කතාව කියන්න කලින් මුලින්ම මේ ටික කියල ඉන්නම්කෝ.විද්‍යාත්මක පල් හෑලිවලට අකමැති අය මේ කෑල්ල ස්කිප් කරල කෙලින්ම කතාවට යන්න. මමත් විද්‍යාවට එච්චර කැමති නැහැ .ඒත් හිතේ එදා ඇතිවෙච්ච බය ඩිංගක් හරි නැතිකරගෙන ඉන්නෙ මෙන්න මේ විද්‍යාත්මක පසුබිම ගැන හිත හිතා.හැමදාම අනුන්ට වුණු දේවල් ගැන කියව කියව ඉන්නව මිසක් මට වුණු දේවල් ගැන කියලා නැහැනේ.විශ්වාස කරන්න......මේ සිද්ධිය දැන් වෙලා මාසයක් විතර ඇති.
අපි ජීවත්වන පරිසරෙයේ තියන යම් යම් පදාර්ථවල ඝනත්වය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා.උදාහරණයක් විදිහට ගත්තොත් වායු ගෝලයේ ඝනත්වයත් මේ හැසිරීමමයි දක්වන්නෙ.සමහරවිට ඔයාලා අහලත් ඇති......ආලෝකය, ධ්වනිය වගේ තරංග විශේෂ එක් එක් මාධ්‍යන් තුළ ගමන් ගන්න ප්රවේගයන් වෙනස්.ඒකට මාධ්‍යයේ තියන ඝනත්වය බලපානවා.ඒත් උෂ්ණත්වයේ විචලනයෙන් ඝනත්ව වෙනස් වීම් ඇතිවෙලා විශේෂිත කාල පරාසයන් තුළ කලින් කිව්ව තරංගවලට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා............හැමෝටම තේරෙන බාසාවෙන් කිව්වොත්
" දවල් කාලෙ ඔය ගොඩ නැගිලි බිත්තිවලට උරා ගන්න සද්දෙයි , එළියයි තරංග ආයාමවල වෙනස් වීම් නිසා එළියට එන්න බැරිවුණත් රෑ කාලෙට වටේ පිටේ තියන වාතයේ වෙනස් කම් නිසා එළියට එන්න පුළුවන්.....ඕ.කේ?"
ඔන්න දැන් තමයි කතාව................
අපි හැමෝම හිටියෙ මිනී මර මර.හැමෝම කිව්වට මුළු හොස්ටල් එකටම හිටියෙ අපි හතරදෙනා විතරයි.ඒ මගේ විශ්වවිද්‍යාලෙ නොවුණත් මමත් පේළියට තිබුණු ඇඳක මුනින් අතට සැතපිලා මිනී මැරුවා.මගේ වම් පැත්තේ ඇඳේ එක්කෙනයි.ඉස්සරහ ඇඳේ තව දෙන්නයි.ලැප් හතර නෙට්වර්ක් කරලා අපි කොඩ් ගහනවා.සිංහලෙන්ම කිව්වොත් අපි හොඳ හැටියට මරා ගන්නවා.
මම වෙන විශ්වවිද්‍යාලෙකට අයත් වෙච්ච නිසාදෝ අනිත් උන් හැම වෙලාවෙම බැලුවේ මාව මරන්න.මමත් අතැරියේ නැහැ.අපි බරටම කොඩ් ගැහුවා.ඔහොම පැයක් විතර යද්දි මගේ පාට්නර් ගැමුණුට වොෂ් රූම් එකට යන්න වුණේ අර කාටත් රෑවෙද්දි හැදෙන ලෙඩේ හැදිලා.අපි පොඩි ඉන්ටවල් එකකටත් එක්ක ගේම් එක නවත්තලා ගැමුණු එනකං හිටියේ.විනාඩි දහයකටත් වඩා ගත වෙන්න ඇති.ඒත් ගැමුණු නැහැ.අපි තුන්දෙනා ගැමුණු ගැන ලෝකෙ නැති කුණුකතා කිය කියා ඉද්දි තමයි මගේ කටින් "හොල්මන්" කියන වචනේ එළියට පැන්නේ.
ඒ වචනේ ඇහුණු ගමන් ඉස්සරහ ඇඳවල්වල හිටි මගෙ යාළුවො දෙන්නගේ මූණුවල තිබුණු හැඟීම් වෙනස්වෙන හැටි මම බලාගෙන.මගෙ නළලත් රැළි ගැහෙන්න ඇති.
ප්‍රදා ඇඳෙන් එකපාර නැගිටලා හිට ගත් විදිහ දැක්කහම මමත් මගෙ ඇඳෙන් නැගිටුණේ ඉබේටම.
"අඩෝ මට අමතක වුණානේ....උඹල දෙන්නත් වරෙන්කො පොඩ්ඩක් යන්න"
ප්‍රදා අනික් ඇඳේ හිටි හසායටයි, මටයි කිව්ව.ඒ මූණෙ තිබුණු ඇඟ කිලිපොලන හැඟීම දැක්කහම ඇඳ විට්ටමේ වනල තිබිච්ච කමිසේ මගෙ ඇඟේ හිරවුණේ තත්පරයෙන් .
"අඩෝ ඇයි මචං.මොකෝ සීන් එක "
මම ප්රදාගෙන් ඇහුවෙ හිතේ තිබුණු කුතුහලේටමයි.
"නෑ නෑ මුකුත් සීන් එකක් නෑ.පොඩ්ඩක් වරෙන්කෝ.මට අරූට දෙයක් කියන්න බැරිවුණානේ"
ලෙවල් වන් ඉඳලා හොස්ටල් එකේ හිටිය නිසා ප්‍රදා අපි හැමෝට්ම වඩා ඒ ගැන දැනං හිටියා.හසයි මමයි හෙමින් සැරේ ප්‍රදා පිටිපස්සෙ ඇවිදගෙන ගියා.ඌ ගියේ වොෂ් රූම් එක පැත්තට.ස්ට්‍රයික් එක නිසා හොස්ටල් එකේ හිටි කොල්ලො ඔක්කොම ගෙවල් වලට ගිහින්.මගේ ඇහැ ගැටුණේ දෙපැත්තෙ තිබුණු පාළු වෙච්ච ඇඳන් විතරයි.වොෂ් රූම් එක තිබුණේ අපි හිටිය ශාලාවට යාබද ශාලාවේ.හැබැයි ඒ හෝල් එකෙත් කෙලවරේ තියන පටු කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිහින් තමයි වොෂ් රූම් එකට ඇතුල් වෙන්න තිබුණේ.අපි හිටි තැනට වොෂ් රූම් එක තියා, කොරිඩෝවවත් පේන්නෙ නම් නැහැ.
කොරිඩෝ එකට ළං වෙද්දි මම දැක්කේ ප්රදාගෙ ඇවිදින වේගෙ අඩුවෙන හැටි.මොකඛරි අමුතු දෙයක් වෙලා තියන බව මට නොදැනුණා නෙමෙයි.මමත් හෙමින් සැරේ අඩිය තිබ්බත් හදවත එළියට පනින තරම් වේගෙන් ගැහෙමින් තිබුණේ.අපි තුන්දෙනාම කොරිඩෝ එකට එබිලා බැලුවා.ඒකේ දෙපැත්තෙම දිගටම තිබුණේ රෙදි වැල් දෙකක් .කට්ට කළුවර කොරිඩෝ එකේ කෙලවර සිවිලිමේ විදුලි පහනක් දල්වලා තිබුණා.ඒ පහන යට හිටියේ ගැමුණු.ඒත්.................
ගැමුණු හිටි හැටි තාමත් මට මැවිල පේනවා.එක රෙදිවැලක් අතින් අල්ලගෙන..........දෙකට නැමිලා.......මූණ තිබුණේ පොළොව දිහාට යොමුවෙලා.........ඌ හිටියෙ හයියෙන් හති ඇර ඇර.කොරිඩෝ එකේ මේ කෙලවරේ හිටිය අපටත් ගැමුණු හති දාන සද්දේ ඇහුණා.අපි තුන්දෙනා ගැමුණු ළඟට දුවල ගියේ එක පිම්මට.ඒ මූණේ දාදිය බිඳු මතුවෙලා මහා බයකට පත්වෙච්ච ලකුණු .මගේ හිත ගැස්සුවා.මට දැනුණා .........ගැමුණුගෙ මුළු ඇඟම වෙව්ලන හැටි.
තවත් අඩි දහයක් විතර දුරුන් තිබුණේ වොෂ් රූම් එකේ දොර.ඇතුළ කළුවරම කළුවරයි.ඒත් මොකද්දෝ හිතාගන්න බැරි හේතුවකට මම වොෂ් රූම් එක පැත්තට හෙමින් සැරේ ඇවිදගෙන ගියේ ප්‍රදා එපා කියද්දිමයි.
මුලින්ම මට ඇහුණේ ඇරල දාපු කරාමෙකින් වතුර ගලා ගෙන යන සද්දයක්.ඒ සද්දෙත් ඒ වෙලාවේ හැටියට ඇඟ කිලිපොලා යන සයිස්.තව මොහොතක් අහගෙන ඉද්දි මට දැනුණා............ඒ නිකම්ම වතුර ගලා ගෙන යන සද්දයක් නොවෙන බව.කවුරු හරි .....ඔව්.....කවුරු හරි ඒ ටැප් එකෙන් අත හෝදනවා.මට ඇහුණේ ඒ විදිහේ හඬක්.මම මේ වෙද්දි දොර ළඟටම ඇවිත් ඉවරයි .වොෂ් රූම් එක ලොකු පන්ති කාමරයකට වඩා ලොකුයි.බිත්තිවල අල්ලලා තිබුණු සුදු පාට පිඟන් ගඩොල් හින්දමදෝ මට ඇතුළ යාන්තමට දකින්න පුළුවන් වුණා.ඒත් එහෙම බැරිවුණානම් කියලා හිතෙනවා...........සත්තයි! කෙලවරේ හතරවෙනි සිංක් එක ළඟ කෙනෙක් හිටගෙන හිටියා.ලා මීදුමක් වගේ සුදු පාටයි.ඒත් ඒ ගවුමක් බව මට මතකයි.මූණ නොදැක්කත් ගවුම පිටිපස්සෙ එල්ලුණු කොණ්ඩෙ මම දැක්කා...ඇත්තමයි.
මම තවත් එතන රැඳුණේ නෑ.මට මුකුත් කියා ගන්න බැරිවුණා.පට්ට පදිරි විදිහට මළගෙවල් වල නයිට් ඇදලා රෑවෙලා ගෙදර එද්දිවත්, සුකුරුත්තං වැඩවලා සොහොන් පොළවල් ගානේ රස්ති ගැහුවත් ඒ වගේ බයක් මට කවදාවත් දැනිලා නැහැ.
ගැමුණුට වතුර ටිකක් පොවලා පවන් ටිකක් ගැහුවහම හිටියට වඩා ගොඩක් හොඳ තත්වෙකට ගේන්න පුළුවන් වුණා.ඒත් ගැමුණු ඒ ටික කිව්වෙත් ගොත ගහන ගමන්.
".......නෑ මචං............මම වොෂ් රූම් එකේ ලයිට් එක දැම්ම.මුකුත් අවුලක් තිබුනේ නෑ.මම ඇතුළට ගිහින් * කර කර හිටියේ.....නෑ කෙලවරේම සෙට් එකට මෙහා එකේ.එකේ විතරයි කපුරු බොල තිබුණේ.කපුරු බෝල නැති ඒවාට මම යන්නෙ නෑනේ.කොහොම හරි ඔහොම ඉද්දි එකපාරටම ලයිට් එක නිමුණා.මම හිතුවේ ලයිට් ගියා කියලා.තත්පර තුනක්වත් ගියෙ නෑ.කවුරු හරි මගෙ බෙල්ල අතගානව වගේ දැනුණේ........නැත්තම් බෙල්ලට පිටිපස්සෙ ඉඳන් කටින් හුළං පිඹිනවා වගේ......මචං මම ඒකිව දැක්ක.මට බොක්ක ෂුවර්.මම අයෙ ඔය පැත්ත පළාතෙ යන්නෙ නෑ.....ඇයි බං...බලපංකො..."
ඊළඟට තමයි ප්‍රදීප් කතාව පටන් ගත්තෙ.ඒක ඇහුවහම අපි තවත් රත්වුණු බව කියන්න ඕන නැහැ.
"මචංලා....උඹල දන්නෙ නැතිවුණාට මේක තමයි කැම්පස් එකේ පරණම හොස්ටල් එක.පේනවනේ මේකේ පෙනුමෙන්ම.බිත්තිවල යට හරියෙ පාසිත් බැඳිලා.ඔය කැටයම්වල බැඳිච්ච සෙවල අයින් කරන්න අපි ගිය අවුරුද්දෙ කොච්චර මහන්සි වුණාද..අනිත් එක තමයි මේ හොස්ටල් එක මුලින්ම හදලා තියෙන්නෙ ගෑණු හොස්ටල් එකක් විදිහට.මුලින්ම ඉඳල තියෙන්නෙ කෙල්ලො.****** හොස්ටල් එක හැදුවට පස්සෙ කෙල්ලොන්ව ඒකට මාරු කරල තියෙන්නෙත් ඔය අද දැකපු කෙනා නිසා කියලයි කියන්නෙ.ඊට පස්සෙ කාලයක් වහළ තිබිලා අවුරුදු හය හතකට කලින් තමයි ආයෙත් කොල්ලන්ට මේක දීලා තියෙන්නේ. මේකේ ඉන්න උන් අඩු වෙච්ච දවස්වලට ඔය සීන් එක දෙතුන් පාරක්ම වෙලා තියනවා. මට උඹලට කියන්න ඕන කියල හිතේ තියාගෙන හිටියත් අමතක වුණැඇ..."
"නෑ මචං.....දැන්නං ඉතිං කියන්න ඕන නෑ.අපි හොඳටම දැක්ක...."
හසා ප්රදාට කිව්වේ තරහෙන් පුපුර පුපුර.
"එතකොට ඒ කෙල්ල කවුද බන්?"
මම අහපු ප්‍රශ්නෙට ප්‍රදා උත්තර දුන්නේ ඔළුව කහ කහමයි.
"මමත් ඒක හරියටම දන්නේ නැ මචං.ඉස්සර හිටිය අයියලානම් කිවේ ඔය එක්සෑම් එකක් ඇනගෙන ඔය වොෂ් රූම් එකේදි බෙල්ලෙ වැලදාගෙන මැරුණු කෙල්ලෙක් කියලා.ඒත් ඉස්සර හිටිය මුරකාරයා මට කිව්වේ මේ හරිය ඉස්සර සොහොනක්ලු.ඔය වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් කියල නෑලු"
"මරු.උඹ අපට කොඩ් ගහන්න එන්න කිව්වෙ මරු තැනකට"
මමත් හෙමින් සැරේ ලැප අකුළලා දාලා ඇඳේ හාන්සිවුණා.හැබැයි අපි හතර දෙනාටම එදා රෑ නින්දක් තිබුණේ නම් නැහැ. තවමත් මතක් වෙද්දි ඇඟ වෙවලන්නේ එදා මමත් ඇත්තටම බයවුණු නිසා වෙන්න ඇති.
ප . ලි :
1).එදා රෑ අපි දත් මැදලා මූණ හේදුවේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ."
2).ටැප් එකෙන් ආපු සද්දේ ධ්වනි තරංග කෙහෙම්මල ලෙසත් සිහින් ලෙසින් පෙනුණු මිනිස් රූපයක හැඩය ආලෝකයේ කෙහෙම්මලක් නිසා සිදුවූ දෙයක් ලෙස සිතා සැනසෙමි.

චී නරක හොල්මනක් නැත්තම් අර ගැමුණූවට එහෙම කරන්න යයි යෑ.කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි
ReplyDeleteඒක තමයි.ඒ හොල්මන ඇවිත් තියෙන්නේ මොකක් හරි නරක වැඩකට වෙන්න ඕන.අපේ ගැමුණුවත් හොඳ හැන්ඩි කොලු පැටියා.ඒත් මතක් වෙද්දි තාමත් බය හිතෙනවා..
Deleteඅම්මියෝ... ඇඟ හිරි වැටිල ගියා
ReplyDeleteඅපටත් වුණේ ඒකම තමයි.'අම්මියෝ' හි හි ...මගෙත් කැමතිම වචනයක්.ස්කූබි ඩූ බලනව වගේ..
Deleteහොල්මන් කියලා දෙයක් තියෙනවා බං... ඔය හොස්ටල් වල කොහොමත් ඕවා වැඩි .
ReplyDeleteචමී ඔහොම කිව්වහම ඔන්න ඉතින් අර බය ආයෙත් හිතට එනවා.හැබැයි මමත් එකඟයි.
Deleteමේ.....හ්..හිරිගඩු,..පිපිලා..!
ReplyDeleteඕ...........සෑහෙන්න බයවෙලා වගේ.බය වෙන්න එපා.අපි ඉන්නවනේ.
Deleteකට්ටියම හොදටම බය වෙලා නෙව... :)
ReplyDeleteඒකනේන්නම්.නූලක්වත් දාන්න වෙයිද දන්නෙ නෑ..
Deleteඅම්මෝ හොස්ටල් වලනම් හොල්මන් වැහි වහලද කොහෙද.මේක කියවද්දීනම් ඇත්තටම බය හිතුන.හ්ම්...දැන් ඉතින් Dom එකේ තනියම ඉදලත් ඉවරයි වගේ...
ReplyDeleteඔව් ...ඔව්...අයෙ නම් තනියම ඉන්න එපා.කියන්න බෑනේ.අපේ ඔය විශ්වාසවන්ත කවුරු හරි එක්කරගෙන යන්න.සඳරු හොඳයි....:)
Deleteඅපි හොස්ටල් ඉන්නකොටත් හොල්මන් එක එකා දැක්කා කියලා කතාවක් ගියා... කොල්ලො දෙන්නා දෙන්නා තමා හැමතැනම ගියෙ.... පස්සෙ බලද්දි ඒක සෙට් එකක් එකතුවෙලා කරපු බොරුවක්....
ReplyDeleteසෙල්ලම් ලෙල්ලම් වුණු දවස්වලට තමයි බබාලට තේරෙන්නේ.හැබැයි මෙතනදි අපි හතර දෙනෙක් ඉඳලත් මුකුත් කරගන්න බැරිවුණා.
Deleteane ammo.....mamata wage ohoma unanam ethanama kalanthedai.
ReplyDeletemamata nemei mata hode.....mekenma penawane ayya mama baya wela tiyena tarama.wachanat patalenawa.
Deleteඅපටත් පුදුම ගැමුණු ඒ තත්ත්වෙන් බේරුණු එක ගැන.එයාට නූලක්වත් මතුරන්න වුණේ නෑ.
Deleteඕ...........එච්චරටම බය වෙන්න එපා.මේ අපිත් මෙහෙම ලොකු අවුලක් නැතිව ඉන්නේ.:):)
වෙලාවට දැන් කියෙව්වේ....:)
ReplyDeleteඅයියෝ.............මම ඊයේ රෑම පෝස්ට් කළානම් හරි...:):)
Deleteහෆොයි.මම නම් හොල්මන් දැකල නෑ මොකද මට පෙන්නේ නැති නිසා.එත් දැනිල තියනවා.එත් හොල්මන් කියන්නේ ඇත්තක්.හොල්මන් කියන නමින් නොකිව්වත් සමහර ප්‍රේතාත්ම අපි අතරේම ඉන්නවා අපිට නොදැනී.
ReplyDeleteසම්පූර්ණයෙන්ම ඔයත් එක්ක එකඟවෙනවා.මැරුණට පස්සේ දෘඪ ශරීරය දාලා ගියත් ඒ සියුම් (ඒත් ස්කන්ධයක් සහිත )ආත්මීය කොටසට යම් ශක්ති විශේෂයක් තියෙන්න පුළුවන්නේ.ඒ කියන්නෙ කාර්යය කිරීමේ හැකියාවක්!!!
Deleteඅයින්ස්ටයින්ට අනුව E = mc.^2 ප්‍රේතාත්ම මගින් සත්‍යයි.
හප්පා.. කොදු ඇට පේලිය සීතල වෙලා ගියා...පුදුමයි උඹලා ඔයිට වඩා බය නොවුනා..
ReplyDeleteමොනවද බන් මිනී මරනවා කියන්නෙ ?
ඒක තමයි සෙන්නා.අපිත් ඕන ගාණට බයවුණේ නෑ වගේ.සමහර විට සිද්ධිය කලින් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.
Deleteමිනී මරනවා කියන්නේ COD4 ගහන එකට. game එකක්.වෙඩි තිය තියා මිනී මරන්න තියෙන්නේ.http://en.wikipedia.org/wiki/Call_of_Duty_4:_Modern_Warfare මෙතනින් බලන්නකෝ.
මම උදේ හවස වැඩට යන්නේ එන්නේ කනත්තක් මැද්දෙන් , මෙච්චර කල් බය උනේ නෑ, අද රෑ කාමරේට යනේ කොහොමෙයි දැං.....
ReplyDeleteඅයියෝ....කනත්තක් මැදින් යද්දි දැක්කෙ නැති ප්‍රේතාත්මයක් ඔයාගෙ කාමරේදි කොහොම දකින්නද? ඔන්න ඔහේ බය නැතුව යන්න.....බය නම් අපේ සෙන්නට කියන්න.:):)
Deleteඇයි දෙයියනේ ගෑනු හොම්මං හෙන භයානක?????
ReplyDeleteඒ හොලමන් ජීවත්වෙලා ඉද්දිත් භයානකයිනෙ... ඉතින් මැරුනම් එහෙම නොවී තියෙයියැ...
Deleteඒකට උත්තරේ ඔයා හොඳටම දන්නවනේ.පිරිමි අපි කොච්චර අහිංසකද නේද?
Deleteසිරා කතාව හරී..:):)
හයියෝ,මම කොහොමද දැන් වොෂ් රූම් යන්නේ? :(
ReplyDeleteදැන් රෑ 11.30 යි :/
Deleteඑක දවසයිනේ ප්‍රමුදි.අද ඔන්න ඔහේ නොගිහින් ඉන්න.:):):)
Deleteby the way ඔයාට තව half an hour තියනවා.12.00 ටනේ ගොඩක් අය active වෙන්නේ.ඉක්මනට යන්න.
හෆ්ෆා.. අහලා අපි මෙහෙම බය උනා නම් ඇත්තටම වෙද්දි...
ReplyDeleteඅද වේලස්සන බැළුවා.. මහ රෑ නැතුව.. හැබැයි ඉතින් 11 වෙලාව..:)
ඔයා නිසාමයි දිනේෂ් අයියේ මම මේ පෝස්ට් එක වෙලාව වෙනස් කරලා උදේ පාන්දරම දැම්මේ.කතානියාවලට උදේ වෙද්දි මෙහෙ වෙලාව කීය විතර වෙනවද? කියන්නකෝ.මම ඒ වෙලාවට පෝස්ට් කරන්නම්..:):)
Deleteබයවෙන්නම ලියල. :)
ReplyDeleteතැන්ක්ස්...:):)
ReplyDeleteඅපේ එකෙත් ඉන්නවද දන්නෑ :D
ReplyDeleteඔයා කොහෙද? පේරද? පේරා නම් අනිවා ඉන්නවලු.මේක නම් හැබැයි එහේ නෙමෙයි..:):)
Deleteඅපෝයි දැන් මම හොස්ටල් ඉදලා හමාරයි :(
ReplyDelete:O:O:O බය වෙන්න එපා අනේ.ඒ වගේ අයටත් ඉන්න තැනක් තියෙන්න ඕනනේ.ඔන්න ඔහේ පාඩුවේ ඔයත් ඉන්න.
Deleteඅද නම් මරු... දැනුයි කියෙව්වෙ... දැන් ඉතින් පාලු පාරෙ තනියම ගෙදර යන්න තියෙන්නෙ....... හොල්මන් කියන්නෙ හෙලවෙන මනස කියලා සමහරු කිවුවට ඒවා බොරු කියලා අහක දාන්න බෑ.... කතාව එළ අයියෙ..... අද යහතින් ගෙදර ගියොත් හෙට කියතැහැකි ඔන්න........
ReplyDeleteජිනේ මල්ලි දිවයින පාඨකයෙක් නේද? බය වෙන්න එපා.පරිස්සමෙන් ගෙදර යන්න..:D:D:D
DeleteOMG! I don't know what to say but such incidents are common in Uni of peradeniya..my mother has told me lot of stories..and their own experiences too...nice work bro... :) I like this very much...
ReplyDeleteHay Yo...where were you? happy 2 c u again.yea! i also hv heard kind f stories about uni f Pera.Thanks 4 reading!
ReplyDeleteWikz let me know your email address I have a story from Peradeniya University.one of my mothers' experiance...I was busy last days wikz... :)
Deletemy email z amiluom@gmail.com .I m grateful you if you can send me that experience.
Deleteහික්ස්. අපේ හොස්ටල් එකෙත් හොල්මනක් තියෙනව කියල කතාවක් තිබ්බ. හැබැයි අලුත්ම හොස්ටල් එක. හදල අවුරුද්දයි අපි ඒකට එනකොට. 255 රූම් එක. අපි හිටියෙ 257. අපිට මූණලා තිබ්බ රූම් එක. හැබැයි ඒකෙ හොල්මනක් හිටිය නම් ඒකෙ හිටපු සෙට් එකට බය වෙලා යන්න ඇති. :D :D :D
ReplyDeleteදැන් හොල්මන් නැද්ද...හොයල බලල කියන්නකෝ..
Deleteහික්ස් පට්ට ශික් මට ඔහොම වෙන්නෑ නේ අහු උනොත් අතාරින්නෑ රෙද්ද ඇයි යකෝ උන්ට අපිට මොනවත් කරන්න බැයිනන් මොකටද බයවෙන්නෙ හැබැටම ඈ :D
ReplyDeleteඅනේද කියන්නේ ......
ReplyDeleteමමත් ඉතින් ටැප් එකෙන් ආපු සද්දේ ධ්වනි තරංග කෙහෙම්මල ලෙසත් සිහින් ලෙසින් පෙනුණු මිනිස් රූපයක හැඩය ආලෝකයේ කෙහෙම්මලක් නිසා සිදුවූ දෙයක් ලෙස සිතා සැනසෙමි...නැතුව බෑ.
ReplyDelete:O අම්මෝ ඒක බයයි.ඒත් කොහොම හරි කියෙව්වා
ReplyDeleteඔන්න මමත් කියෙව්වා දැන් වෙලාව 9.30 pm මටත් එලියට බහින්න බයයි වගේ
ReplyDelete