Thursday, May 24, 2012

භූතා ( වාරණ හොල්මන ගැන ඇත්ත කතාව - තුන කොටස )

තුන කොටස




බොත්තම එබුවයින් පසු මද වේලාවක් කහිමින් සිටි ත්‍රී රෝද රිය තිහාරිය හන්දියෙන් ගොඩැල්ල පැත්තට හරවාගත් ජනානන්ද ජිනේට ආයුබෝවන් කීවේය.

"ජිනේ අයියා.......එහෙනං හෙට උදේම සෙට් වෙමු.මං යනවා."

"හරි හරි මලයා....මමත් ඊළඟ හයර් එකෙන් පස්සේ ගෙදර .හෙට උදේට සෙට් වෙමු."

ගොරකදෙණියට යන අන්තිම බසය යෑමට තවත් පැයකටත් වඩා තිබේ.පාරේ කවුරුවත්ම නැත.ඇතැම් තැනක පහන් කණුව ඇතත් පහන නැත.හාත් පසම අඳුරුය.තුන්සක රියෙහි ඉදිරි ලාම්පුව වැදී එළිය වන ගොල්ලක් අඳුරු වන්නේ නිමේෂයකිනි.ජනානන්ද ඒ තරම්ම වේගයෙන් රථය පදවයි.අසූවට පමණක් ඇති මීටරේ කටුව කෙලින් පාරේදී හැටෙන් පහළට යන්නේම නැත.හතළිහට පවා ආසන්න වන්නේ වංගුවක් අසලදී පමණයි.අත්තනගල්ල ඔය අසබඩ වගුරු බිම් පසු කළ පසු පාර තවත් පාළුය.අතරින් පතර පිහිටි දොර වසා ඇති ගෙයකින් පවා ඇසෙන්නේ පිරිත් හඬ පමණකි.


පසුගිය දින කිහිපය ඇතුළත අහන්නට ලැබුණු ආරංචි රැසක් ජනානන්දගේ හිස වටා කැරකෙයි.

'සුදු සාරියක් ඇඳලලු හිටියේ........බයික් එකට අතදාලා නැග්ගලු.කෙල්ලෙක්නේ කියලා දාගෙන ඇවිත් ගේ ළඟදි පිටිපස්ස හැරිල බැලුවහම නෑලු.....'
'ඔය නිල්පාට ඇඟිලි පාරවලුත් කර දෙපැත්තේ තිබුණාය කියන්නේ'

"බොරු කතා"
ජනානන්ද තමන්ටම කියා ගත්තේය.

නමුදු හිස තුළ කැරකෙන දේ නිමක් නැත.අවුරුද්දකට කලින් වූ ඒ සිදුවීම ජනානන්දට හොඳටම මතකය.නුවර එළියේ සංචාරක නිකේතනයේ දී අභිරහස් ලෙස මිය ගිය ඇය ගැන විවිධ කටකතා ප්‍රදේශය පුරා පැතිරිණි.එහෙත් ඇය ඉතා අහිංසක ගැහැණු ළමිස්සියක ලෙස ජනානන්දට මතකය.තමාගේ රියෙහිම දෙතුන් වරක්ම වැඩ ඇරී යන ඇය ගමන් කළ හැටි ඔහුට මතකය.රියෙන් බට පසු කට පුරා 'අයියා' කියා තමාට ගාස්තුව ගෙවූ ඇය සමුගත් අයුරුද ජනානදට සිහිවිය.

බොනෑගල පැත්ත කිට්ටුවත්ම තාරපාරේ ඇඳ තිබූ සුදු ඉරි වේගයෙන් රිය පසු කර පසු පසට ඇදෙනු ජනානන්දට පෙනෙන්නට විය.ඔහු කිටි කිටියේ ත්‍රී රෝද රියෙහි හැඬලය මිරිකාගෙන සිටියේය.සමන්තගේ මෝටර්සයිකලයට ඇය ගොඩ වී තිබුණේ බස්නැවතුම අසලදීය.ඉතා පාළු ඉසව්වක පිහිටි නැවතුම අසලදී කෙනෙකු තම සයිකලයට ගොඩකරගන්නට සමන්තට 'පිස්සු' විය යුතුය.

බොනෑගල - වාරණ භීතිකාව ඇති වුණේ ඇගේ පවුලේ උදවිය සුමනේ අයියාගේ රියෙන් හන්දියට ගියදා පටන්ය.
'පොඩි ගමනක් යනවා ' කීවද ඔවුන් ගිය ගමන රහසක් ලෙස පැවතුණේ නැත.මළවුන් ගෙන්වීම සාර්ථක වුවත් පැමිණි මළගිය ප්‍රාණකාරයා ආපසු යෑම ප්‍රතික්ෂේප කර තිබිණි.ඉන් පසු සිදු වූ විවිධාකාර අද්භූත සිදුවීම්............?

බොහෝ කොට සිදුවූයේ රාත්‍රියේ මහ මග ගමන් ගත් රථයකට අත දමා  ගොඩවන ඈ ටික දුරක් යනවිට අතුරු දහන් වීමයි.

තමාගේ දුප්පත් රියටත් ඈ අත දැමුවහොත්?

ජනානන්දගේ ගෙල දෙපසින් දහදිය බිඳු නැග ආවේය.
ඈතින් සුදු හුණු ගෑ කොට බිත්ති සහිත බස්නැවතුම පෙනෙන විට ජනානන්ද තුන්සක රියෙහි වේගය තවත් වැඩි කළේය.ඇංජිම ගැහෙන වේගයටත් වඩා වේගයෙන් තමාගේ හදවත ගැහෙන බව ඔහුට දැනිණ.හුස්ම මදකට සිර විය.බස්නැවතුම පසුවනවා පවා ඔහුට නොපෙනිණ.රිය ඒ තරම්ම වේගයෙන් ඉදිරියට ඇදිණ.වම් ඇහැ හරවා පැතිකණ්නාඩිය දෙස බැලූ ජනානන්ද අඳුරේ නොපෙනී යන සුදු පැහැය දෙස බලා සැනසුම් සුසුම් හෙළීය.රියෙහි වේගය ද මදක් අඩුවිය.

ඔහු හතරවෙනි වංගුවෙන් රථය හැරවූයේ ලේන්සුවෙන් බෙල්ල පිටුපස පිස දමමිනි.එහෙත් ඒ මොහොත!!!
 ඒ මොහොත ජනානන්දයේ මතකයෙන් කිසිදු දිනක අතුරු දහන් නොවනු ඇත. ත්‍රී රෝද රියෙහි ඉදිරි ලාම්පුවේ එළිය කෙලින්ම වැදුණේ පාරේ පසක සිටගෙන සිටි අයෙකුගේ මුහුණෙහිය.දීප්තිමත් පහන් එළිය හමුවේ ඇස් හකුළා ගන්නවා වෙනුවට ඒ ඇස් පහන් එළියටත් වඩා හොඳින් දිලෙන්නට විය.ඒ ඈ ය. ඇගේ මුහුණ හඳුනා ගන්නට ජනානන්දට තත්පරයක් ප්‍රමාණවත් විය .ඊළඟ නිමේෂයේදී රිය නවත්වන ලෙසට ඇගේ අත එසවිණි.
ජනානන්ද වම් අතින් ඇක්සලේටරය කැරකුවේ තව දුරටත් එය කරකැවීමට ඉඩ ඉතුරු නොවන පරිදිය. ඔහු භීතියෙන් උමතු වීමට ළංව උන්නේය.ඇය පසු වී ගියත් මෙවර ඔහු පැති කණ්නාඩිය බලන්නටවත් ප්‍රමාද නොවීය.
පසෙකින් ඇසුණේ රථයට සවිකළ රේඩියෝවෙන් නැගුණු පිරිත් හඬ පමණෙකි.

                                                                  
_
_
_
_
_
_
_
_
_
_

ජනානන්දට අමුත්තක් දැනිණ.තමා දෙස කිසිවෙක් බලා හිඳිනු දැනෙන්නට විය.රේඩියෝව නතර විය .'කැසට් එක ඉවර වෙන්න ඇති'ඔහුට සිතිණ.එහෙත් මොහොතකින් රේඩියෝව යළිත් ක්‍රියා කරන්නට විය .එහෙත් .........එයින් නික්මුණේ

මළ බෙර හඬකි.

ජනානන්ද හැරී පිටුපස ආසනය දෙස බැලීය.ඔහු මදකට ගොළුවිය.කෑගසා බෙරිහන් දෙන්නට වුවමනා වුවත් කළ නොහැකි විය.දිව පැටළුණි.ජනානන්ද දුටුවේ ඈ තමා දෙස බලා සිටින අන්දමයි.ඒ මුහුණේ වූ හැඟීම් වෙන්කොට ප්‍රකාශ කිරීම අපහසුය.

"අයියා........කඩේ ළඟට"

ඇගේ හුරු පුරුදු ළබැඳි කටහඬ -එහෙත් මළවුන්ගේ ආත්මීයභාවයක් තැවරුණු හදවත වෙව්ලුම් කවන ඒ කටහඬ - රත් පැහැ තොල් අතරින් නික්මෙනු ජනානන්ද සිහිනයකින් මෙන් දුටුවේය.තමා නොදැනුවත්වම ජනානන්දගේ දකුණු පාද තිරිංගයේ පහළටම තද විය.තුන් සකරිය නැවතිණි.ඉන් එළියට බට ජනානන්ද පාර දිගේ ඉදිරියට දුවන්නට විය



මීටර් දෙසීයයක් පමණ ඔබ්බෙන් වූ ඒ නිවසට ජනානන්ද කෙසේ දිව ආවාදැයි ඔහුට තවමත් අමතකය.කරදරයකින් තොරව තමන් දුටු පළමු නිවසට දිව ඒමට තරම් ජනානන්ද වාසනාවන්ත විය.

ඒ ඇය සම්බන්ධ අවසන් සිදුවීම නොවීය.තවමත් ......ඔව් තවමත්......එය හමාරයැයි ස්ථීරවම කියන්නට අප අපොහොසත්ය.අද රාත්‍රියෙත් බොනැගල පාරේ නිවෙස්වලින් පිරිත් හඬ ඇසෙනු ඇත.සමහර විට ඇය පිරිත් හඬ අසමින්ම මිනිසුන් විසින් විකෘති කළ තමන්ගේ මරණයේ සත්‍ය කතාව කියන්නට කෙනෙකු එනතුරු බලා හිඳිනු ඇත......




ගෞරවණීය මරණයක් අපේක්ෂාවෙන්........නොමළ මළ ආත්මයක් ලෙසින්.







ප:ලි:
1).සදාචාරාත්මක හේතුමත මෙම සිදුවීමට සම්බන්ධ සියළුම අයගේ නම් පමණක් වෙනස් කොට ඇති බව සලකන්න.( සති අග එක්තරා පුවත්පතක් සියළුම සත්‍ය නම් ඉදිරිපත් කොට තිබුණි ).

2).සිදුවීමේ සත්‍යතාවන් පිළිබඳ 100% විශ්වාස කළ නොහැකිය.මා ජීවත්වන ප්‍රදේශයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරක් ඇතුළත අදාළ ප්‍රදේශය පිහිටා ඇති හෙයින් දැනගන්නට ලැබුණු බොහෝ දේ ඉදිරිපත් කළෙමි.

3).මාරයා අයියා මේ ගැනම ලස්සන පෝස්ට් එකක් දාලා තිබුණා.තාම බලපු නැතු අය මෙන්න මෙතනින් ගිහින් බලන්න  .


23 comments:

  1. වෙනද වගේම කතාවනම් සුපිරී........:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිපුණි...

      Delete
  2. aga kilipola yanna kathawa liyala thiyenawa.patta

    ReplyDelete
  3. මට තාම ඕක බලන්න යන්න බැරි වුනානෙ... :(

    ReplyDelete
    Replies
    1. මමත් අහම්බෙන් ඔය පැත්තේ ගියේ.සාතන් අයියත් ගිහින් බලන්න.අහල පහළ උදවියනේ.සමහර විට මගදි හම්බ වෙලා බන්ටි ටොපියක් එහෙම ඉල්ලුවොත්....

      Delete
  4. MAMATH INNE THIHARIYE APATA LANGADI RATHIYAKA GORAKADENIYATA GIHIN ENNA UWAMANAWAK THIYANAWA. GIYATA KAMAK NEDDA?

    ReplyDelete
    Replies
    1. අවුලක් නැතිවෙයි මං හිතන්නේ.ඕනනම් තනියට මාත් එන්නම්..

      Delete
  5. කතාවනම් සිරා.. මේක රීඩර් එකේ මුලින් තිබ්බේ තුන් වෙනි කොටස ඉදන් පළවෙනි කොටස වෙනකන්.. මම ඒත් බැළුවා මොකෝ කියලා..

    ReplyDelete
    Replies
    1. මම මීට කලින් කතාවක් කොටස් විදිහට පළකරලා නෑනේ.ඒක ලින්ක් කරද්දි වුණු වරදක් දිනේෂ් අයියේ...less experience

      Delete
  6. wow...excellent but this is not good for heart patients...nice work dear....:) blood turned in to water......:)

    ReplyDelete
    Replies
    1. Thanks dear...
      then let put 'Not for the heart patients ' on the top of the post.lolz
      Thankz again!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සුපිරි ඈ... මම ජෝක් කථවක් කියල සෙට් උනේ බැලින්නම් ඇත්තම සීන් එකක්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තලුනේ...කියෙව්වට තෑන්ක්z

      Delete
  9. මන් නම් හිතන්නෙ හොල්මන් වලට බය අයට වෙන්නැති හොල්මන් පේන්නෙ අනේ මන්දා මම නම් මේකට බය උනා...

    ReplyDelete
  10. ආවට ස්තූතියි නිෂ්...ආයෙත් ඇවිත් බයවෙලා යන්න එන්න.....:D

    ReplyDelete
  11. කතාව නියමයි... ගතියටම ලියලත් තියනවා....

    ReplyDelete
  12. බොහොම ස්තූතියි ජිනේ...!

    ReplyDelete
  13. අම්මෝ බය හිතෙනවා හුගාක්.මේක ගැන මං පත්තරේ දැක්ක.ඒත් හොල්මන ගැන මේ දෙනුයි කියෙව්වේ .

    ReplyDelete
  14. දැන්නම් ඒ අක්කියා මේ පැත්තේ නැහැ.ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ.

    ReplyDelete
  15. මේ කතාව අස්සේ කතා ගොඩක් මගේ හිතේ මවෙන්න ගත්තා..ලස්සනයි.

    ReplyDelete