Thursday, May 24, 2012

භූතා ( වාරණ හොල්මන ගැන ඇත්ත කතාව -එක කොටස )

හීන - අපි හැමෝටම එක එක ජාතියේ හීන තියනවා.බලහත්කාරයෙන් පාට තවරන්න හැදුවත්, ඒ හැම හීනයක්ම කළු - සුදුයි.කළු - සුදු විතරමයි .ඈටත් තමන් දැකපු හීනයක ලස්සනට පාට තවරන්න හිතෙන්න ඇති. ඒත් ඒ හීනය අතර මගදි බොඳවෙන බව ඈ දැනගෙන උන්නානම්.............?
මං දන්නැහැ.

පොස්ට් එක ලියන මේ මොහොතෙත් මගේ කාමරේ ජනේලයෙන් පේන්නේ ඈ රැකියාව කළ අයතනයේ අළුපාට වහළය.මොකද්දෝ හේතුවකට මට මීට කලින් මේ ගැන ලියන්න හිතුණේ නැහැ. සමහරවිට ඒ මං ඔය හැමෝම කියන හොල්මන ........හොල්මනක් වෙන්න කලින් ජීවත්ව ඉඳිද්දි ඇත්තට දැකලා තිබුණු නිසා වෙන්නැති. කට කතා ,ඕපාදූප කන්දරාවක් සත්‍ය සිද්ධිය යට ගහලා කියලනම් කියන්න පුළුවන්.කතාව පටන්ගන්න කලින් එක දෙයක් කියන්න ඕන.

' අවස්ථාවක් ලැබුණොත් ඕනම මනුස්සයෙක් ආදරය, ලිංගිකත්වය කියන මාතෘකාවල බොහොම ප්‍රාථමික විදිහට හැසිරෙයි.
පරිණාමණයවුණත්........
තාමත්....
මිනිස්සු....
ප්‍රාථමිකයි.....!'


[එක හා දෙක කොටසින් ඉදිරිපත් කරලා තියෙන්නේ මම මේ සිදුවීම දැනගත් හැටි සහ වැඩකට නැති විද්‍යාත්මක පසුබිම.ඒ ටික කියවන්න අකමැතිනම් කෙලින්ම තුන කොටසට යන්න. වෙනදා විදිහට කතාව තියෙන්නේ තුන කොටසේ]


එක කොටස

මීට අවුරුද්දකට විතර කලින් ; එදා සඳුදා දවසක් වෙන්නැති...මමයි මගේ යාළුවෝ තුන්දෙනෙකුයි ගම්පහ ඉස්ටේසමේ පළවෙනි වෙදිකාව උඩ්ට වෙලා වල්පල කතා කර කර බලාන හිටියේ උදේ පාන්දර මීදුම ඉරාගෙන දාරළුව පැත්තේ ඉඳන් කොළඹ යන කෝච්චියක් එනකං.මම තවමත් හරි හමන් රස්සාවක් නොකළත් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහළු මිත්‍රයෝ තුන්දෙනාම ඒ වෙනකොටත් හොඳ හොඳ රස්සා කළ උදවිය.
අපේ කතාව එක පාරටම නැවතුණේ කෝච්චිය ආ නිසානම් නෙවෙයි.......එක මිත්‍රයෙක්ගේ ජංගම දුරකථනයට ආපු ඇමතුමක් නිසා.මිත්‍රයගේ ප්‍රති උත්තර කතාබහට අනුව ඒක සාමාන්‍ය ඇමතුමක් නොවෙන බව අපට තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.

"සිරාවටමද.....? බොරු! කවදද?  කොහෙදිද.........?අම්මටසිරි නුවර එළියේ !"

තේරුමක් නැති වචන ගොන්න්කට පස්සේ ඇමතුම විසන්ධිකළ මිත්‍රයා අපි දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"අඩෝ.......අරූ මැරිලලු බං...."
                 "කවුද?"
"අරවින්දයා..."
                   "ඒ කිව්වේ......අපේ ඉස්කෝලේ හිටි එකාද?"
"ඔව් බං ."
                  "මොනවා වෙලාද?"
"උං ට්‍රිප් එකක් ගිහින් නුවරෑළියේ.එහෙදිලු මැරිලා තියෙන්නේ.තාම හරි විස්තරයක් දන්නේ නෑ"

"කව්ද අයියේ අරවින්ද කියන්නේ?"





එහෙම ඇහුවේ මම.අරවින්දලා කීප දෙනක් දැනගෙන හිටියත් මැරුණු අරවින්ද කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

"ඇයි බං උඹ දන්නැද්ද? අර අපේ ගමේ සුමාලි එක්ක කාලයක් යාළුවෙලා හිටියේ.මතක නැද්ද?"
මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ මැරුණු කෙනාගේ ගම් පැත්තෙම හිටි මිත්‍රයෙක්.

"හරි හරි මතකයි මතකයි.සුමාලි කියන්නේ අර නහයේ කරාබුවක් එහෙම දාගෙන ඉන්න අක්ක නේද?"
මැරුණු කෙනාව මගේ මතකෙට ආවේ එයාගේ පෙම්වතිය හරහා.ලස්සන රූපයක් තිබුණු හින්දදෝ එයා ටිකක් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හිටියේ.




"ගනිං බලන්න ***ට කෝල් එකක්. ඌනේ අරවින්දයගේ බොක්ක.ඌ දන්නවා ඇති සීන් එක "

එතන හිටිය තවත් යාළුවෙක් කිව්වා.ඊළඟ මොහොතේ ඇහුණේ කබල් චීන ෆෝන් එකක බොත්තම් එබෙන සද්දේ.ඒ අස්සේ කෝච්චියත් ආ නිසා අපි පුරුදු මැදිරියටම ගොඩවෙලා හිර නොවී ඉන්න රවුමක් හදා ගත්තා.කෝච්චිය ගමන් ආරම්භ කළාම ඒ ඝෝසාව මැද්දෙන් ආයෙත් ඇහෙන්න වුණේ තේරුම් ගන්න අමාරු වචන කෑලි පිරිච්ච දුරකථන සංවාදයක්.

"මොකද්ද බං ඇත්තටම වෙලා තියෙන්නේ?"
කුතුහලය පිටාර ගලන්නවුණු එක මිත්‍රයෙක් ඇමතුම අස්සෙම අහන්න වුණා.ඒත් ඒකට උත්තර හම්බවුණේ තවත් මිනිත්තු කීපයකට පස්සේ ඇමතුම විසන්ධිඋණාමයි .

"සිද්ධිය බරපතලයි බං.මැරිල තියෙන්නේ අරවින්දය විතරක් නෙමෙයි"
"එහෙනං?"
"සුමාලිත් මැරිලලු"

ඝෝෂාව මැද්දේ හීන් හඬින් කිව්වත් ඒ කී දෙයින් අපිත් ටිකක් පුදුම වුණා.

"මොනවා වෙලාද මැරිලා තියෙන්නේ?"
"මං දැං කතාකරපු ***යයි, අරවින්දයයි ,සුමාලියි උංගෙ සෙට් එකයි නුවර එළියේ ට්‍රිප් එකක් ගිහින්.ඔය කොහෙද මන්දා ගෙස්ට් හවුස් එකක නතර වෙලා. එහෙදි රෑ බාබකිව් දාලා තියනවා.රෑ සීතල වැඩිකමට බාබකිව් ෆයර් එක කාමරේ ඇතුළේ තියාන තමයි මුන් දෙන්නා නිදාගෙන තියෙන්නේ . ඒකෙන් පිටවෙච්ච විස වායුවක් නිසා මැරුණා කියලයි කියන්නේ.අරවින්දයානම් දොර ඇරගන්න හදද්දිලු මැරිලා තියෙන්නේ .මිනිය තිබිලා තියෙන්නේ කාමරේ දොර ගාවලු."

"මාර සීන් එකනේ.ඒත් මං හිතුවේ උන් දෙන්න දැන් තරහයි කියලා.මාර දවස්වලටමයි අපටත් නයිට් සෙට් වෙන්නේ.......මේ දවස්වල රෑටත් එක්ක වැඩ."
"එහෙනං උඹ පරිස්සං වෙයං.උඹත් කාලයක් සුමාලිට ට්‍රයි කළා නේද?බලාගෙන රෑ වෙලා ගෙදර යද්දි පස්සෙන් එයි"

කතා බහ අස්සෙම එළි වුණේ තවත් රහසක්.කොයිතරම් බැරෑරුම් දෙයක් වෙලා තිබුණත් ඒ කතාවට හිනා නොවී ඉන්න අමාරු වුණා.

"අනෙ පලයං බං.ඒ මං චූටි කාලෙදිනේ...."
_
_
_
_
_
_
_
_
_

එදා විහිළුවට කිව්ව ඒ කතාව අද යම් තරමකට ඇත්ත වෙලා ඉවරයි. මගේ මිත්‍රයගේ පස්සෙන් මේ වන තුරුත් ආවේ නැති වුණත් ගොරකදෙණිය පාරේ බොනෑගල කිට්ටුවදි කීප දෙනෙක්ටම ......... නුවර එළියේ කළුකැලේ සංචාරක නිකේතනයේ දී අවසන් ගමන් ගිය සුමාලි දකින්න ලැබිලා අවසන්.

තාම මම කතාව පටන් ගත්තේ නැහැනේ......දෙවනි කොටසේ තියෙන්නේ මරණය වෙන්න පුළුවන් මෙහෙමයි කියලා සැක කරන කතාව.ඒක ටිකක් විද්‍යාත්මකයි. නීරසයි කියලා හිතෙනවානම් දෙක කොටස skip කරලා කෙලින්ම තුන කොටසට යන්න. කතාව තියෙන්නේ තුන කොටසේ.


දෙක කොටසට
තුන කොටසට

12 comments:

  1. Replies
    1. බලන්න ...බලන්න...හැබැයි ටිකක් නීරසයි.

      Delete
  2. සුපිරියි බොස්...!
    දත් හිරිවැටෙන්න ලියලා තියෙනවා...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලසී...

      Delete
  3. ලස්සනයි හොදට ලියල තියෙනවා ..ඔය මරණ ගැන මට හොදට මතකයි ..මරුන දවස්වල එයාලගේ ෆොටෝ ත් එක්ක ඊ මේල් එකක් ඇවිත් තිබුනා ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මේ වගේ දෙයක් වෙයි කියලා අපි හිතුවේ නැහැනේ....ඔයාගේ බ්ලොග් එකෙත් ලස්සන හොල්මන් කතා තියනවනේ.මම මේ කියවන්නයි යන්නේ...

      Delete
  4. මමත් ඉන්නේ ගොරකදෙනියේ ... හරියටම ගොරකදෙනියේ පන්සල පහල ... ඉස්සර හවසට CTB බස එකේ ඔය අක්ක ගෙදර එනවා මමත් දැකල තියෙනවා ... ලස්සන girl කෙනෙක් ... සුමාලි නෙවේ නේද බන් නම ... මම දන්නා විදියට අමාලි වෙන්න ඕනි ... හැබැයි හොල්මනක් උනාට පස්සේ නම මම දැක්කේ නැ ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ....ඇත්ත නම අමාලි රාජපක්ෂ.මම ඇත්ත නමම දාන්න හොඳ නැති නිසයි ඔය නම දැම්මේ.දැන් ඉතින් ඔයා කියලා ඉවරයිනේ.අයියගේ ඇත්ත නම නං ඔන්න කියන්න එපා හොඳේ?

      Delete
  5. කොල්ලා විරාජ් මුදන්නායක නේද? ඕක හංගන්ඩ දෙයක් නැහැ. පත්තර වල දාලා තිබ්බනේ.

    ReplyDelete
  6. එතකොට මේ කියන්න යන්නේ ඇත්ත කතාවක්..දෙවෙනි කොටස බලන්නම ඕනා.

    ReplyDelete