Sunday, April 29, 2012

මට කලින්නුඹට ආදරෙයි කියාලා.........




බම්බලපිටිය ඉස්ටේසමේ
ප්ලැට්ෆෝම් එකේ කෙලවර
මතකයි මම බලා උන්නා
ටෙරාසෝ බංකුව උඩ - හැමදාම - නුඹ එනකං

එම් සී එක පැත්තේ ඉඳන්
පද්ද පද්ද ආව උකුළ
ගස්සලා මගෙ ඇස් අද්දර
පෙන්නුවා හැඩ - හැමදාම - ආඩම්බරෙං

හිතේ තිබුණු දහසක් දේ
එක වචනෙට කැටිකරලා
අනේ මටත් නුඹේ කනට
කියාගන්න - පුළුවන් - වුණානං

වැහි වතුර වැටිලා කොලපාට පාසි බැඳිච්ච
බිත්තියක ඉස්ටේසමේ
තිබුණා එදා
නුඹෙ මූණ අලවලා අනිච්චාවතං - සංඛාරං



"දැන්වීම් ඇලවීම තහනං"


ප.ලි: "ඌ" = මාරයා

18 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දැන්වීම දිහා බලාගෙන,
    ඉන්නකොට ඇවිත් මං ගාවට,
    මතකයි අතින් ඇදගෙන,
    මුහුද පැත්තට දුවපු හැටි....

    වැටකෙයියා පඳුරකට,
    මුවා වෙලා හෙමිහිට,
    සීතලට ඉඹ ගත්තා,
    මතකයි දෙතොල් මගේ...

    මම බය වුනේ නෑ,
    දැනගෙන හිටපු හින්දා,
    මට ආදරේ බව,
    හුස්ම ගත්තත් , නොගත්තත්....

    ඒකයි මම තවම,
    හැම හැන්දෑවකම,
    ටෙරාසෝ බංකුව උඩ,
    ඔයා එනකන් බලං ඉන්නේ.....

    -- නොමැරෙන ආදරේ වෙනුවෙන්.... මගෙනුත් පුංචිම පුංචි සටහනක්..... --

    ReplyDelete
    Replies
    1. අපේ යුනියේ සම්ප්‍රදායට අනුව මට කියන්න තියෙන්නේ "ලොවෙත් සිරා මචං" කියලා තමයි...

      Delete
    2. උඹ ලියන ඒවා ගැන ඉතිං කියන්නම දෙයක් නෑ මචං!!! ඉස්සරහට හම්බෙන නිවාඩුවට බ්ලොග් එක පුරවපන් අලුත් කතා පෝලිමකින්...

      Delete
    3. ඒක මට විතරක් නෙවෙයි....උඹටත් අදාලයි මචං.......තව අතුරු කතා ටිකක් හරි ඕන....

      Delete
  4. පලමු පෙම වගේමය සත්‍ය පෙමත්..කිසිදා නොමිය්!

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වගේ.............?ආ..හා.....

      Delete
  5. Replies
    1. ඇයි "අනේ මංදා"?....ඇත්ත කියන්න, මොනවා හරි මතක් වුණා නේද?

      Delete
    2. හයියූ මට මොනා මටක් වෙන්නඩ හලේ....

      ඒක නෙමෙයි....
      ඔයා මහ අමාරුකාරයෙක් වගේම මහම මහ ආඩම්බරකාරයෙක්.....:)

      Delete
    3. සෑහෙන දෙනක් ඔය දේ මට කියල තියනවා.'ආඩම්බරය' ප්‍රාථමික මිනිසාගේ ඉඳන් තියන දෙයක්ලුනේ.මමත් සමහර වෙලාවට ප්‍රාථමිකයි.
      ඔයා බලාපොරොත්තු වෙන විදිහට ඊළඟට මම අහන්නේ "එහෙම කියන්න හේතුව?"
      :)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  6. පළමු පෙම සත්‍ය පෙමයි , වෙනත් සත්‍ය පෙමක් මට තවම හමුවී නැත

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි........පළමු පෙම-අන්තිම පෙමත් වේවා!

      Delete
  7. මම සෑහෙන වෙලාවක් පෝස්ට් එක දිගේ ඉහලටයි පහලටයි “ඌ“ව හෙව්වා... බැලින්නං ඌ ඉඳලා තියෙන්නේ ටයිට්ල් එකේ...!

    ReplyDelete
  8. එක සැරේම තේරුම ගන්න බැරි වුනා. පස්සේ තමා තේරුනේ මාතෘකාව ආයෙත් කියෙවුවහම.

    ReplyDelete
  9. වෙනස් කවියක්.. ලස්සනයි.

    ReplyDelete