඩට
වෙලා ආවාසගේ පැත්තම බලාගෙන ඉන්නවා. මම මළුව හරහා බෝ ගහට එහා පැත්තෙන් එතනට යද්දි
ඒකා අතුරුදහන් වෙනවා. වෙලාවකට ඒ මනුස්සයෙක්ද කියලත් සැකයි......"
වතාවක් දෙකක්
මේධංකර හාමුදුරුවන්ටත් ඒ අමනුස්සයා දකින්න නොලැබුණාම නෙමෙයි.සමහර රෑකදි පොඩි
හාමුදුරුවන්ට අල්ලපු කාමරේ පැත්තෙන් ඇහුණේ අමුතුම සද්ද වගයක්.ඒ කාමරේ සැතපෙන ලොකු
හාමුදුරුවන් ගණන් කරන හැටි පවා පොඩි හාමුදුරුවන්ට ඇහුණා.ඒත් ඒ තරම් ගණන් කරන්නේ
මොනවද කියන එක දැන ගන්න තියන කුතුහලේටමයි දවසක් යතුරු හිලට ඇහැ තියලා පොඩි
හාමුදුරුවෝ බැලුවේ.කාමරේ ඇතුළේ දකින්න පුළුවන් වුණේ ඇඳළඟින්ම පත්තු කරපු පහනේ
එළියෙන් ලොකු හාමුදුරුවන්ගේ අතේ , රත්තරං පාටින් නලියන කාසි වගයක්.
තව
ටිකක් හොඳින්
බලපු මේධංකර හාමුදුරුවෝ දුටු දෙයින් ගල්ගැහුණා.ලොකු හාමුදුරුවන්ගේ කකුල් දෙක ළඟ
වාඩි වෙලා කෙල බේරෙන දිවත් එළියට දාගෙන හිටියේ පන්සලේ පඩිය උඩ හැන්දෑවට වාඩිවෙලා
ඉන්න එකා.කාසි ගණන් කරන එක නවතපු ලොකු හාමුදුරුවෝ යතුරු කට දිහා බැලුවේ අමුත්තක්
දැනුණු නිසා වෙන්නැති. එදා පොඩි හාමුදුරුවෝ ඉක්මනට තමන්ගෙ කාමරේට පැනලා ඔළුවේ
හිටන් පෙරවගෙන නිදා ගත්තේ බය වැඩි කමටමයි.
ඒත්
..................ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා.තවත් පැයක් විතර යද්දි සුමේධ
හාමුදුරුවොත්, බණ්ඩාත්,
ග්‍රාම සේවක රාළහාමිත් පන්සලට එන හැටි පොඩි හාමුදුරුවෝ දැක්කා.
"පොඩි
හාමුදුරුවෝ බය වුණේ නැහැ නේද...? දැන් ඉතිං
තමන්ගෙ කාමරේට ගිහින් සැතපෙනවා හොඳයි. අපි මේ වැඩ කටයුතු බලා කියා ගන්නම්"
සුමේධ
හාමුදුරුවන්ගේ බසින් පොඩි හාමුදුරුවෝ තමන්ගේ කාමරයට ගියේ සැතපෙන්න ඕන නිසාම
නෙවෙයි. තව දුරටත් ලොකු හාමුදුරුවෝ දිහා බලා ඉන්න අප්පිරියා වුණු නිසයි.ආවාස ගෙයි
ඇතුළු කෙළවරේ පැසේජය දිගේ වැඩිය පොඩි හාමුදුරුවෝ තමන්ගේ කාමරේ දොර ඇරිය - උදාසීන කමකින්.
ඒත්.......දකින්න
ලැබුණු දෙයින් මේධංකර හාමුදුරුවෝ තූෂ්ණීම්භූත වුණා. කාමරේ තමන්ගේ ඇඳ උඩත් මළ මිනියක්!
සිවුරක් පොරවපු ඒ මිනිය ලොකු හාමුදුරුවන්ගේ බව අඳුරගන්න අමාරු වුණේ නැහැ. ඔළුව
දෙපැත්තෙන් පත්තු කළ පහන් වල එළිය වැටිලා භයානක විදිහට දිලිසුණේ බාගෙට ඇරුණු ඇස්
දෙක. ඇඳ පහළ, ලොකු
හාමුදුරුවන්ගෙ මිනියෙ කකුල් දෙක ගාවින් වාඩිවෙලා හිටි පෙරේතයා පොඩි හාමුදුරුවන්
දිහා හැරිලා බැලුවා - කෙළ බේරෙමින් තිබිච්ච දිවත් එළියට දිග්කරගෙනම. පොඩි
හාමුදුරුවන් එවේලේම සිහි නැතිව ඇදගෙන වැටුණේ හාමුදුරු කෙනෙක් වුණත් පුංචි හිතකට ඒ
දේවල් දරන්න බැරිවුණු නිසා.
ලොකු
හාමුදුරුවන්ගේ අදාහනය අහවර වෙලත් මේ දේවල් වල අවසානයක් දකින්න් බැරිවුණා.රෑ
සැතපිලා ඉන්න මේධංකර හාමුදුරුවන්ට ඇහෙන්න වුණේ රහස් මැතිරීම්, කාසි ගණන්කරන
හඬවල්.බණ්ඩා තමන් පිළියෙල කළ දානෙ වළඳන්න හාමුදුරුවන්ත ආරාධනා කරල එද්දි බොහෝ
වෙලාවට දකින්න පුළුවන් වුණේ ඒ දානේ පිළුණු වෙලා තියන හැටි. සුමේධ හාමුදුරුවන්ට
ගාථාවක්වත් පාඩම් කරන්න නොහැකිවුණේ තමන් වටේට
ඇහෙන්න වුණු අඩි සද්ද නිසා. දරුණුම දේ වුණේ ආදාහනයෙන් සති දෙකකට විතර
පස්සේ. හැන්දෑවේ පන්සලට එන්න ආ වෙද මහත්තයා නහයෙන් කටින් ලේ දාගෙන මැරිලා වැටිලා
උන්නේ පන්සලට ඇතුළු වෙන පඩිපෙළ ළඟ.
අමනුස්සයොත්
එක්ක වාසය කරන්න බැරි නිසාම මේධංකර පොඩි බණ්ඩාත්,හාමිඋදුරුවොත්,සුමේධ හාමුදුරුවෝත් කාලෙකට පස්සෙ ගමෙන් ඈත පන්සලකට වැඩියා.
පන්සල පාළුවට
ගියා. තවමත්.................ඔව් තවමත්....... ඒ කැලෑ පන්සලේ ගරා වැටුණු ආවාසගේ
ඇතුළෙන් රෑ කාලෙට කාසි ගණින හඬ ඇසෙන්නේලු. පෝය දවසකට වුණත් වල් බිහිවුණු පන්සල පැත්තෙන් හමන්නේ අප්පිරිය සහගත පෙරේත ගඳක්ලු...
සෙවල බැඳුණු පඩිපෙළේ හැන්දෑවේ හයෙන් පස්සේ වාඩිවෙලා බලා ඉන්නෙ පන්සලටම අරක් ගත්තු ඉහේ කෙස්ගහක්වත් නැති පෙරේතය ලු......
ප . ලි : කතාව මට කිව්වේ එස්. කේ. දිසානායක කියන ගුරු මහත්මයා. ඔහු පැවදිව සිට සිවුරු හැර දැමූ කෙනෙක්. විශේෂත්වය...... පැවදි සමයේ ඔහුගේ මිතුරා - මේධංකර ස්වාමීන්වහන්සේ.

ammo.........welawata meka dawal kiyewwe. :)
ReplyDeleteහැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලනවා reply කරන්න ප්‍රමාද වුණාට.මම ලොකු රවුමක් ගිහින් දැනුයි ගෙදර ආවේ.....බොහොම ස්තූතියි අරලියා.ඊළඟ එකත් දවාලක කියවන්නම සෙට් කරලා දෙන්නම්..
Deleteයක්කුත් එක්ක ගනු දෙනු කරද්දි ඔය වගේ දේවල් සිද්ධවෙනවා කියලා මමත් අහලා තියෙනවා..
ReplyDeleteහෆොයි.. :(
ඒක තමයි.මිනිස්සුත් එක්කත් මෙච්චර පරිස්සමින් ගනුදෙනු කරලත් අපි අමාරුවේ වැටෙනවනම් යක්කු ගැන කුමන කතාද?
Deleteපැවිදි උනත් ලොකු හාමුදුරුවො පෘතක්ජනයෙක්නේ...
ReplyDeleteඅනිවා තරී...අපි හැමෝම පෘතක්ජන උදවියනේ..
Deleteඅද දවාලක මලයගේ කතාවක් කියවන පළවෙනි වතාව :)
ReplyDeleteයක්කුත් එක්ක සෙල්ලම් බෑ කියලා කියනවනේ.. කතාවනම් නියමයි..
ඔයාලා බය වෙන හින්දමයි දවාලක මේක පෝස්ට් කළෙත්...බොහොම ස්තූතියි දිනේෂ් අයියේ...
Deleteඅම්මෝ අදත් වැරදි වෙලාවකම කියෙව්වා...:/
ReplyDeleteහිරු හිමාවී ඇණගෙන වගේ...පෝස්ට් එකක් දැක්කහම ඔන්න ඔහේ අත් ඇරලා දාලා දවල් වෙලාවක ගෙදර අයත් එක්කම කියවන්න අනේ...බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.
Delete:)
ReplyDeleteමට හිතාගන්න බැරි උඹ මේ කතා කොහෙන් හොයාගන්නවද කියල...
ඔය එහෙන් මෙහෙන් තමයි සාතන් අයියේ...මේක නම් මම චූටි කාලේ අහලා තිබුණු කතාවක්.මට කතාව කියපු කෙනා ළඟදි අපේ ගෙදර ආවහම තමයි මට ආයෙත් මේක මතක් වුණේ.එයා කියපු තව කතාවකුත් තියනවා. ඒකත් පස්සෙ වෙලාවක දාන්නම්.
Deleteහෆොයි...පෙරේතයෝ.....
ReplyDeletelol...ඉන්නකෝ....පෙරේතියක්ගේ කතාවකුත් හොයලා දාන්නම්.
Deleteහම්මූ....වෙලාවට ඩවල් කියෙව්වා........
ReplyDeleteකියන්න වචන නෑ...කතාව සුපිරී......
Thankz අග්නි.අද කට්ටියම දවල් කියවලා වගේ.වෙලාව හොඳයි.
Deleteසල්ලි වලට වහ වැටිලා.. අමනුස්සයො පස්සෙ ගියාට.. ලොකු හාමුදුරුවො අරන් ගියෙ මොනවද ? අපරාදෙ හොඳට තිබුන පන්සල අමනුස්ස බලවේගයකට යට කළා..
ReplyDeleteකතාවනම් එල මලේ...කියලා තියන විදිහට ඇත්ත කතාවක් වගේ නේද ?
ඇස් දෙකටනම් හරිම අමාරුයි..
අනිවා සෙන්නා.යද්දි අපි ගෙනියන දෙයක් නෑනේ.ඉද්දි කරන දෙයක් තමයි.ළඟදි කුරුන්දේ පෝස්ට් එකක් දැක්කෙ නෑ.ඉක්මනට ඕනේ..අකුරු ඉතින් හකුරු තමයි.
Deleteකියපු කෙනා නම් බොරු කියන එකෙක් නෙමෙයි.ඒක නිසා කතාව ඇත්ත වෙන්න ඕන.මම ඒ කැළෑ පන්සල දැකලත් තියනවා..
ඉස්සර ඉදන් හාමුදුරුවරු යක්කුන්ගෙන් වැඩැ අරං තියනව නෙව.. රාහුල හාමුදුරුවො එහෙම
ReplyDeleteඅනිවා මී බබෝ.ඒත් ඒ හොඳ වැඩවලුට නේද?
DeleteYou've amazing talent to make people afraid...:) good work bro..අපේ අම්මා බයයි මං ගෙදර මේවා කියනවට :)
ReplyDeleteHay Yo! Thankz a lot. Don't try to make her afraid any more.
Deleteරෑ කළුවරට වෙලා ඔයා තනියම මේවා කියවන්න.
meke 2n1i penne kb 200ta wada wadi page penne na..
ReplyDeleteම්ම්ම්... ඒකත් එහෙමයි හ්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....:D
Deleteසුපිරි කතාවක්. පංසල ගොඩ දාන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැද්ද දන්නෙ නෑ.
ReplyDeleteඔව් රාහුල හාමුදුරුවොත් යක්කුන්ගෙන් වැඩ ගත්ත තමයි. උන්නාන්සෙ ඒ උනාට වැරදි දේ වලට උන්ව යොදාගත්තෙ නෑ. හැබැයි එක පාරක් අමාරුවෙ වැටිල යන්තම් බේරුනාලු. :) මෙන්න ඒ කතාව.
http://madhawaweblog.blogspot.com/2010/05/blog-post.html
මේ කියවන්න ඇහැට අපහසුයි කියල කට්ටිය කියන්නෙ ඇයිද මන්ද. මට නම් මෙහෙම තියෙන එක තමා පහසුම. :) (මම කණ්ණාඩි දමන නිසාද දන්නෙ නෑ.)
පන්සල නම් කවුරුවත් ගොඩ දාන බවක් පේන්න නැහැ.පන්සල් වත්තේ මිනිස්සු හරක් බඳින හැටි නම් මම දැකලා තියනවා. ඒකේ තියන චෛත්‍ය තාම ගරා වැටිලා නැහැ.සෙවල නම් බැඳිලා තියෙන්නේ.
Deleteඇස් වලට අමාරුයි කියන එක හරි ගස්සන්න මම සෑහෙන්න try කළා.
හ්ම්ම්. තීම් එකේ bg color, font color දෙක වෙනස් කළා නම් හරි. නැත්තම් වෙන තීම් එකක් දාන්නකො. :)
Deleteසුපිරි කතාවක් අදයි මේ පැත්තෙ ආවෙ... දිගටම එන්නම්...
ReplyDeletethankz ..digatama enna
ReplyDelete