Tuesday, January 31, 2012

ගොක්කොළ


"වේදනාව - අපේ ආත්මයන් දවන එක් සාධකයක් . ඒත් ආදරය - ඒ ගැන කියන්න නම් මම දන්නෙ නැහැ"

ඊයේ රෑ අටට විතර , ළඟදි විවෘත කරපු " නෙළුම් පොකුණ " රඟහල ඉස්සරහ ඉඳගෙන , හඳ එළිය වැටුණු විහාර මහා දේවි උද්‍යානය දිහා බල බලා ඉන්න වෙලාවේ මේ වේදනා බර ආදර කතාව කතාව මට කිව්වේ මගේ හොඳ යාළුවෙක්

ගොක්කොළ - ලා අඳුරේ කනත්තට යන පාර දෙපැත්තේ සිලි සිලි ගාලා හෙමිහිට හෙලවෙද්දි හදවතේ ගැස්මත් ටිකෙන් ටික වැඩිවුණේ - මොකද්දෝ කියාගන්න අමාරු හේතුවකට .
බෙල්ල දෙපැත්තෙන් පටන් අරගෙන පිට දිගේ පහළට ගලාගෙන ගිය සීතලක් රෝම කූප විහිදලා හිරිගඩු නංවන්න වුණා.නෑ - බස්සෙක්ගේ , උලමෙක්ගේ විලාපයක් ඇහුණේ නැහැ . එහෙම ඇහුණන නං කමක් නෑ . ඒක...................හුස්ම පොදේ ආවර්තය පවා වැඩිකරන මරණීය නිශ්ශබ්දතාවයක් .

මීරිගම ටවුමෙන් ගත්තු අලුත් සෙරප්පු ජෝඩුව වැලිපාරේ ඇතිල්ලෙන සද්දේ අනෝමට ඇහෙනවා ; හරියට පපුව හූරනව වගේ . උරහිසේ එල්ලගෙන ඉන්න ඇඳුම් මල්ලේ බර නොදැනෙන ගානයි .හිතේ බය ඒ තරමට වැඩියි . තබන තබන පියවරක් ගානේ ඒ ගමන් මල්ල පැද්දිලා ඇවිත් , කකුලේ වදින්න වුණා . විද්‍යාපීඨයේ නිවාඩු ලැබිලා , ගමට ඇවිත් බස් එකෙන් බහින කොටම වෙනදට තමන්ව ගෙදරට යනකං ඇරලවන්න බලාන ඉන්න හිනාවෙන් පිරුණු අතුලගේ මූණ එදා අනෝමට දකින්න බැරිවුණා .
පුංචි දුකකින් හිත වැහිල තිබුණත් තමන් කළේ හරි දෙයක් ය කියන හැඟීම අනෝමාව වෙලාගෙන තිබුණා . කලින් වතාවේ ගම ආවහම එයා ගැන අතුලට කිව්වේ ඒ නිසයි . පුංචි කාලේ ඉඳන් තමන් එක්ක එකටම හිටිය වුණත් , මීරිගම විද්‍යාපීඨයෙදි මුණගැහුණු එයා - ළඟ අතුලට වඩා විශේෂත්වයක් අනෝමා දකින්න ඇති . කඩවසම් බව ,මුදල් , රොමැන්ටික් ආදරය , අනෝමාව අතුල ළඟින් 'එයා' ළඟට තල්ලු කළා .
වෙනදා මුණගැහෙන දොළ ළඟ කුඹුක් ගහට හේත්තු වෙලා ඉන්නකොට අනෝමා අතුලට එයා ගැන හෙමින්සැරේ කිව්වා . ඒත් - අනෝමා බලාපොරොත්තු වුණු විදිහට අතුල කලබල කළේ නැහැ .

" හොඳයි "
ලොකු හුස්මක් ඉහළට ඇදලා ගත්තු අතුල කීවේ එච්චරයි.ඊට පස්සේ හේත්තුවෙලා හිටි තැනින් නැගිටලා වැලිපාර දිගේ හෙමින් හෙමින් යන අතුල දිහා අනෝමා බලා හිටියේ හැඟීමකින් තොරවයි .අන්ධකාරේ මුකුත් හරිහැටි නොපෙනුණත් මේ ඒ වැලිපාරම බව අනෝමට දැනුණා . වංගුවෙන් හැරුණු නිසා කනත්ත නොපෙනී ගිහින් තිබුණත් අනෝමා පිටිපස්ස හැරිලා බැලුවේ හිත එහෙම කරන්න කියලා බල කළ නිසයි .- කවුරුවත් නැහැ -ආයෙත් සෙරප්පු ජෝඩුව වැලිපාර දිගේ ඇතිල්ලෙන්න වුණා . ඒත් පියවර දෙක තුනකට වඩා ඉස්සරහට යන්න අනෝමට ඉඩ ලැබුණේ නැහැ.
කොණ්ඩය පිටිපස්සට වැදුණු හුළඟකින් කෙහෙරැළි පාවෙලා ගියා . අනෝමා පිටිපස්ස හැරිලා බැලුවා .
" අතුල ! "
තමන්ගේ බෙල්ල පිටිපස්සට කටින් පිඹපු අතුල දිහා අනෝමා බැලුවේ පුදුමයෙන් .අතුලගේ පැමිණීම ඇය අපේක්ෂා නොකළ දෙයක් .
" මමනං හිතුවේ නැහැ ආයේ කවදාවත් ඔයා මාව එක්කරගෙන යන්න එයි කියලා "
ඒ අනෝමාගේ කට හ"වේදනාව - අපේ ආත්මයන් දවන එක් සාධකයක් . ඒත් ආදරය - ඒ ගැන කියන්න නම් මම දන්නෙ නැහැ"

ඊයේ රෑ අටට විතර , ළඟදි විවෘත කරපු " නෙළුම් පොකුණ " රඟහල ඉස්සරහ ඉඳගෙන , හඳ එළිය වැටුණු විහාර මහා දේවි උද්‍යානය දිහා බල බලා ඉන්න වෙලාවේ මේ වේදනා බර ආදර කතාව කතාව මට කිව්වේ මගේ හොඳ යාළුවෙක්

.ගොක්කොළ - ලා අඳුරේ කනත්තට යන පාර දෙපැත්තේ සිලි සිලි ගාලා හෙමිහිට හෙලවෙද්දි හදවතේ ගැස්මත් ටිකෙන් ටික වැඩිවුණේ - මොකද්දෝ කියාගන්න අමාරු හේතුවකට .
බෙල්ල දෙපැත්තෙන් පටන් අරගෙන පිට දිගේ පහළට ගලාගෙන ගිය සීතලක් රෝම කූප විහිදලා හිරිගඩු නංවන්න වුණා.නෑ - බස්සෙක්ගේ , උලමෙක්ගේ විලාපයක් ඇහුණේ නැහැ . එහෙම ඇහුණනනං කමක් නෑ . ඒක...................හුස්ම පොදේ ආවර්තය පවා වැඩිකරන මරණීය නිශ්ශබ්දතාවයක් .

මීරිගම ටවුමෙන් ගත්තු අලුත් සෙරප්පු ජෝඩුව වැලිපාරේ ඇතිල්ලෙන සද්දේ අනෝමට ඇහෙනවා ; හරියට පපුව හූරනව වගේ . උරහිසේ එල්ලගෙන ඉන්න ඇඳුම් මල්ලේ බර නොදැනෙන ගානයි .හිතේ බය ඒ තරමට වැඩියි . තබන තබන පියවරක් ගානේ ඒ ගමන් මල්ල පැද්දිලා ඇවිත් , කකුලේ වදින්න වුණා . විද්‍යාපීඨයේ නිවාඩු ලැබිලා , ගමට ඇවිත් බස් එකෙන් බහින කොටම වෙනදට තමන්ව ගෙදරට යනකං ඇරලවන්න බලාන ඉන්න හිනාවෙන් පිරුණු අතුලගේ මූණ එදා අනෝමට දකින්න බැරිවුණා .
පුංචි දුකකින් හිත වැහිල තිබුණත් තමන් කළේ හරි දෙයක් ය කියන හැඟීම අනෝමාව වෙලාගෙන තිබුණා . කලින් වතාවේ ගම ආවහම එයා ගැන අතුලට කිව්වේ ඒ නිසයි . පුංචි කාලේ ඉඳන් තමන් එක්ක එකටම හිටිය වුණත් , මීරිගම විද්‍යාපීඨයෙදි මුණගැහුණු එයා - ළඟ අතුලට වඩා විශේෂත්වයක් අනෝමා දකින්න ඇති . කඩවසම් බව ,මුදල් , රොමැන්ටික් ආදරය , අනෝමාව අතුල ළඟින් 'එයා' ළඟට තල්ලු කළා .
වෙනදා මුණගැහෙන දොළ ළඟ කුඹුක් ගහට හේත්තු වෙලා ඉන්නකොට අනෝමා අතුලට එයා ගැන හෙමින්සැරේ කිව්වා . ඒත් - අනෝමා බලාපොරොත්තු වුණු විදිහට අතුල කලබල කළේ නැහැ .

" හොඳයි "
ලොකු හුස්මක් ඉහළට ඇදලා ගත්තු අතුල කීවේ එච්චරයි.ඊට පස්සේ හේඉත්තුවෙලා හිටි තැනින් නැගිටලා වැලිපාර දිගේ හෙමින් හෙමින් යන අතුල දිහා අනෝමා බලා හිටියේ හැඟීමකින් තොරවයි .අන්ධකාරේ මුකුත් හරිහැටි නොපෙනුණත් මේ ඒ වැලිපාරම බව අනෝමට දැනුණා . වංගුවෙන් හැරුණු නිසා කනත්ත නොපෙනී ගිහින් තිබුණත් අනෝමා පිටිපස්ස හැරිලා බැලුවේ හිත එහෙම කරන්න කියලා බල කළ නිසයි .- කවුරුවත් නැහැ -ආයෙත් සෙරප්පු ජෝඩුව වැලිපාර දිගේ ඇතිල්ලෙන්න වුණා . ඒත් පියවර දෙක තුනකට වඩා ඉස්සරහට යන්න අනෝමට ඉඩ ලැබුණේ නැහැ.
කොණ්ඩය පිටිපස්සට වැදුණු හුළඟකින් කෙහෙරැළි පාවෙලා ගියා . අනෝමා පිටිපස්ස හැරිලා බැලුවා .
" අතුල ! "
තමන්ගේ බෙල්ල පිටිපස්සට කටින් පිඹපු අතුල දිහා අනෝමා බැලුවේ පුදුමයෙන් .අතුලගේ පැමිණීම ඇය අපේක්ෂා නොකළ දෙයක් .
" මමනං හිතුවේ නැහැ ආයේ කවදාවත් ඔයා මාව එක්කරගෙන යන්න එයි කියලා "
ඒ අනෝමාගේ කට හඬ .
" නෑවිත් බැරිවුණා "
මද සිනහවක් මුහුණට එක්කරගන්න ගමන් අතුල පැවසුවා .
" මම ඉස්සරවෙලත් පිටිපස්ස හැරිලා බැලුවා . ඒත් ඔයාව දැක්කේ නැහැ"
ඇඳුම් මල්ල යළිත් වරක් උස්සා උරහිසේ රඳවාගනිමින් අනෝමා පැවසුවා .
" මම අරෙහේ හිටියේ "
කනත්ත දිහාවට අත දික්කරන ගමන් අතුල කිව්වා .
" කොහෙද ? කනත්තෙද? "
"ඔව්................."
ඇස් ලොකුකරමින් අනෝමා ඇහුව ප්‍රශ්නෙට අතුල උත්තර දුන්නේ සරල විදිහට .
" ඔයා දැන් හරි විහිළුනේ කරන්නේ "
අතුලගේ කීම විශ්වාස නොකරන ස්වරූපයෙන් අනෝමා පවසන්න වුණා .
" විහිළු නෙමෙයි , ඇත්තමයි කිව්වේ ........කෝ.......දෙන්න ඔය බැග් එක .මම ගෙනියන්නං "
අනෝමාගේ උරහිසේ රැඳිලා තිබුණු ගමන් මල්ල අතුලගේ අතට මාරුවුණා . අතුලත් අනෝමත් කතාබහෙන් තොරවම වැලිපාර දිගේ මද දුරක් ඇවිදගෙන ගියා .

අනෝමාට තනිකමක් දැනුණේ නැහැ . තමන් අතුලත් එක්ක ආදරයෙන් බැඳී හිටිය ඒ අතීතයට අදාල ස්මාරක පාර දෙපැත්තේ ඕන තරම් තිබුණා - අන්ධකාරයෙන් වැහිලා වුණත් . වෙන්වුණු පෙම්වතුන් තව මොනවා කතා කරන්නද ? දෙදෙනා අතර නිහැඬියාව ඒකේ ප්‍රතිඵලයක් වෙන්න ඇති . තමන්ට තමන් ගැනම වෛරයක් ඇතිවුණත් දෙදෙනෙක්ට එකවර ආදරය කරන්න තමන් සමත් නොවන බව අනෝමා දැනසිටියා .ටිකෙන් ටික අතුලත් අනෝමත් සේන්දු වුණේ දොළ ඉවුරේ කුඹුක්ගහ ළඟට .
හදිසියෙම නතරවුණු අතුල තමන්ගේ අතේ තිබුණු ගමන් මල්ල අනෝමා දෙසට දිගුකළා .
" ඇයි මේ ?"
ඇහිබැමි රැළි කරගත් අනෝමා විමසුවා .
"මට මෙතනින් එහාට යන්න බැහැ අනෝමා "
මුහුණ බිමට හරවාගත් අතුල කිව්වා.
"ඒ ඇයි ? "
ගමන් මල්ල දෙස නෙත් යොමා බලන අතරතුර අනෝමා විමසුවා .
"එදා අපි වෙන්වුණේ මෙතනදි .ඉතිං මට මෙතනින් එහාට ඔයා එක්ක යන්න අවසර නැහැ.මම දැං යන්න ඕන "
ගමන් මල්ල තව තවත් අනෝමා දෙසට දිගුකරන ගමන් අතුල පැවසූ දෙයින් අනෝමාගේ කුතුහලය ඇවිස්සුණා .නමුදු තවත් කිසිවක් නොවිමසූ අනෝමා අතුල දිගුකරගෙන සිටි ගමන් මල්ල තමන්ගේ අතට ගත්තා . ඒ මොහොතේ අතුලගේ අතැඟිලි අනෝමාගේ අතෙහි ස්පර්ශ වුණා . එහි වූ අසාමාන්‍ය වියළි හීතල අනෝමා තිගැස්මකට ලක්කරන්න ඇති . තවත් වරක් තමන් දිහා ආදරයෙන් බැලූ අතුල - එදා තමාගෙන් සමුගෙන ගිය අයුරින්ම ඇවිද යන සැටි ඇය බලන් හිටියා .

ආපසු හැරුණු අනෝමා නැවතත් ඉදිරියට යන්නට වුණා . අතුලගේ හැසීරීම අනෝමා වික්ෂිප්ත කරන්නට හේතුවී තිබුණා .යන අතරමග දී තම නිවසට ප්‍රථමව අතුලගේ නිවස හමුවූවත් අන් දිනවලදී , එහිද නොනැවතී තමා සමගම පැමිණෙන අතුල , එදින අතරමග දී අපසු හැරී විරුද්ධ දෙසට යාම අනෝමාට ප්‍රෙහේලිකාවක් වී තිබුණා .
වියහැකි සියක් දේ සිතමින් ගමන් කළ අනෝමාට අතුලගේ නිවස අසලදී දක්නට ලැබුණේ කිසිවිටකත් උපකල්පනය නොකළ දෙයක් .
වත්තට ඇතුළු වන කඩුල්ල අසල සිට අතුලගේ නිවස දක්වා සරසා තිබුණේ දින කිහිපයක් පරණවී ගිය සිහින් ගොක්කොළ තීරුවලින් . කඩුල්ලට ඉහළින් වූ උස අඹ අතු දෙකක් අතර ඇද තිබුණු සුදුපාට බැනරය දුටු අනෝමාගේ අතින් බරැති ගමන් මල්ල ගිලිහී වැලිපාර මත වැටුණා .



"අතුල ආරච්චිගේ තරුණ මහතාට නිවන් සැප ලැබේවා !"



සුළඟ සමග එක්වූ බැනරය අන්ධකාරයේ අනෝමාගේ හිසට ඉහළින් ලෙලෙන්නට වුණා .