Thursday, February 23, 2012

රතු


මට අද දුක හිතුණා...ඇත්තමයි.....

ඒකි අල්ලන් මයෙ අත් දෙක
අරුං ටික ඔකඳවෙන
සුදුපාට කකුල් දෙකට බරවෙලා
රෝස පැහැ ඇඟිලි තුඩින් ඉස්සිලා
කිව්වා කනට ළංවෙලා

" මම ආදරෙයි රත්තරං . ඇයි මට මෙහෙම දුක් දෙන්නේ ? මම......දැං කළුද ? "

දැන් තොපි ඇරන් කටවල්
බලාවි ස්කිරීන් එකට ළංවෙලා
මේකත් අර අර වගේ
ටුවිලයිට් සිද්ධියක්දෝ කියලා...

' රෙද්ද!'

මට හිතුණේ
එකම එක දෙයයි කෙල්ලේ

උඹ කල්ලෙක් වුණත්
උඹ සුද්දෙක් වුණත්
මගේ දිව හඳුනන්නේ
උඹේ කළු සුදු හමට යටින් ඇති - ඒ
රතු රුධිරයම විතරයි.........

අහාරයයි....ආදරයයි දෙකම මට එකයි බං.....

නෑ දුක හිතුණේ නෑ....ඇත්තමයි......

5 comments:

  1. Replies
    1. දෙයියන්ට කියලා වැඩක් වෙන්නෑ වගේ

      Delete
    2. එයාට ඉතින් කොහොම කිව්වත් වැඩක් නෑනෙ....:/

      Delete