මට කියන්න තියෙන්නෙ............ මෙච්චරයි.
" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "
සමහර වින්‍යාස තියනවා - පුනරාවර්තනය වෙන සිද්ධි ඈඳිච්ච.කාලය කියන්නෙත් එහෙම වින්යාසයක්ලු.සිද්ධියක් තියනවා - කාලයත් එක්ක තවමත් පුනරාවර්තනයවෙන.අටසිය ගණන්වල මැද හරියෙදි මහ රෑ අශ්වකරත්තවලින් වැවරවුම වටේ ගිය අයටත් ඈව මුණගැහුණා.නවසිය ගණන්වල මුලදී පරණ වැගන් කාර් ඈව දැක්කේ ක්වීන්ස් හෝටලය ඉස්සරහ දුකෙන් බලාගෙන ඉද්දි.අවුරුදු විස්සකට තිහකට උඩදි ඈ හිටියෙ ගුඩ්ෂෙඩ් පැත්තෙ.මං දන්නෑ.ඊළඟට ඈ කොහේ ඉඳීද කියලා. සමහර වෙලාවට ............ ඔබ ඉදිරියෙත් වෙන්න පුළුවන්.
ඒ අතීතයේ අඳෝනාව ආයෙත් මතක් කරන්න ඕන නැහැ.තාමත් ඉතුරුවෙලා තියන ඇහැළෙපොළ වලව්ව සාක්කි දේවි ; බෝගම්බර වැවේ වතුර පවා සාක්කි දේවි.ලොකු බණ්ඩාර වෙව්ලද්දි මද්දුම බණ්ඩාරගේ ආත්මයට වීරත්වය එකතුවුණු හැටි,කිරි දරුවා වංගෙඩියෙ කෙටෙද්දි ,අම්ම වෙච්චි ඇගේ ගෙලේ බර ගලක් ගැටගැහුණු හැටි, ඒ ගල්ගෙඩිය පිටින්ම ඈ බෝගම්බර වැවේ ගිලුණු හැටි ....................ඇති!
-
-
-
-
-
-
එදා හරිම කාලකණ්නි දවසක්.මුළු හවස්වරුවම බලාගෙන උන්නත් වීරෙ අයියගේ වීල් එකට කවුරුවත් ගොඩවුණේ නෑ.පහුවදාට තෙල් ගහගන්නෙ නැතුව දුවන්නෙ කොහොමද කිය කියා හිත හිතා ඉද්දි ,රැවෙලා ආවා වුණත් පේරාදෙණියට යන්න ආපු හයර් එක අතාරින්නෙ කොහොමද! වෙර යොදලා 'ස්ටාටරේ' ඇද්ද වීරෙ අයියා ඊළඟ මිනිත්තුවෙදි පේරාදෙණිය පැත්තට ඉගිළුණා.
යද්දි තනිකමක් නොදැනුනේ වීල් එකේ පිටිපස්සේ තව දෙන්නෙක් හිටපු නිසා.ඒත් ආපහු එද්දි............මොකද්දෝ අමුතු හිතුවිලි ගොඩක් වීරෙ අයියගෙ හිත ඇතුළෙ කැරකෙන්න වුණා.දවල් කාලෙට කොච්චර සද්ද බද්ද තිබුණත් රෑ දහය වෙනකොට 'ගුඩ් ෂෙඩ්' පැත්තෙ එක බලු බල්ලෙක් නැහැ.පාර අයිනේ තිබුණු කඩවල්වල ලෑලි දොරවල් පවා ඔක්කොම වහලා.වීරෙ අයියට ඇහුණේ විටෙන් විටේ රේස් වෙන වීල් එකේ සද්දෙ විතරමයි.බාගෙට පායපු හඳේ මලානික එළිය පාර දෙපැත්තෙ ගස්කොළන් උඩට වැටිල දිලිසුණා.ඉඳල හිටල තිබුණු පහන් කණුවකට පුළුවන් වුණේ පාර මැද්ද යාන්තමට එළිය කරන්න විතරයි.දොළහටත් කිට්ටු වෙලා තිබුණු නිසා මුළු නගරෙම කිසිම හැල හොල්මනක් නැහැ. ඒත් වීරෙ අයියගෙ හදවත වේගෙන් ගැහෙමින් තිබුණේ ඔහුවත් නොදන්නා හේතුවකට.
වෙනදා කොහෙ නොහිටියත් ස්ටේසම ළඟදි කෝච්චියෙන් ආපු කවුරු හරි වීල් එකට අතදාන බව වීරෙ අයියා දැනගෙන හිටියා.ඒත් එදා........ඒ පැත්තේ මිනිස් පුළුටක්වත් නැහැ.ඉස්ටේසම ළඟින් ඉස්සරහට ඇදුණු වීරෙට ඈතින් පේන්න වුණේ පරණ ඔරලෝසුකණුව.සමරපාට ගාපු කණුවේ පහළ හරිය සම්පූර්ණයෙන්ම අඳුරුයි.පාරෙ තියන වළවල් නිසා වීල් එකේ වේගෙත් පයින් යන ගානටම අඩුවෙලා තිබුණේ.හදිස්සියෙම වීරෙ අයියගෙ ඇහැ යොමුවුණේ තමනුත් ඔරලෝසුකණුවත් අතර ඇවිදගෙන යන ලස්සන නෝන කෙනෙක් දිහාවට.සුදුපාට ඔසරියට ඇඳල තිබුණේ පරණ තාලෙ බෝරිච්චි හැට්ටයක්.ඉණවටෙයි, අත්වටෙයි හැට්ටෙට අල්ලලා තිබුණු රේන්ද පටිපවා වීරෙ අයිය දැක්කා.කොණ්ඩෙ බැඳලා හිස කෙලින් තියාන ඉස්සරහට ඇවිදගෙන ගිය ඒ නෝනගෙ තිබුණේ රදළ තේජසක්.
වීල් එක ඒ හරියෙන් යන කොට වීරෙ අයියා හැරිලා ඒ දිහා බැලුවේ හිතේ හටගත්තු කුතුහලය නිසාමයි.බෙල්ලෙ බැඳල තිබුණු අගස්ති මාලෙට එළිය වැටෙද්දි එක මොහොතකට වීරෙ අයියට පෙනුණේ ඇගෙ මුහුණ.ඒ මූණ පුදුම විදිහට සිරියාවන්තයි.ඒත් හැඟීම් වෙන් කරලා අඳුරගන්න අමාරු විදිහට දුකකුත් පිළිබිඹු නොවුණාම නොවෙයි.ඊළඟ මොහොතේ පයේ මිරිවැඩියක්වත් නොතිබ්බ ඈ තමන් දිහා බලලා අහසට අත දික්කරනවා වීරෙ දැක්කා.සිරියාවන්ත මූණ දුකෙන් පිරුණා.මොන මොනවදෝ කියමින් ඈ වැලපෙන හැටි වීරෙ අයියට පෙනුණා.
ආයෙත් අහසට අත්දෙක දික්කරගෙන දෙවියන්ට යදින හැටි ඇසුණා.මේ වෙද්දි ඈ කව්ද කියන එක වීරෙ අයියට දැනිලා ඉවරයි.
"ඇහැළෙපොළ කුමාරිහාමි"
වීරෙගෙ තොල් මිමිණුවා.
තමන්ටත් නොදැනි දකුණු අත්ල කැරකෙද්දි 'රේස් ' වුණු වීල් එක දුමාරය නංවමින් ඔරලෝසුකණුව පහුකරන හැටි වීරෙ බලාගෙන.මොකද්දෝ හේතුවකට වීල් එකේ පැති කණ්නාඩියෙන් පිටුපස බලපු වීරෙ අයියට ඔරලෝසුකණුව ළඟින් බෝගම්බර වැව පැත්තට හැරෙන ඈව පෙනුණා.
ඈව නොපෙනී ගිය එක සතුටක් වුණත් ඒ මූණේ තිබුණු හැඟීම් සමත් වුණේ වීරෙ අයියගෙ හිත දුකෙන් පුරවන්න.හිතේ ගැඹුරුම තැනකින් ඇතිවෙච්ච ඒ දුක්බර හැඟීම කඳුළක් නංවලා ඇස් බොඳ කළා..........
ඈ තවමත් ඇගේ දුක කියනවලු. සමහර දවසක ජෝජ් සිල්වා උයනේ ඉඳගෙන ඉන්නවලු.රිමාන්ඩ් හිරෙ ගේ පැත්තට පයින්ම යනවලු- අසාධාරණයට ලක්වෙච්ච තමන්ගෙ දුක කිය කියා.කාලාන්තරේකට සැරයක් ඈ එනවලු.මෑතකදි දකින්න නොලැබුණත් ඈ ඒවි.නිසැකවම.......... නුදුරේදීම ඈ ඒවි.
සමහර විටක ඔබ ඉදිරියට - ඇගේ දුක අසන කෙනෙකුන් ළඟට!
මට කියන්න තියෙන්නේ......
" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "
ප . ලි :
1). මේ පෝස්ට් එකේ මාතෘකාවට පෞද්ගලිකව මම බරපතල ලෙස අකමැත්තෙමි. මූලාශ්‍ර/පුරාවෘත්ත වලට අනුව අවසන් මොහොතේ දී ඇහැළේපොළ කුමාරිහාමි දෙවියන්ට ශාප කළ බව කියැවේ.එහෙත් එයින් ඇය අවතාරයක් බවට පත්වූ බව නොඅදහමි.ඈ අවතාරයකට වඩා විශේෂ කෙනෙක්......නේද?
2). මේ කතාවට සම්බන්ධ රියදුරු මහතාගේ ඇත්ත නම නොදනිමි.හිතට ආපු නමක් ඔන්න ඔහේ දැම්ම හරිද?


මමත් වෙන බ්ලොග් කිහිපයකදිම දැක්කා ඔය කතාව.. එයාගෙන් කාටවත් හිරිහැරයක් නෑ වගේ නේද ?
ReplyDeleteඔව් ...ඔව්... එයාගෙන් කාටවත් හිරිහැරයක් නැහැලු.මම මේක පෝස්ට් කළේ සෙන්න බනියි කියලා හිතාගෙන.ගියපාර මේකේ background එක change කරන්න මම පොරොන්දු වුණානේ.ඊයේ ඒ දේ කරන්න ගිහින් මම අනා ගත්තා.මගෙ layout එක change කළාට save වෙන්නෙ නැහැනේ.HTML tag ටික change කළත් එහෙම්මමයි.මොකෝ කරන්නේ?
Deleteඅප්පේ මම මොකටද බනින්නෙ.. මගෙ ඇහැට චුට්ටක් අමාරුයි එච්චරයි...
Deleteමෙහෙම බලන්ඩ..
Design
Template Designer
Advanced
Backgrounds
Post background
එතනින් කලර් එක සිලෙක්ට් කරලා Apply to blog කළාම හරියන්ඩ ඕනා..
එහෙම බැරිවුනොත් මම දන්නෑ, විශේෂඥ උපදෙස් ගන්ඩ වෙනවා.. .. :-)
තෑන්ක්ස් ...ඔන්න මම ට්‍රයි කරන්න යන්නේ..:)
Deleteකාලෙකට පස්සෙ කතාවක් දාන්න මතක් වෙලා තියෙන්නෙ... මම නම් ඔහොම කතාවක් දැනගෙන හිටියෙ නෑ...
ReplyDeleteඔව් සාතන් අයියේ .පහුගිය ටිකේ කැම්පස් වහලා නිසා වැඩ ගොඩක් තිබුණා.මම නම් ඔය පැත්තෙ ඇවිත් යන්න එනවා.:)
Deleteoya gillapu wawa neda dan bogambara pittaniya
ReplyDeleteඔව් බුද්ධික.ඔයා හරි.ඉස්සර එයාලා ගිල්ලපු තැන ගොඩ කරලා තමයි බෝගම්බර පිට්ටනිය හදල තියෙන්නේ.ඒ නිසා වෙන්න ඇති ඔය ජෝජ් සිල්වා උයන පැත්තෙ කුමාරිහාමි තාමත් කැරකෙන්නෙ.
Deleteඇයි ඇත්තටම මට මේ බ්ලොග් එක මහ රෑ 12ට කියවන්නම වෙන්නේ.. :)
ReplyDeleteමොනව කරන්නද දිනේෂ් අයියේ.මම පෝස්ට් කරන කොට කතානියා වලට දොළහ වෙනවලුනේ...:)
Deleteනියමයි! ..මම ආසම සුරංගනා කතයි.හොල්මන් කතයි :)
ReplyDeleteහොල්මන් කතාවලට නම් මේ පැත්තෙ එන්න.බ්ලොග් අවකාශයේ සුරංගනාවියකුත් හිටිය වගේ මතකයි.චුට්ටක් හොයල බලන්න.
Deleteමම මේ ගැන මගේ උඩරට ගිවිසුම ගැන මම ලියපු ලිපියේ ලියලා තියනවා. බොහොම අගෙයි. මෙවැනි කතා අද හරියට වටිනවා. මම මේ ගැන ලියන කොට ඒතරම් මේ සිද්ධිය ගැන නොලිව්වේ මට වඩා වැදගත් වන්නේ ගිවිසුම නිසයි. ඔබේ ලිපිය හරි වටිනවා. දිගටම ලියන්න. ජය!!!
ReplyDeleteබොහොම ස්තූතියි වෙද මහත්තයෝ.මමත් ඉතිහාසෙට සෑහෙන්න කැමතියි.විශේෂයෙන් වැළලුනු ඉතිහාසෙට..
Deleteඒ චක්‍රය සිද්ධ වෙන්නේ කොච්චර කාලෙකට පස්සෙද...
ReplyDeleteසාමන්‍යයෙන් අවුරුදු පහළොවකට විතර සැරයක් වෙනවලු.හරියටම කියන්නත් බෑ. අන්තිම සිද්ධිය වෙලා දැන් අවුරුදු පහළවක් විතර ඇතිලු.ළඟදිම ආයෙත් වේවි.
Deleteකුමාරිහාමිව හම්බවෙන්න අදහසක් තියනවා වගේ? :D:D
This comment has been removed by the author.
ReplyDeleteමේ කතාව ඇත්තක්ද දන්නේ නැහැ යාලුවා. ඒත් කටවහරෙන් ආපු දෙයක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා. ඔය පරණ බෝගම්බර වැව ගොඩකරන්න ප්‍රධාන හේතුව උනේ කුමාරිහාමිගේ අවතාරය කියලයි මම අහලා තියෙන්නේ. නිතර නිතර ඈව දර්ශනය වුන නිසා වැව ගොඩ කරලා දන් තියෙන තැන වැව හැදුවා කියලා කියනවා.
ReplyDeleteකෙසේ වෙතත් බොහොම ලස්සන ලියවිල්ලක්!
ජය!
ඇත්තටම බොහොම ස්තූතියි දක්ෂිණ ඔයවගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්න එකට.මම කලින් ඒ ගැන අහලා තිබුණේ නැහැ.ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.
Deleteවෙනදා වගේම ඇඟේ හිරිගඩු පිපෙන කතාවක්..... උපරිමඉ අයියෙ කථාව...
ReplyDeleteරෑට කියවන්න ලැබෙනව න්ම් මාර ගති... දිගටම ලියන්න.
බොහොම ස්තූතියි ජිනේ මල්ලියා..දිගටම එන්න.
Deleteඋඩරට රජ්‍යයේ සාපකරමින් මියගිය වංශවත් අය කොතෙකුත් හිටියද....මැය විතරක් මෙලෙස...මතුවෙන්නෙ ඇයිද....කියල හිතාගන්න බෑ..
ReplyDeleteසමහර විට උත්තරීතර 'මාතෘ ස්නේහය ' වෙන්න බැරිද?
Deleteඅපි හොයල බලමු.:):)
එයාගේ හොල්මන වගේම උඩරට ඉංග්‍රීසි නියෝජිතවරයා විදිහට හිටිය ජෝන් ඩොයිලිගේ හොල්මනත් වැව රවුමේ එහෙම යනවලු.....
ReplyDeleteඇහැලේපොල මහ නිළමේතුමා ගැන මේ කතාව එච්චරම දන්නවාද දන්නේත් නැහැ. ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් මරා දාලා අවුරුද්දක් යන්නත් කලින් ඇහැලේපොළ මහ නිළමේ දෙවෙනි වරටත් කසාදයක් කරගත්තා කියන එක.
තැන්ක්ස් හසිත.මම ඩොයිලි ගැනත් හොයලා ලියන්නම්කෝ....
Deleteඇහැළෙපොළ නිළමෙ ඝන ඒ කතාව ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ.බොහොම ස්තූතියි ඒ විස්තරය බෙදා හදා ගත්තට.
@ A.Wickz
Deleteඩොයිලි ගැනත් යමක් ලියන්න හිතාගෙන ඉන්නවා නම් මේ සටහනෙන් ඔයාට මොකක් හරි උදව්වක් ගන්න පුලුවන් වෙයි...
http://aagiyakatha.blogspot.com/2012/07/10.html
http://nishuoc.blogspot.com/2011/11/blog-post.html
ReplyDeleteඇත්තටම වැදගත් විස්තරයක්.මම ගොඩක් දේවල් දැනගත්තා.බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට.
Deleteshoook Niceeeee :)
ReplyDeleteThanks buddy!
ReplyDelete